පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    ඔව් අයියේ ගොඩක් ස්තූතියි.....
    ගොඩක් වටිනවා ඒ සිංදු.....අද උදේ ඉදන් දවල් වෙනකල් ඒ ටික තමා දිව්වේ....
    :shocked: :shocked: :shocked: ඔහෙ සින්දු දුවනවද..?:baffled: :baffled: මලා..:rolleyes: ගැට ගහල තියන්න වෙයි :yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    coolnishan said:
    දවසක් තියේවී වෙන් වුන ඔබ මා
    නැවතත් මුණගැසෙනා
    කඳුලක් තියේවී මා ළඟ එදිනේ
    ඔබේ නමින් ගලනා

    නටුවෙන් කඩලා මල විසිකල විලසේ
    වරදක් නැතත් ඔබ මට පිටු පෑ දවසේ
    වල්මත් උනා මා අසරන පෙම් පියසේ
    මට තාම නොදැනේ මොනවා උනාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ

    හිනැනෙනවා ඔබ මා හඬනා දවසේ
    නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ
    දවසක් ලබාවී ඔබටත් මට වාගේ
    මට තාම නොදැනේ මොනවා උනාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ....


    අයියේ මෙම ගීතය ගායන කරන්නේ කවුරුන් විසින්ද?
    හැකිනම් ගීතයෙහි එම්පී3 ය ලබා දිය හැකිද?
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    coolnishan said:
    :shocked: :shocked: :shocked: ඔහෙ සින්දු දුවනවද..?:baffled: :baffled: මලා..:rolleyes: ගැට ගහල තියන්න වෙයි :yes:

    හි..හි :lol::lol: ගැට ගහලා තියෙද්දිත් දුවනවනේ.....ඒකනේ ප්‍රශ්නෙ....:rofl::P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් පොකුරු පොකුරු ඇය එන මඟ
    ඈ දෙසටම නැමීයන්
    මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
    මල් පොකුරට ලැබීයන්

    - වික්ටර් රත්නායක -
     
    Jan 15, 2009
    9,238
    368
    0


    අද අමුතුම රැයකී
    හොඳ සීතල පැයකී
    අඳූරු වලා වැලකී
    මගෙ හිත සතුට දකී

    ගණ නිල් වරල ඉමේ
    මල් සුවඳකි එන්නේ
    හද විනිවිද යන්නේ
    නෙත් සිත පිබිදෙන්නේ

    අද අමුතුම රැයකී
    හොඳ සීතල පැයකී
    අඳූරු වලා වැලකී
    මගෙ හිත සතුට දකී

    නිලුපුල් වැනි දෑසේ
    සැතපී ඇති රහසේ
    තේරුම තෝරලා
    දෙනු මැන හිනැහීලා

    අද අමුතුම රැයකී
    හොඳ සීතල පැයකී
    අඳූරු වලා වැලකී
    මගෙ හිත සතුට දකී

    සුළලිත මුදු වරලේ
    අඩවන් සඳ බැබලේ
    නාදළුවන් කොතලේ
    බිහිවෙයි මධූ කොතලේ

    අද අමුතුම රැයකී
    හොඳ සීතල පැයකී
    අඳූරු වලා වැලකී
    මගෙ හිත සතුට දකී

    ~ අමරණීය ජෝති ~


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නොබලන් කුමරිය නිසසල මා දෙස
    සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින්
    නොසැලුනු මා ලොව කලඹනු නොහැක ඉතින්

    ලදකගෙ සෙනෙහස නොපතමි කිසිදා
    නිදහස අගයන්නෙම්
    ලදකගෙ සෙනෙහස නොපතමි කිසිදා
    නිදහස අගයන්නෙම්
    නුරා පිරුණු නෙත වෙනතක දල්වා
    සමුගත මැනවි ඉතින්

    සුපුරුදු තනිකම පාළුව මිහිරියි
    හිදිනෙමි සැනසිල්ලෙන්
    සුපුරුදු තනිකම පාළුව මිහිරියි
    හිදිනෙමි සැනසිල්ලෙන්
    ආදර රැහැනින් ම හද වෙලන්නට
    ඔබ හට නොහැක ඉතින්

    ටී.එම්.ඡයරත්න
     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3pium said:
    අයියේ මෙම ගීතය ගායන කරන්නේ කවුරුන් විසින්ද?
    හැකිනම් ගීතයෙහි එම්පී3 ය ලබා දිය හැකිද?

    මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කරන ලද ලස්සන සිංදුවකි...
    නිශාන් කොලූවා දැක නොතිබුනොත් මට කියන්න... මං දෙන්නම්
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    අයියේ මෙම ගීතය ගායන කරන්නේ කවුරුන් විසින්ද?
    හැකිනම් ගීතයෙහි එම්පී3 ය ලබා දිය හැකිද?
    මිල්ටන් මල්ලවාරච්චි - දවසක් තියේවී

    ගීතය බාගත කිරීමෙන් අනතුරුව ඔබගේ මුදල් පහත අංකයට බැර කරන්න

    123456789
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:
    මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කරන ලද ලස්සන සිංදුවකි...
    නිශාන් කොලූවා දැක නොතිබුනොත් මට කියන්න... මං දෙන්නම්
    ගොඩක් ස්තූතියි අයියෙ... හම්බවුණා


    coolnishan said:
    මිල්ටන් මල්ලවාරච්චි - දවසක් තියේවී

    ගීතය බාගත කිරීමෙන් අනතුරුව ඔබගේ මුදල් පහත අංකයට බැර කරන්න

    123456789

    ගොඩක් ස්තූතියි අයියේ...
    හා හා මං බැර කොරඤ්ඤංකො....:rofl:
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල සරසා ගෙන මල් නැළවෙනකොට එ මල දුටුවෙ මමයි
    හිමි කාරයා මමයි..ඒ මගේ මලයි..ඒ මගේ මලයි
    මල වට කරගෙන මල් හිනැහෙන කොට ඒ ළඟ හිටියේ මම යි
    හිමි කාරයා මමයි..ඒ මගේ මලයි..ඒ මගේ මලයි

