මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරැණළු වැටිලා
අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
ඉර මඬලට හැරිලා
ඇල දොළ විල ළිඳ ලන්ද හේන ළඟ
ආදර බස් දොඩලා
කැකුළු වියේ බැඳී ආලවන්ත කම
ඉර මුදුනත රැඳීලා
කල්යල් බල බල පෙරුම් පුරාගෙන
උන්නු නැකත ලබලා
පෙරමග එන ඔබ පිළිගන්නට අද
ගෙදර කැවුම් උයලා
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරැණළු වැටිලා
අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
ඉර මඬලට හැරිලා...
╗ චන්ද්රිකා සිරිවර්ධන ╔


