පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔබ මගේ වෙලා
    මගෙ ලඟට වෙලා
    නිවාඩු පාඩුවේ කියන්න
    ආදරේ කියා

    ......
    කියා දෙන්න ආදරේ කියා


    සිරා සිංදුව
    මැක්සා විදියට කියනව
    ලිරික්ස් නම් ඉතින් ගොන් ජොක් එකක් වගේ උනාට
    සින්දුවනම් සිරාම සිරා
    :yes::D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යගයයි
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස
    පද - සුනිල් ආරියරත්න
    නාද - රෝහණ වීරසිංහ
    ගැයුම - නන්දා මාලිනී
    11.gif
    11.gif
    11.gif
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    විසිරුණු සමන් මල් අග මුතු පියලි කැට
    දහසක් යොදුන් ගෙව ආවත් පොළව මත
    ලෙසින් ගමන අවසානෙක ගිමන් හැර
    ඔබයි ම සිත සොයනා රූ දසුන් ඇස......
     
    Jan 15, 2009
    9,238
    368
    0
    විකසිත වත කමලේ
    නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සඟලේ
    සිත සිතුවිලි සසැලේ
    ලඳුනේ මා පතනා
    සිහිනේ හද සැළුනා

    ඈත නීල අහසේ
    පාට දේදුනු දහසක් පායාලා
    මාගේ ජීවිතේ සැනකෙළියක් වාගේ
    ඒ... ආදරේ

    විකසිත වත කමලේ
    නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සඟලේ
    සිත සිතුවිලි සසැලේ
    ලඳුනේ මා පතනා
    සිහිනේ හද සැළුනා


    දෑසේ සිහින රේකා
    කීවෙ නෑසූ රහසක් කොඳූරාලා
    මාගේ ජීවිතේ මල් උයනක් වාගේ
    ඒ... ආදරේ

    විකසිත වත කමලේ
    නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සඟලේ
    සිත සිතුවිලි සසැලේ
    ලඳුනේ මා දකිනා
    සිහිනේ හද පිරුණා
    .........

    ~ සනත් නන්දසිරි ~


     
    Jan 15, 2009
    9,238
    368
    0



    Soy un hombre muy honrado,

    Que me gusta lo mejor
    Las mujeres no me faltan,
    Ni el dinero, ni el amor
    Jinetenado en mi caballo
    Por la sierra yo me voy
    Las estrellas y la luna
    Ellas me dicen donde voy
    Ay, ay, ay, ay
    Ay, ay mi amor
    Ay mi morena,
    De mi corazón

    Me gusta tocar guitarra

    Me gusta cantar el son
    Mariachi me acompana
    Cuando canto mi canción
    Me gusta tomar mis copas
    Aguardiente es lo mejor
    También el tequilla blanco
    Con su sal le da sabor
    Ay, ay, ay, ay
    Ay, ay mi amor
    Ay mi morena,
    De mi corazón

    Me gusta tocar guitarra

    Me gusta cantar mi son
    Mi mariachi me acompaña
    Cuando canto mi canción
    Me gusta tomar mis copas
    Aguardiente es lo mejor
    También el tequilla blanco
    Con su sal le da sabor
    Ay, ay, ay, ay
    Ay, ay mi amor
    Ay mi morena,
    De mi corazón
    Ay, ay, ay, ay
    Ay, ay mi amor
    Ay mi morena,
    De mi corazón

    Google
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කලා සොලස පිරි පුර හද
    අතැරගොසිනි සිය ප්‍රියබද

    එදා දෙඩූ මුදු වදන් අසන්නට
    බලා හිදී සිත පිලිසිද
    අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
    ඔබ හැර?

    දීපිකා ප්‍රියදර්ශණී පීරිස්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සදයි තරුයි නිසංසලේ අහස ගොළුවෙලා
    ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනිවෙලා

    මල් යායේ බමරු නටයි ලොවම ලස්සනයි
    සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි
    බිඟු නාදේ මදු වෑහේ එකම ගීතයයි
    මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

    කදු යායේ බොද මීදුම් සළු රටා දිගේ
    දසුන් මැවේ මායාවකි එයද මට අගේ
    හමු වූයේ වෙන්වන්නද හද සුසුම් නැගේ
    වෙන් වූවේ හමුවන්නද යළි සසර මගේ

