අහුමුළු පීරලා වරදැති කාරණා
හැම විට තෝරලා දෙන්න දූට පහදලා
තොරතුරු අස අසා දාහක් ඇස් කථා
කරනා චෝදනා නැන්දම්මේ මං නිසා
කෙලක් කෝටි සිටුවරයෝ වගේ දෑත පාලා
ගෙනත් දේවි අලුත් හීන ඉලන්දාරි සේනා
අවිස්වාස නෑ නෑ නමුත් කාලෙ සුභ නෑ
උදුරලා යටි හිතේ දඟ රටා
දවස් ගානෙ විමසා වෙනස් වේද බලලා
කාරණාව කාරණාව තෝරලා
හෘදේ හෘදේ ගිණි ගොඩක් මාගෙ නිවලා
අහුමුළු පීරලා ..........
මටත් රංඬු දමලා මුරණ්ඩු කම් මකලා
හිත හදා රස කථා කිය කියා
මටත් මෑණි හංදා සිඟිත්තනුත් රැකලා
පහණ වී එන්නකෝ ගේ පුරා
නංනාඳුණනා බව ඔබෙන් නෑනෙ දැනිලා
අහුමුළු පීරලා ..........
ගායනය :- සංගීත් විජේසූරිය