    පිය ගැට මුදුනින් පිටුපා යන කොට ආපහු හැරී බලා....
    හිනැහුනේ මටයි...
    හිනැහුනේ මටයි...
    හිමි කාරයා මමයි..ඒ මගේ මලයි..ඒ මගේ මලයි
    උඩ මහ මළුවේන් වැදගෙන එනකොට යන්නට ඉඩ හැරලා ..
    අත වැනූවෙ මටයි..
    අත වැනූවෙ මටයි
    හිමි කාරයා මමයි..ඒ මගේ මලයි..ඒ මගේ මලයි

    මගේ මලයි ..
    හිමි කාරයා මමයි
    ඒ මගේ මලයි.. නෑනෑනෑ
    හි
    මි කාරයා මමයි..
    නෑනෑනෑ..නෑනෑනෑ
    හිමි කාරයා මමයි..නෑනෑනෑ..නෑනෑනෑ
    ඒ මගේ මලයි..

    --රනිල් මල්ලවරාච්චි & හර්ශ බුලත්සිංහල--
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳසේ නිලම්ඹරේ...............
    පායා ආ පාවී..
    ඔබ ආවෙ නැතී දවසම පාළුයි
    තරහක් නෑ මං ආයේ
    හිත රිදවන්න එපා ආදරේ
    සඳසේ නිලම්ඹරේ


    -අසංග ප්‍රියමන්ත-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිණි කැටක් දිලේ
    හිරු රැසක් වැදී
    නෙතු පියා ගන්න ඔබගේ
    බොඳ වාළකුළින්
    නෙක දූලි තුඩින්
    හිරු නිවිය හැකිද අහසේ


    මිණි කැටක් දිලේ
    හිරු රැසක් වැදී
    නෙතු පියා ගන්න ඔබගේ
    බොඳ වාළකුළින්
    නෙක දූලි තුඩින්
    හිරු නිවිය හැකිද අහසේ

    නා දෙදළු සැලී
    මුවකමල පෙනී ඔබගේ
    දක්වලා දසන් එමුවේ
    නොම එළිය කරන්
    දස අතම ලොවේ
    මට එයම පමණි ඇත්තේ

    හදේ ගිමන් නිවා
    දිවියේ සරතැසද මකා
    සිසිලසක් දෙමින් මනසේ
    හද අඟුළු දමා නුඹ එතුළ හොවා
    රැක ගනිමි නුඹව නිතිනේ
    රැක ගනිමි නුඹව නිතිනේ
    රැක ගනිමි නුඹව නිතිනේ........


    -අංජු-

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සඟවන්න එපා හසරැල්
    දල්වන්න එපා ගිනි දැල්
    ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
    මගෙම හැඟේ ඔබ නම්

    සද එළිය වගේ ඇවිදින්
    හද නොපැතු දිනක රහසින්
    බැස නොයනු ම'සිත් අහසින්
    අත පොවනු නොහැකි දුරකින්

    සිලි සිලිය පවා සුළඟින්
    තනි මැකුවෙ ඔබේ සුවදින්
    මේ දිවිය අතරමගකින්
    මග නතර නොකොට හිනැහෙන්

    ~කරුණාරත්න දිවුල්ගනේ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සයුරක පෙණ කැටි
    වෙරලේ වැතිර වැටි
    හැඩුවේ ඔබටයි මටයි
    උරෙනුර ගැටි ගැටි
    ඇවිදන් ගිය හැටි
    මට තවමත් මතකයි


    - භද්‍රජි මහින්ද ජයතිලක -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ මල පිබිදුණු නිල් කඳුරැළ්ලක
    රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක
    හසරැල් කැල්මක දුක් කදුරැල්ලක
    තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක

    -- සුනිල් එදිරිසිංහ & නන්දා මාලනී --

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ජීවිතය මට උරුම කරදී
    ළය ලෙයින් කිරි කර පෙවූ
    ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
    ඔබයි මගේ අම්මා..
    ඔබයි මගේ අම්මා..

    දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
    තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
    ඔබයි අප්පච්චී..
    ඔබයි අප්පච්චී

    මුවරද සරි ඔබෙ ආදර සෙනෙහෙන්
    පහස ලබන්නම් මගෙ අම්මේ
    පහස ලබන්නම් මගෙ අම්මේ
    අම බිඳු සරි ඔබෙ නැන ගුණ ගඟුලෙන්
    පවස නිවන්නම් අප්පච්චී
    පවස නිවන්නම් අප්පච්චී

    අඳුරේ බොඳවන මගේ ලෝකයේ
    හිරු සඳු වූයේ ඔබ දෙපළයි
    හිරු සඳු වූයේ ඔබ දෙපළයි
    ගව් ගනනක් දුර ජීවිත සසරේ
    සැනසුම වූයේ ඔබ දෙපළයි
    සැනසුම වූයේ ඔබ දෙපළයි

    ජීවිතය මට උරුම කරදී
    ළය ලෙයින් කිරි කර පෙවූ
    ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
    ඔබයි මගේ අම්මා..
    ඔබයි මගේ අම්මා..

    දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
    තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
    ඔබයි අප්පච්චී..
    ඔබයි අප්පච්චී


    -සංජය කුමාරසිංහ-


    DL & Feel Love :Jeewithaya Mata.mp3 (4.47 MB)
     
    Status
    Not open for further replies.