    ~සෝමසිරි මැදගෙදර~
    රීපෝස්ට්
     
    Jan 15, 2009
    9,238
    368
    0

    අමකර පුරවි සරින් තෙපළු මධුර කතා
    නිමකර නොසිතු ලෙසින් ඔබය සුවය ගෙනා


    ~ w. ප්‍රේමරත්න ~

    thankz acm 4 thiz song
     
    Jan 15, 2009
    9,238
    368
    0



    මුතු කඳූලින් දෙනෙත පිරී සොඳූරු සැඳෑවේ
    මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ
    මුතු කඳූලින් දෙනෙත පිරී සොඳූරු සැඳෑවේ
    මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ
    පාට වළාවෙන් රන් අහස සිනාසේ

    අපට කියාල ඉඩක් කොහේදෝ
    නිදහස පිරි තැන් කොතැන තියේදෝ
    අපට කියාල ඉඩක් කොහේදෝ
    නිදහස පිරි තැන් කොතැන තියේදෝ

    බොහෝ කලක් ගෙවී ගිහින් නොදුටු සිනහවෙන්
    කොපුල් තෙමා ඉකි නොබිඳීම් ලද නිමේශයෙන්

    මුතු කඳූලින් දෙනෙත පිරී සොඳූරු සැඳෑවේ
    මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ
    මුතු කඳූලින් දෙනෙත පිරී සොඳූරු සැඳෑවේ
    මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ
    පාට වළාවෙන් රන් අහස සිනාසේ

    සුසුම් හෙළාලා පලක් තියේ දෝ
    කරදර සෝ දුක් මැකී ගියේදෝ
    සුසුම් හෙළාලා පලක් තියේ දෝ
    කරදර සෝ දුක් මැකී ගියේදෝ

    අනාගතේ කෙසේ නගා ගමුද සිතාලා
    සිනාසිසී යමු දුර මංපෙතක් සොයාලා...

    මුතු කඳූලින් දෙනෙත පිරී සොඳූරු සැඳෑවේ
    මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ
    මුතු කඳූලින් දෙනෙත පිරී සොඳූරු සැඳෑවේ
    මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ
    පාට වළාවෙන් රන් අහස සිනාසේ.......

    ~ අතුල ශ්‍රි ගමගේ ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල් දම්
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මම්.......
     
    Jan 15, 2009
    9,238
    368
    0

    දුක කියන්නට කෙනෙක් නැතිදා
    දුක ඇසූ නුඹ අද මගේ
    දුකට හිනැහෙන්නේ


    වියලි කතරට වැහිපොදක් ලෙස
    කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
    මහා මේඝයක් ලෙසින් හමා විත්
    මට මාවත් නැති කලේ කොහොමද


    දුක කියන්නට කෙනෙක් නැතිදා
    දුක ඇසූ නුඹ අද මගේ
    දුකට හිනැහෙන්නේ

    හදවත ඇවිළුණු අතීත දුක් ගිනි
    සුවපත් කල පින නුඹට අයිතිමුත්
    ප්‍රේමය මිය ගිය නුඹ හද දෙවොලින්
    හෙටක් පතන්නට හිතට වාරු නැත

    දුක කියන්නට කෙනෙක් නැතිදා
    දුක ඇසූ නුඹ අද මගේ
    දුකට හිනැහෙන්නේ.......


    ~ වික්ටර් රත්නායක ~



     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රුවන් තාරකා
    නුවන් පායලා
    හිදින් හදවතේ රැදී වේදනා නිවා...

    බණ්ඩාර ආතාවුඩ
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සඳූ වළාකුලෙන් නිති වැසෙන සඳේ
    ඔබ ගැන හද මුමුණයි
    අමතක කර ඔබ සඟවී ගිය මුත්
    යළි මතකයට නැගෙයි

    ඳඟකාර ලෙසින් මගෙ දෑත අරන්
    දෙතොලින් සිපගත්තා
    ඳඟකාර ලෙසින් මගෙ දෑත අරන්
    දෙතොලින් සිපගත්තා

    ආදර සුවඳීන් හද මල පිපිලා
    සතුටු කඳූළු ගැලුවා

    සඳූ වළාකුලෙන් නිති වැසෙන සඳේ
    ඔබ ගැන හද මුමුණයි
    අමතක කර ඔබ සඟවී ගිය මුත්
    යළි මතකයට නැගෙයි

    විහිළුවක් කලා අමනාපවෙලා
    ඇස් රතු කරගත්තා
    විහිළුවක් කලා අමනාපවෙලා
    ඇස් රතු කරගත්තා
    වැලළී ගිය පෙම් පුරාවත කියා
    මා අසරණ වූවා

    සඳූ වළාකුලෙන් නිති වැසෙන සඳේ
    ඔබ ගැන හද මුමුණයි
    අමතක කර ඔබ සඟවී ගිය මුත්
    යළි මතකයට නැගෙයි.......


