පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0


තනි තරුවේ....තනි තරුවේ
ඔබත් ඔහොම ඔතන ඉන්න
මමත් මෙහෙම මෙතන ඉන්නවා

නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලලි ඇලලි
මෙතක් දුරක් එක්වී පැමිණී

තනි තරුවේ....තනි තරුවේ
ඔබත් ඔහොම ඔතන ඉන්න
මමත් මෙහෙම මෙතන ඉන්නවා

මහද අරණෙ ලතැවි ලතැවි
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත වැකිලා සැනසී

තනි තරුවේ....තනි තරුවේ
ඔබත් ඔහොම ඔතන ඉන්න
මමත් මෙහෙම මෙතන ඉන්නවා


තනි තරුවේ....තනි තරුවේ......

~ වික්ටර් රත්නායක ~

 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මා සුළඟට කියූ දේ ඇහුවෙ කවුද නුඹ තමයි
    එහෙවු නුඹට නොදැනුනේ නුඹට දුන්නු හිත තමයි
    මගේ කියා මට තිබුනේ
    ඒ එක හිත විත‍රමයි
    විත‍රමයි ඒ විත‍රමයි
    ඒ එක හිත විත‍රමයි
    විත‍රමයි ඒ විත‍රමයි

    ~ ශශිකා නිසංසලා
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ආ මඟ කෙටියි යා යුතු මග දුරයි
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි

    ~දමයන්ති ජයසූරිය~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ප්‍රේමි අරවින්දයක් වෙලා
    සුවඳ දී හැරයන්න නම් එපා
    සිඹිමි හරි ආදරෙන් වෙලා
    ඔබමට මේ ලොව සුරඟනක් වෙලා
    :lol::lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඒ කාලෙ සිද්ධ වෙච්ච කතාවක් මේ
    නියම වීරයෙක් එයාට කියන්නේ
    අස්සයාගෙ පිටින් එයා ගමන් යයි
    එයාට කවුරුත් කිව්වෙ කවුද බෝයි


    අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ
    ඇයි එයාට අසාධාරණේ පෙන්නන්න බැරි
    එහෙම තමයි ඒ කාලෙ වීර පුරුෂයෝ
    ඒ වාගෙ වීරයො අද කාලේ නෑ


    ~කවුද බෝයි~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ ඈත සද වී පායා
    මම මෑත තරුවක පිපිලා
    මේ නිසල රැයේ ලොව නිදනා
    මා ඔබ ඔබ මා ළග ඉන්නා

    බණ්ඩාර අතාවුඩ
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    හදවත පාරන සොදුරු හැගුම්
    හිරකරගෙන හිටියා ඇති දැන්
    සවනට ලන්වි ආදරයෙන්
    කියන්න කාලය දැන් ඇවිදින්

    ඇසට ඇස තියා බලාන ඉන්න
    ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
    නිමක් නැතිව මල් හාදු පුදන්න
    හිනා වෙලා මගේ පෙම පිලිගන්න

    කදුලු පිස දමා සිනහා නගන්න
    අදුරු ලොවට මිණි පහනක් වෙන්න
    සන්සාරෙම මගෙ වෙලා ඉදින්න
    මගේ පෙම පිලිගෙන අවසර දෙන්න
     
    Jan 15, 2009
    9,238
    368
    0


    කවියක් වී තොල් පෙති මත මුමුනන්න
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
    දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න්න
    සඳ සාවී ඔබ හද කුටියට එන්න

    ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
    තනුවකි ගීයකි මිහිරිය රැඳූනාම
    සංසාරෙම සුවඳදේවි බැඳූනාම
    සඳ දෙව්දුව යන්න එපා නොකියාම

    කඳූළු තාම නෙතු අද්දර නොදැනේද
    බිඳූණු දාක මට තරවටු නොම වේද
    රිදුම් එපා පෙම්කළ හිත කිසිදාක
    ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක

    අසංක ප්‍රියමන්ත
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුන්දරයි එදා වගේ
    බොලද වදන් තවමත් ඒ වගේ
    වෙනසක් මට නෑ දැනුනේ
    තනිකම පමණයි ඇත්තේ


    රුක්ෂාන්
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මාලී සිහින කුමාරි
    පාවේ නිම් නැති යාමේ
    පවනේ සැලෙනා රහසේ
    අඳූරේ සරනා සෙනෙහේ

    පවනේ රහසේ කොඳූරා හද සසලන්නේ
    උණුසුම් සුසුමයි පාවී ගත දැවටෙන්නේ
    දෙනෙතේ සැඟවී නොපෙනී ඈ කොයි යාදෝ

    අඳූරේ රහසින් සැලෙනා පිණි කඳූලක්දෝ
    පින්නේ ඇදෙනා දිළෙනා සඳ කිරණක්දෝ
    මා දෑසේ මැවූ සේයා මායාවක්දෝ

    මාලී සිහින කුමාරි
    පාවේ නිම් නැති යාමේ
    පවනේ සැලෙනා රහසේ
    අඳූරේ සරනා සෙනෙහේ.....

    ~ ආත්මා ලියනගේ ~

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සත් මහලින් බැස එන්නම්
    ඔබ මා පිළිගන්නව නම්
    ආදරයෙ පියගැට පෙල පාර කියාවී
    මහ පොළවට පිළිගන්නම්
    සිටු සැප හැර එනවානම්
    ඡීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොදවේවි


    නිරෝෂා විරාඡිනී සහ කරුණාරත්න දිවුල්ගනේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිත පුරා සසලයි හැගුම්
    කදුළු ඇස ගෙන දෙයි රිදුම්
    නොතේරෙන කවියක් වගෙයි මට ඡීවිතේ

    නොගෙන සැක සංකා සිතින්
    සිහි කරන් බුදු ගුණ නිතින්
    නුඹේ සිත සන්සුන් තැනක් වෙයි මගෙ දුවේ

    දීපිකා ප්‍රියදර්ෂණී සහ හැරිස් විඡේසිංහ
     
    Status
    Not open for further replies.