හඬවන්නේ ඇයි මාව රහසින්
සඟවන්න ඔය නුරා බැල්මන්
තහනම් හීනයේ දෑස යාවුනේ
සනසන්න ඔය දෙතොල් පහසින්
නැලවෙන්න මා ගාව රහසින්
තහනම් නේද මේ මැරුණු ආත්මයේ
සීමා නෑ මායිම් නෑ
දෑසින් කී කතා නිමාවෙන්න නෑ
සීමා නෑ මායිම් නෑ
තරු ඇස් කී කතා නමක් දුන්නේ නෑ
හැම රෑම ළඟ ඉන්න සිහිනෙන්
සැනසෙන්න ඉඩදෙන්න සුවඳින්
එක්ටැම් ලොවක නෑ පැතූ ආදරේ
හුරතලෙන් දැවටෙන්න ආසයි
හිත ළඟම තනිවෙන්න ආසයි
සරදම් ඕනේ නෑ පාලු ජිවිතේ
සීමා නෑ... මායිම් නෑ....
නන්නාදුනන ලෙසින් ඔබ ඉන්නේ ඇයි දුරින්
උතුරනා ආදරෙන් තෙමන්න දෝ ලවන්
රෑ අහසේ පායලා තරු වසන්නේ කෝම මං
පියා ගන්නෙමි ඇස් යන්න හීන අරන්
සීමා නෑ... මායිම් නෑ....
- Abisheka Wimalaweera -