පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
අන්තිමට දාපු එක අහන්න :yes:

හරිම ලස්සන සිංදුවක් අමිල.. කවුද මේ සංජය කුමාරසිංහ? සංගිතයත් නියමයි අහන් ඉන්න හරිම ආසයි.. මං හිතන්නෙ ඉන්ගිරීසි මැන්ඩලීනය වෙන්න ඕනි වාදනය කරන්නෙ.... ගිටාර් එක නෙමෙයි වගේ ... කොහොම උනත් හරිම ලස්සනයි... බොහොම ස්තුතියි අමිල ....
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sandun thilaka said:
හරිම ලස්සන සිංදුවක් අමිල.. කවුද මේ සංජය කුමාරසිංහ? සංගිතයත් නියමයි අහන් ඉන්න හරිම ආසයි.. මං හිතන්නෙ ඉන්ගිරීසි මැන්ඩලීනය වෙන්න ඕනි වාදනය කරන්නෙ.... ගිටාර් එක නෙමෙයි වගේ ... කොහොම උනත් හරිම ලස්සනයි... බොහොම ස්තුතියි අමිල ....
මගේ යාලූවෙක්..මම දැක්ක ටැලන්ටඩ්ම personal...ම්ම්ම්හ් මැන්ඩලීනය තමයි අර චූටි එක..පොඩි වයලීන් එකක් වගේ

Dineka Me Mawathe.mp3
මේකත් අහන්න
 
Jan 15, 2009
9,238
368
0


ශාන්ත මේ රෑයාමේ දේ කුමුදු මලේ සිරියා
සඳ කාන්ති වැදී සෞම්‍යා
එයි නැගී ප්‍රේම තරංගා
එයි නැගී අර ප්‍රේම තරංගා
මේ අමා දහරේ
නෙක තුරු ලිය නැලවෙන්නේ
මේ සීතල මද පවනේ

~ පණ්ඩිත් අමරදේව ~


 
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
මගේ යාලූවෙක්..මම දැක්ක ටැලන්ටඩ්ම personal...ම්ම්ම්හ් මැන්ඩලීනය තමයි අර චූටි එක..පොඩි වයලීන් එකක් වගේ

Dineka Me Mawathe.mp3
මේකත් අහන්න

එහෙනම් මගෙ කන් දෙක තාම හොඳට වැඩ කරනවා ... අපේ පැත්තෙ හාදයෙක් ද? මේ සිංදුවත් හොඳයි... හැබැයි අර මුල සිංදුව තරම්ම හිතට වැදුනෙ නෑ.. ස්තුත්යි අමිල මේ සිංදුවටත්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගේ අගේ ඔබ මටමැ අගේ..

- නන්දා මාලනී -
 
Jan 15, 2009
9,238
368
0


මංගලිකා මනාලිකා උඹ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
යන්න එපා කෝපවෙලා ඉන්න වේවි සෝක වෙලා
ආදරවන්තියේ මගේ

කොහේ ගියත් මුදල් හොයන් ගෙදර එනවනම්
මම එනකොට එන්නෙත් ලොකුවට මල්ලක් පුරවන්
බත් උයලා කොස් උයලා කන්න දුන්නෙ මං
මෙන්න බොලේ මේ යෝධිට මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා
ගියොත් ආයෙ එන්න එපා

රන් මිණිමුතු දෙකන් තෝඩු ගෙනල්ල දෙන්නම්
රන් පට සළු සාරි ඔසරි තෑගි කරන්නම්
යන්න කැමති සෑම තැනම එක්ක ගියේ මං
මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා
ගියොත් ආයෙ එන්න එපා

මංගලිකා මනාලිකා උඹ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
යන්න එපා කෝපවෙලා ඉන්න වේවි සෝක වෙලා
ආදරවන්තියේ මගේ
......

