පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0


හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා

හිත ඉගිලෙනවා කාශ්මීරයේ
සුදු හිම කඳූ අතරේ
මා තනිවෙනවා
පා යුග දවනා නිරුදක වැලි කතරේ

හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා.....

:nerd:


 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මාලිනියේ ඉන්ද්‍රජාලය
    මා මනසේ අන්ධකාරය
    ඔබ දෑස සොයනා
    ඔබ දෑස නැත රුව ඇදුනා
    මාලිනියේ නොරැවටෙන්

    ගායනය-වික්ටර් රත්නායක
    පැබැදුම-සුනිල් ආරියරත්න

     
    Jan 15, 2009
    9,238
    368
    0
    පාවීගියාවේ ළඳේ මා ඔබේ
    සන්සුන් සිනා ගං තෙරේ
    සඳ සීතලේ පාළුවේ ලං වෙලා
    හැමදාම හිඳීමු මෙසේ....

    ♣ නුවන් ගුණවර්ධන ♣

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආකාශයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉඟිළ එන්නම්
    ළඟින් තුරු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ

    --ශශිකා ft කසුන්--
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හද විලේ ඔබ පිපුණා
    නිසසලේ පෙති සැළුණා
    දුනුකේ මල සේ යාවී....

    ආශා දෑසින් බලා සිනාසී
    ඒ සිත මා සිත වෙලා ගනීවී
    දහසක් වනමල් පිපී සැලේවී
    ජීවන මංපෙත සරසාලා

    ආදර ගීතේ තනුව කියාදී
    ජීවන මීවිත සතුට සදාදී
    මෝහන ලාලිත බැළුම් හෙළාවී
    මා යන මාවත සරසාලා

    හද විලේ ඔබ පිපුණා
    නිසසලේ පෙති සැළුණා
    දුනුකේ මල සේ යාවී....

    ♣ ක්ලැරන්ස් විජේවර්ධන ♣

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ......... නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි
    මේ......... නගරය මා ඔබ වෙන් කෙරෙණු නගරයයි

    වැව් ඉවුරේ දිය රැළ පෙර සේම බිදෙනවා
    නුග ගස් පෙල අප නැතුවත් තව දළු ලනවා
    සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    ගායනය-මර්වින් පෙරේරා
    පබැදුම-ප්‍රේමකීර්ති ද අල්විස්

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිද වැලපෙනවා
    රුව සැංගී මගේ මතකය අතරේ නෙත් අසරණ වෙනවා

    ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙළෙසද
    නෑමට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේලෙස
    ඇයි අප හමුවන්නේ

    --බණ්ඩාර ආතවුද--
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳෙන් බිඳ ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහින්
    මටත් හොරෙන්....

    ♣ රෝහණ සිරිවර්ධන ♣
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දැකුම්කළු දර්ශනී.....
    ඇසින් දුටුවට මොකෝ ඉතින් දුටුවේ නැතෝ
    ඉතින් මා හැඟි සෙනේ කෙසේ පුද දෙන්නදෝ
    ඇසින් දුටුවට මොකෝ ඉතින් දුටුවේ නැතෝ
    ඉතින් මා හැඟි සෙනේ කෙසේ පුද දෙන්නදෝ
    දැකුම්කළු දර්ශනී

    සැලෙන මත් බිඟුනද අසා මලක් නම් ඔබ මට එපා

    සැලෙන මත් බිඟුනද අසා මලක් නම් ඔබ මට එපා

    නොපායන රැය දිනපතා සඳක් වී ඔබ මට එපා

    දැකුම්කළු දර්ශනී
    ඇසින් දුටුවට මොකෝ ඉතින් දුටුවේ නැතෝ
    ඉතින් මා හැඟි සෙනේ කෙසේ පුද දෙන්නදෝ
    දැකුම්කළු දර්ශනී....

    ඉමක් නොපෙනෙන ක්ෂිතිජයේ ඉරක් ඇද සුදු ආගරේ
    ඉමක් නොපෙනෙන ක්ෂිතිජයේ ඉරක් ඇද සුදු ආගරේ
    හිත පුරා ඔබ දුටු දිනේ දියඹ පිහිනමි සාගරේ

    -- අසංග ප්‍රියමන්ත --
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    සිනහව අතරින් කදුලක් උපන්නා.........
    එ බැවු නොදැනිම සිනහවක්ම පෑව..........
    :love: :love: :love: :love: :love: :love:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සේපාලිකා මලයි සුදුපාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තටම ඔබ වගෙයි

    මල් පිපෙන තුරුලතා
    සිත සුළගෙ නැලවුනා
    සිත දකින දකින සිහිනෙදි ඔබ
    මට මතක් වූණා
    ඇසිපිය හෙලන්න මොහොතක්වත්
    මතක නැතිවුණා

    ගායනය-ජයසිරි අමරසේකර
    පබැදුම-චන්න ජයලත්
    තනු-ජයසිරි අමරසේකර

     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවඳ මා ළඟින්

    සිවු වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
    සිවු වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
    අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලඳුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවඳ මා ළඟින්

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක් බරවූ සැනසුමකොහි වේදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවඳ මා ළඟින්

    -- වික්ටර් රත්නායක--
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රුපුනොද එඩිය බිඳ මැදහත් බවට නැවී
    ඔබ පෑ විකුම් කොදුරා මඳ නළද හැමී
    මනහර මැණික් ගඟබඩ සැදි දොවල හිමී
    සුරිදුනි කතරගම
    සුරිදුනි හැදින ගමී...
    (මහසෙන් දෙවිඳූ: මගෙ දැය මගෙ රටට සම්පත සදනු නිතින්)

    -- සෝමතිලක ජයමහ --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නීල වර්ණ මොණර පිලයි
    පීත වර්ණ කර අහුරයි
    දෑත දරා නුඹ එනවද
    සිතුල්පව්ව පොකුණු ඉසව්වේ


    ක්ශත්‍රිය මායම් කුමටද
    රත්නවල්ලියේ


    ආලෙ බැන්ද මුතු දෙපොටයි
    කෝල කිකිණි වළලු සැලෙයි
    පාන සිනා නුඹ දෙනවද
    ඇතුල් නුවර කාචරගාමේ


    යෝගාසන මතින් බසිනු
    මහසෙන් රජිදේ.....


    - රාවන දැහැන -

    කොපි පේස්ට්
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    amila_90210 said:
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවඳ මා ළඟින්

    සිවු වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
    සිවු වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
    අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලඳුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවඳ මා ළඟින්

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක් බරවූ සැනසුමකොහි වේදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවඳ මා ළඟින්

    -- වික්ටර් රත්නායක--
    :rolleyes: :nerd: :nerd: :( :( :( :( :(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහස් ගැබේ තරු කැට ගානේ
    පොළෝ තලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මන් ආදරෙයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    අහස් ගැබේ තරු කැට ගානේ
    පොළෝ තලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මන් ආදරෙයි
    13.gif
    නංගී
     
    Status
    Not open for further replies.