පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
සඳුන් මේ ටිකේ දැන් චාමරගේ සින්දුවගේ :ඩී:

හේ හේ

දැන් චාමරයගෙ සින්දු ඇතිවගේ වෙනස් කරන්න oනි
 
Jan 15, 2009
9,238
368
0



බජාර් එකේ ලලක්කා
කොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා කාගෙත් වත ගොත රැක්කා
සිල් අර ගත්තා පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායම් හොඳ හැටි දන්නවා අක්කා

මම ගැණුත් දක්කා ඒවගෙ ගැණු නොදැක්කා
හුරු බුහුටියි හැඩකාරයි ගැණි ලලක්කා

~ජොලි Cයා ~

:eek::eek::eek:
 
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
ඊය මරු වෙනස:eek:

ඇයි මචන් ඒක එළකිරි සින්දුවක් නෙ :lol: ඕකට තමයි කියන්නෙ ගින්දර වෙනස කියලා :eek:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ
ගහ වටේ නටන මඳ සුළගට බැන වදින්නදෝ
ගඟ ගලා බහින දා දෝතින් රදා ගන්නදෝ
කොයිඅතේ ගොහින් මම මේ සිත හදාගන්නදෝ


ROHAN SHANTHA BULEGODA
 
Jan 15, 2009
9,238
368
0


පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනීවූ තරුවේ
ඈ නැ මා සෙවණේ

තනි තරුවේ ඔබ විලසින්
තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නැ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ

මද පවනේ රැඳි විලසින්
හඩ තාම ඇසේ ඇයගේ
රැ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ......


~ විජය කුමාරණතුංග ~


 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අම්මේ

අම්මේ
යන්ට එපා දුරු රටකට
කවුරුත් නෑ මගෙ තනියට
එහෙම කලෝතින් හොදනෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතුහට

උඩින් පියාඹා කරණම් ගසනා මිග් යානා මට ඕනේ නෑ
බිමින් ඇදී යන වටේට කැරකෙන මෝටර් කෝච්චි ඕනේ නෑ
ඇස් දෙක නටවන ගි කියමින් යන බෝනික්කන් මට ඕනේ නෑ
ඒව්වා ඔක්කෝම ගේනවා කිව්වත් නුඹේ පුතා රැවටෙන්නෑ

පාටින් පාටට කොළ අලවා උඩ යවන සරුංගල් හරි හැඩනේ
ලෑලි කැබලි ටින් පතුරු යොදාලා හදන කරත්තය මට අගනේ
ඔබේ අතින් මට ලුණුයි බතුයි දෙක අනලා කැව්වත් හරි රසනේ
ඔබේ තුරුල්ලේ උණුසුම අම්මේ විසිතුරු ලෝකෙට වැඩි සැපනේ

අම්මේ
යන්ට එපා දුරු රටකට
කවුරුත් නෑ මගෙ තනියට
එහෙම කලෝතින් හොදනෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතුහට


ROY
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හිතුවක්කාරී නුඹ නම් සොඳුර
අනෙ
හිතුවක්කාරයි නුඹ තාමත් සොඳුර මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරුයි මේ දීගේ

හිතුවක්කරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත් කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ
හිතුවක්කරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත් කාරෙන් ඉන්නට බෑ අනෙ වාවාගෙන වේගේ

බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර
මෝසම් සුළඟක් ආවොත් නුඹනම් ගහගෙන යයි සොදුර
තාවකාලිකයි අහංකාරකම් කොන්වී යන අතර
සදා කාලිකයි දැහැමි චාම් කම ඉගෙන ගනින් සොදුර

හිතුවක්කාරී නුඹ නම් සොඳුර
අනෙ
හිතුවක්කාරයි නුඹ තාමත් සොඳුර මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරුයි මේ දීගේ

හිතුවක්කරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත් කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ

සරුංගලේ ලස්සන දිස් වන්නේ උඩුගුවනේ විතරයි
නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනි කෙළියයි
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණ කෙළියයි

හිතුවක්කාරී නුඹ නම් සොඳුර
අනෙ
හිතුවක්කාරයි නුඹ තාමත් සොඳුර මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරුයි මේ දීගේ

හිතුවක්කරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත් කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ
හිතුවක්කරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත් කාරෙන් ඉන්නට බෑ අනෙ වාවාගෙන වේගේ

joli cyada?
 
Jan 15, 2009
9,238
368
0


ඔබ මගේ වෙලා
මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න
ආදරේ කියා
ආදරේ කියා

සඳමඩල වෙලා
තරු ළඟට වෙලා
කියා....දෙන්න ආදරෙයි කියා
කියාදෙන්න ආදරෙයි කියා

මල් පිහාටුවක් නෙළලා
නිල් වරල සරසලා
හිතපුරාම ආදරේ අරන්
කියාදෙන්න ජීවිතේ තරම්

තුනු විලම මලින් සරසා
මල් විලම කලඹලා
ඔබ එනවද ජීවිතේ අරන්
කියාදෙන්න ආදරේ තරම්.......

:nerd::nerd::nerd:

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කිරි කෝඩු සමනළි

කිරි කෝඩු සමනළි
ආදරයේ මහ ගිරි දඹ නඟින හිරි මලී
ඔය වන්දනාවේ නඩේගුරා කවුද සුන්දරී
කිරි කෝඩු සමනළි

Saman Jayanath
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රෑ ආකාසෙට

රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ


පින්නට බය වෙන්න එපා..
සීතලයි තමා ඒත් ඒ කඳුල නොවේ..
ඒ සිතලට උණුසුම්ව ආදරේ කරන්න

මම මියෙන තුරා
මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා
රෑ අහසට ආයේ
මිය යමු එකතැන
ආදරයේ නාමෙන්
සසර පුරුද්දට
පෙර වාගේ


රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ


පින්න අයිති රැයටයි,
රැය අයිති සදටයි
සද අයිති අපටයි..


මම මියෙන තුරා
මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා
රෑ අහසට ආයේ
මිය යමු එකතැන
ආදරයේ නාමෙන්
සසර පුරුද්දට
පෙර වාගේ


Ranindhu
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
inyourface.gif


ඔබ මගේ වෙලා
මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න
ආදරේ කියා
ආදරේ කියා

සඳමඩල වෙලා
තරු ළඟට වෙලා
කියා....දෙන්න ආදරෙයි කියා
කියාදෙන්න ආදරෙයි කියා

මල් පිහාටුවක් නෙළලා
නිල් වරල සරසලා
හිතපුරාම ආදරේ අරන්
කියාදෙන්න ජීවිතේ තරම්

තුනු විලම මලින් සරසා
මල් විලම කලඹලා
ඔබ එනවද ජීවිතේ අරන්
කියාදෙන්න ආදරේ තරම්.......


කවුද බන් මේක කියන්නේ
blackeye.gif
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ


    මම මියෙන තුරා
    මගෙ දිවිය පුරා
    ඔබ යන්න එපා
    රෑ අහසට ආයේ
    මිය යමු එකතැන
    ආදරයේ නාමෙන්
    සසර පුරුද්දට
    පෙර වාගේ


    Ranindhu
    mokadda ane mey sinduwa? :eek::nerd: matath dennako pls
     
    Status
    Not open for further replies.