:oo::oo::oo:

 
Last edited:

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:


    මංගලිකා මනාලිකා උඹ නොදැකා ඉනු නොහැකා
    සේපාලිකා මලක් වගේ
    යන්න එපා කෝපවෙලා ඉන්න වේවි සෝක වෙලා
    ආදරවන්තියේ මගේ

    කොහේ ගියත් මුදල් හොයන් ගෙදරවනම්
    මම එනකොට එන්නෙත් ලොකුවට මල්ලක් පුරවන්
    බත් උයලා කොස් උයලා කන්න දුන්නෙ මං
    මෙන්න බොලේ මේ යෝධිට මං එපාලු දැන්
    අනේ සුදෝ යන්න එපා
    ගියොත් ආයෙ එන්න එපා

    රන් මිණිමුතු දෙකන් තෝඩු ගෙනල්ල දෙන්නම්
    රන් පට සළු සාරි ඔසරි තෑගි කරන්නම්
    යන්න කැමති සෑම තැනම එක්ක ගියේ මං
    මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන්
    අනේ සුදෝ යන්න එපා
    ගියොත් ආයෙ එන්න එපා

    මංගලිකා මනාලිකා උඹ නොදැකා ඉනු නොහැකා
    සේපාලිකා මලක් වගේ
    යන්න එපා කෝපවෙලා ඉන්න වේවි සෝක වෙලා
    ආදරවන්තියේ මගේ
    ......

    :oo::oo::oo:


    :lol::lol::lol: අයියටත් මේ වෙලාවට අහන්න මතක් වෙන සිංදු
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ලොව දවනා කියමන්
    ඔබ විඳීනා අවමන්
    ඔබ හෙළනා සුසුමන්
    හෙට වෙනවා අවසන්
    ඔබ දෙදෙනා එක් වෙනවා

    හමුවෙලා ලං වෙලා
    වෙන්වෙලා යනවා
    ලතවෙලා දුක්වෙලා
    එක්වේදෝ සිතුවා
    ගල්පර ඔස්සේ බාධක මැද්දේ
    පෙම් ගඟ ගලා ගියා

    ලොව දවනා කියමන්
    ඔබ විඳීනා අවමන්
    ඔබ හෙළනා සුසුමන්
    හෙට වෙනවා අවසන්
    ඔබ දෙදෙනා එක් වෙනවා


    ඔබ මගේ මා ඔබේ
    මතකද ඔබ කීවා
    හෙට දිනේ ඔහු ඔබේ
    තුරුලේ නැලවෙනවා
    යළි වෙන් නොවෙනට මල් මල් ලෝකෙට
    හෙට ඔබ පියඹනවා

    ලොව දවනා කියමන්
    මා විඳීනා අවමන්
    මා හෙළනා සුසුමන්
    මා විඳීනම් තනියෙන්
    ඔබ දෙදෙනා එක් වෙනවා....


    ~ නොයෙල් රාජ් ~


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සද එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිදින්න මගෙ ඇසි පිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

    අප නැතැයි කියා මැරුණද ගස් වැල් සම්පත
    ගග නතර වුණා දැයි කියන්න මුව දොර නොම දැක
    අප නැතැයි කියා මැරුණද ගස් වැල් සම්පත
    ගග නතර වුණා දැයි කියන්න මුව දොර නොම දැක
    පසුතැවෙන අපේ සිත් තනිකර ලොව දුර ගමනක

    මේ නුවර එදා වගෙමයි අපි පෙමින් ඇවිද ගිය
    මුහුණු වර දන්න ගස්වැල් අප නැතත් පදුරුලන
    මේ නුවර එදා වගෙමයි අපි පෙමින් ඇවිද ගිය
    මුහුණු වර දන්න ගස්වැල් අප නැතත් පදුරුලන
    ඡීවිතය කියා දී එක දෙක පරමල් හිනැහෙන

    ක්‍රිෂාන්ත එරන්දක
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සමණලියා මනලොලියා
    සුකුමලියා පා මුදු දා
    මාලා ලා පාට සළු පළඳාලා
    සඳ නැගෙනා වේලාවේ
    කොහෙද දො මේ