    ~ විජයබණ්ඩාර වැලිතුඩුව ~

    thankz khz 4 dis song
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා අහසේ ලියු දේ පෙනුනේ නුඹට විතරමයි
    මා සුළඟට කියු දේ ඇහුවේ කවුද නුඹ තමයි
    එහෙවු නුඹට නොදැනුනේ නුඹට දුන්න හිත තමයි
    මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි
    විතරමයි විතරමයි ඒ එක හිත විතරමයි.....

    ප්‍රාර්තනා මහ කන්දේ කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එලියේ කඳු මුදුනට ගේන නොගියා නම්
    අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට හිතවත් මට තියේවී.....

     
    Jan 15, 2009
    9,238
    368
    0


    තණ නිල්ල දිගේ ඇදිලා යනවා
    සිත මා.. පිරිලා
    දහසක් නෙතු මා දෙස යොමුවෙනවා
    සිත මා.. පිරිලා

    විදුලිය වාගෙ වැදිලා
    යනවිට ඈත නොපෙනී
    විදුලිය වාගෙ වැදිලා
    යනවිට ඈත නොපෙනී
    දෙසවන් මගේ පිරිලා ඇසේ
    ජය ගීතිකා ගැයිලා

    තණ නිල්ල දිගේ ඇදිලා යනවා
    සිත මා.. පිරිලා
    දහසක් නෙතු මා දෙස යොමුවෙනවා
    සිත මා.. පිරිලා

    සැඩ හිරු ඈත ගිලෙනා
    සුවබර මේ සැදෑවෙ
    සැඩ හිරු ඈත ගිලෙනා
    සුවබර මේ සැදෑවෙ
    හසරැල් නැගේ සතුටින් වගේ
    ජය ගීතිකා ගැයිලා

    තණ නිල්ල දිගේ ඇදිලා යනවා
    සිත මා.. පිරිලා
    දහසක් නෙතු මා දෙස යොමුවෙනවා
    සිත මා.. පිරිලා

    ~ සමන් ද සිල්වා ~
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    සුලගක් වෙලා ඔබ සොයා එන්න ඔනෙ
    සෙවනැල්ල වාගෙ ඔබ ලගින් ඉන්න ඔනෙ
    හමුවු තිනෙ හිත බැදිලා සෙනෙ මුලු ජිවිතෙ
    ඔබට මයි ආදරෙ ..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සඳුනි....සඳුනි..
    සෙනෙහස නෑ........
    ඇසුනා දැනුනා
    රෑ තනි යහනේ ඉකිබිඳිනා විලාසේ

    ඔච්චරයි මතක සුපර්ස්ටාර් කෙනෙක් කියන්නෙ
    මාරම සිඟිං මැන්ස්ගෙ
    :yes:
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    Zeus said:
    සඳුනි....සඳුනි..
    සෙනෙහස නෑ........
    ඇසුනා දැනුනා
    රෑ තනි යහනේ ඉකිබිඳිනා විලාසේ

    ඔච්චරයි මතක සුපර්ස්ටාර් කෙනෙක් කියන්නෙ
    මාරම සිඟිං මැන්ස්ගෙ
    :yes:

    සිංදුව ඕනිනම් කියන්න ..

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1470

    ලින්ක් එක වැඩ නැත්නම් කියන්න .. මගෙ ළඟත් ඇති
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sandun thilaka said:

    සිංදුව ඕනිනම් කියන්න ..

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1470

    ලින්ක් එක වැඩ නැත්නම් කියන්න .. මගෙ ළඟත් ඇති

    හිහි නැ නැ සඳුනා
    මන් ගාව තියෙනව සිංදුව
    තැන්ක්ස් අ ලොට් හොඳේ :D:D:D:D
     
    Status
    Not open for further replies.