හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා
හිත ඉගිලෙනවා කාශ්මීරයේ
සුදු හිම කඳූ අතරේ
මා තනිවෙනවා
පා යුග දවනා නිරුදක වැලි කතරේ
හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා.....


amila_90210 said:තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවඳ මා ළඟින්
සිවු වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
සිවු වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලඳුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවඳ මා ළඟින්
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බරවූ සැනසුමකොහි වේදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවඳ මා ළඟින්
-- වික්ටර් රත්නායක--

Amalka101 said:අහස් ගැබේ තරු කැට ගානේ
පොළෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මන් ආදරෙයි