    සුරූපි කුමාරි සිනාසී පාන ඔමරි ලතාවේ
    රෑ යාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා
    යහනාවේ පාළු මග හරවාලා

    සමණලියා මනලොලියා
    සුකුමලියා පා මුදු දා
    මාලා ලා පාට සළු පළඳාලා
    සඳ නැගෙනා වේලාවේ
    කොහෙද දො මේ

    විඩාලූ සරාගී හිනාවේ හීය සිත බැඳූනා දෝ
    රෑ යාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා
    යහනාවේ පාළු මග හරවාලා

    සමණලියා මනලොලියා
    සුකුමලියා පා මුදු දා
    මාලා ලා පාට සළු පළඳාලා
    සඳ නැගෙනා වේලාවේ
    කොහෙද දො මේ....

    ~ ආත්මා ලියනගේ ~






     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇඳි පෙම් සිතුවම්
    බොඳකර ලන්නට ඇයි ඔබ සිතුවේ
    මකාදමා දෙසිතක සටහන්

    වියැකී යන්නට සැරසුනු මල දැක
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    වියැකී යන්නට සැරසුනු මල දැක
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    මලේ සුවඳ ගෙන මලට හොරෙන්

    යළිදු පතන්නට පැතුම් පෙලක් නැත
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    යළිදු පතන්නට පැතුම් පෙලක් නැත
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්


    ~ ජගත් වික්‍රමසිංහ
    DL:
    Jagath Wickramasinghe - Isuru Kodewwe
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    thilzz said:
    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇඳි පෙම් සිතුවම්
    බොඳකර ලන්නට ඇයි ඔබ සිතුවේ
    මකාදමා දෙසිතක සටහන්

    වියැකී යන්නට සැරසුනු මල දැක
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    වියැකී යන්නට සැරසුනු මල දැක
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    මලේ සුවඳ ගෙන මලට හොරෙන්

    යළිදු පතන්නට පැතුම් පෙලක් නැත
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    යළිදු පතන්නට පැතුම් පෙලක් නැත
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්


    ~ ජගත් වික්‍රමසිංහ
    sis song eka denawada..?
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    sandun thilaka said:


    මංගලිකා මනාලිකා උඹ නොදැකා ඉනු නොහැකා
    සේපාලිකා මලක් වගේ
    යන්න එපා කෝපවෙලා ඉන්න වේවි සෝක වෙලා
    ආදරවන්තියේ මගේ

    කොහේ ගියත් මුදල් හොයන් ගෙදර එනවනම්
    මම එනකොට එන්නෙත් ලොකුවට මල්ලක් පුරවන්
    බත් උයලා කොස් උයලා කන්න දුන්නෙ මං
    මෙන්න බොලේ මේ යෝධිට මං එපාලු දැන්
    අනේ සුදෝ යන්න එපා
    ගියොත් ආයෙ එන්න එපා

    රන් මිණිමුතු දෙකන් තෝඩු ගෙනල්ල දෙන්නම්
    රන් පට සළු සාරි ඔසරි තෑගි කරන්නම්
    යන්න කැමති සෑම තැනම එක්ක ගියේ මං
    මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන්
    අනේ සුදෝ යන්න එපා
    ගියොත් ආයෙ එන්න එපා

    මංගලිකා මනාලිකා උඹ නොදැකා ඉනු නොහැකා
    සේපාලිකා මලක් වගේ
    යන්න එපා කෝපවෙලා ඉන්න වේවි සෝක වෙලා
    ආදරවන්තියේ මගේ
    ......

    :oo::oo::oo:

    එහෙනම් කෙල්ලගේ නම මංගලිකා නේද..?:rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දිගු නෙත් හසරැල්ලේ
    මා සැනසුණ දවසේ
    මේ නෙතු නවතා
    මා හිත අමතා
    හිරු හිනැහුණ උදයේදී
    ආදරයද මට කීවේ

    - දයාරත්න පෙරේරා -
     
    Status
    Not open for further replies.