ඔයා දිහායි බලන් හිටියේ ඇස්. .පියනොහෙලා මෙතෙක් වෙලා
ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා
අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත් වෙලා
සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
සිටියේ මං තිගැස්සිලා ඔයත් ටිකක් වෙනස් වෙලා
තනිවුණ කුසුමක තනිකම මැකුවෙත් ඔබ විතරක් හින්දා
දවසෙම හිනැහුණු හිත හැම රෑකම තනියෙන් ඉකිබින්දා
අකලට කඳුළින් නා කපනා වැහි වැස්සුවේ මං හින්දා
ගෙන යන්නම් කැන්දා
අපි වෙනුවෙන් අපි තනියම හිටි හැටි අපිවත් දන්නෑ
ලොවට හොරෙන්..කළ කී දේවල් කවුරුත් දන්නෑ
මගේ ලොවට ඔබ හැර වෙන සැලසුම් මට කිසිවක් නෑ
ආයෙත් අපි තනිවෙන්නෑ.....
ඔයා දිහායි බලන් හිටියේ ඇස්.. පියනොහෙලා මෙතෙක් වෙලා
ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා
අපේ හීන වලින් ඔයා.. ගියා කියා ඉවත් වෙලා..
සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
සිටියේ මං තිගැස්සිලා.. ඔයත් ටිකක් වෙනස් වෙලා.
Artist/s Dayasiri JayasekaraGayani Madhusha
Lyrics Madawa Hewawasam
Music Madawa Hewawasam
කිසිවකු රිදවා හිනැහෙනු බැහැ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුබ පතමි
ඔබටද ඔහුටද සුබ පතමි



වංගු උඩින් ගලනකොටයි ගඟක් ලස්සන....
සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන....//
ලස්සන ඔය ඇස් දෙක මගෙ සිත මත් කෙරුවා
මුහුනෙ තියන සිරියාවට මං වහ වැටුනා
ගැස්සෙන ඔය ඇහි බැම ඇස් ලඟ දඟ කරනා
දඟ කරනා මගේ හිතට ඉඟියක් පෑවා
රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා
එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
හිතාගත්ත ඔයා වෙන්නෙ මගෙමයි කියලා
අකැමති වුනොතින්.......අනිවා උස්සනවා
කෙල්ලෙක් දම්මල එයාගෙ කැමැත්ත ඇහුවා
අකැමති කිව්වම සෙට් එක පස්සෙන් යැව්වා
කැටයම් දාලා නංගගේ ආදරෙ හෙව්වා
අන්තිමේදි නංගා මට කැමතියි කිව්වා
අපි දෙන්නා පෙම් කෙලියේ බස් පෙම් මුල්ලේ
කල් යනකොට love එක මට ඇති යැයි සිතුනේ
නවත්තන්න හැදුවත් ඈ බෑමයි කිව්වේ
රෙජිස්ටාර් එක්කන් අපෙ ගෙදරට ආවේ
-Heavy Dust-
(Lyrics-Nohim Ys)










මන්දාරම් වැහි පොද හිරිකඩ
මගේ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වගතුග
මතක අගුළු හැර දාලා....
වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උණු කඳුළැලි
වියළි දෙතොල් මත වැටුණා.....
පැහැසර ඔබේ ආදරේ
මන්දාරම් අදුරේ වෙළි
සැගවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ......
මැළවුනු මගේ දෙතොලෙහි රැදි සැඟවුනු තතු
හැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනා නගනයුරු මට කියාදී යන්න
උමත්ව හද විලාප දෙන හඩ අහගෙන ඉන්න
බිදකට ඇවිදින් මගෙ ළය මට ඔය සවන තියන්න
centigradez