මද නලට කියා ඇතත් ඔබ සමග කියා නැතත්
මම ඔබට නොකී මේ කතන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියාදෙන්න තවත්
හිත කියයි සොඳූර දැන් නිරන්තරරේ
ආයේ... පවන සමග මුමුණ මුමුණ මා හිමින් සැරේ
කීවේ... සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ
ආයාසේ මා නොකී කතා මාගේ හදේ රැඳී තියේ
ආරාධනේ.. දෑසේ රහසේ
මම නිබඳ දකින නිසා
සිත එය අයදින නිසා
කීවේ සිතක සුවඳ ඔබට ගෙනෙන මේ කතන්දරේ
මා ආවේ ආදරේ සොයා පාරාදීසේ ඔබේ ලොවේ
පාවී ගියේ.. මාගේ සිහිනේ
මම කියනු ලබැඳි කතා
තව ඔබට සබැඳී වෙලා
ආයේ පවන සමග මුමුණ මා හිමින් සැරේ
මද නලට කියා ඇතත් ඔබ සමග කියා නැතත්
මම ඔබට නොකී මේ කතන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියාදෙන්න තවත්
හිත කියයි සොඳූර දැන් නිරන්තරරේ
ආයේ... පවන සමග මුමුණ මුමුණ මා හිමින් සැරේ
කීවේ... සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ...
~ රූකන්ත ගුණතිලක ~
මං ආසම සින්දුවක්