පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඉපනැලිද රගයි
දෙනි කෙතද සැලෙයි
ගං දොර සැමරුම් හමුවේ

මගෙ වෙහෙර නුඹයි
අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතේ

මේ ගමන දුරයි
නුඹ තරු ලකුණයි
එළියෙන් දරුවන් සැනහේ

නුඹ මවක වගේ
සිත බැතිබර වේ
ඉන් මගෙ දෑසම බොදවේ

~ නන්දා මාලනී & සුනිල් එදිරිසිංහ ~
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
ඉපනැලිද ලගයි
දෙනි කෙතද සැදෙයි
ගං දොර සැමරුම් හමුවේ

මගෙ වෙහෙර නුඹයි
අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතේ

මේ ගමන දුරයි
නුඹ තරු ලකුණයි
එළියෙන් දරුවන් සැනහේ

නුඹ මවක වගේ
සිත බැතිබර වේ
ඉන් මගෙ දෑසම බොදවේ

~ නන්දා මාලනී & සුනිල් එදිරිසිංහ ~

හරිම ලස්සන සිංදුවක්... සිංදුව තිබේද ?
මගෙ ළඟ තියෙන්නෙ විඩීයෝ එකෙන් ගත්ත එකක්
:(
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම ලස්සන සිංදුවක්... සිංදුව තිබේද ?
මගෙ ළඟ තියෙන්නෙ විඩීයෝ එකෙන් ගත්ත එකක් :(
:sorry: මියුරු ගී එකෙන් තමා මමත් අහන්නෙ
 
Jan 15, 2009
9,238
368
0

නිල් අහසේ උමතු වළා
ගොළුවී දුකසේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා...
 
Jan 15, 2009
9,238
368
0

සපු දුනුකේ මල් හෙවණේ
දුංහිඳ ළඟ පෙණ බුබුලේ
අපේ කතා ගොළුවීලා
කටු අකුලක දැවටීලා
....

දිළෙන්න බැරි තරුවක් වී
අමාවකේ සැඟවීලා
නොඑන්න ගිය බඹරෙක් වී
සරදම් කර පිටුපාලා

රුවල් කඩා දිවි ඔරුවේ
මහසයුරට දන්දීලා
ඔබ වැජඹේ නෞකාවක
කුඹගස යට හිනැහීලා

සපු දුනුකේ මල් හෙවණේ
දුංහිඳ ළඟ පෙණ බුබුලේ
අපේ කතා ගොළුවීලා
කටු අකුලක දැවටීලා
....

╗ නන්දා මාලනී ╔
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සුදුවට පිරුවට ඇදගෙන එන්නේ
දානෙට සීලෙට මුලටම ඉන්නේ
වයසට යනකොට මොනවද වෙන්නේ
කට වටකර වැට කොහොම බදින්නේ

ගම අවුලඤ්ඤං - හබ පටලඤ්ඤං
ගිනිගෙඩි දෙඤ්ඤං දෙඤ්ඤං දෙඤ්ඤං

~ ලයනල් රන්වල ~
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සව්සිරියෙන් පිරි සිංහල දීපේ
සිව්රියනේ සහනය කොතැනා
ස්වර්ග රාජ්‍යයේ නිර්වාණේ සැප
පදමට විදවනු මැන මෙතැනා

~ සංගීත් වික්‍රමසිංහ - News Song :lol:~

:yes::yes:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බම්බලපිටියෙදි බසයට නැගි සුදු නංගෝ
දෙහිවල හරියෙදි ලඟටමවිත් ඉඳ ගත්තෝ
බම්බලපිටියෙදි බසයට නැගි සුදු නංගෝ
දෙහිවල හරියෙදි ලඟටමවිත් ඉඳ ගත්තෝ
සොයිසාපුරයෙන් ඔබ බැස යාදෝ පානදුරේටම ඔබ පැමිනේදෝ
Address එක ගයිදෝ
:rolleyes:

:rolleyes::rolleyes::rolleyes:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සීතාවනි ඔබ හැඩරුව ඇති බව
දිවිහිමියෙන් පතිදම් සුරකින බව
දනිමි ඔබත් දැනගතයුතු මේ බව
ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව

අපෙ කුළ ගොත වත ඉහළයි හැම විට
එහි අභිමානය රකිනෙමි හැමවිට
අන් සතු අගනක් සෙනෙහස පැතුමට
දීන නොවෙයි මේ රාවන පෙළපත

මගෙ සොහොයුරියක් පෙර දවසක්දා
රාම කුමරුගෙන් හිරිහැර වින්දා
පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා
හෙළ පෙළපත අබිමන් දද බැන්දා

~ ප්‍රේමසිරි නානායක්කාර ~
 

nwnbs

Member
ඇය යන්න ගියා මැකිලා
........... තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ...
ඇය යන්න ගියා මැකිලා...//
පිනි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුන වසා...

-අමරසිරි පීරිස්-
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අ‍හ‍ස‍යි‍ ඔ‍බ‍ ම‍ට‍ නි‍ම්‍හි‍ම්‍ නො‍පෙ‍නෙ‍න‍
    ඉ‍ණි‍මං බඳිනු බැරී
    අනාත සයුරක වැසි දිය දෝත ඔබයි
    අගාධ අඳුරක දුල රන් සිලුව ඔබයි


    අ‍හ‍ස‍යි‍ ඔ‍බ‍ ම‍ට‍ නි‍ම්‍හි‍ම්‍ නො‍පෙ‍නෙ‍න‍
    ඉ‍ණි‍මං බඳිනු බැරී

    ~ දීපිකා පීරිස්
     

    nwnbs

    Member
    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවිතයේ හැමදාමත් සැප ‍රැ‍ඳෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ...

    -සෝමතිලක ජයමහ-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රේමය ලොව හැමතැන ම ඇතී
    හැම දෙනට ම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී

    විල් තෙර දිය යට දියබුන් නගනා
    ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
    සියපත විල මත පුබුදන මුත් යස
    උල්පත හැමදාමත් නිසලයි
    ප්‍රේමය හැමදාමත් නිසලයි

    ප්‍රේමය ලොව ..............

    සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන
    ප්‍රේමයෙ මුල් පස යට සැඟැවෙයි
    නන් පල මල් දළු පුබුදන මුත් ගස
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

    ප්‍රේමය ලොව ..............

    ගායනය :- චන්දන ලියනාරච්චි
     

    nwnbs

    Member
    අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන්න
    තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න
    අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන්න
    තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න

    බුද්ධ භූමියට බුදු හිමි ගෙන ගිය පිංවතානෝය
    මූලඝන්ධ කුටිය මතින් පෑයූ පුන් සඳානෝය
    රට රට වල මහ මුණි බණ පළකල දූතයානෝය
    මහා බෝධි සෙවනේ මතු බුදුවන බෝසතාණෝය

    සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය
    සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහ රජාණෝය
    සංකර සිරිතට එරෙහිව හඬ දුන් කථිකයානෝය
    මතු මතු සිරි කල ඉපදිය යුතු යුග පුරුෂයානෝය

    -නන්දා මාලිනී-
     
    Status
    Not open for further replies.