පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳී වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දරද
මගෙ දූ තනියෙම හිනාවෙයි

ගණ කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණයගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි


මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි. . .
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා
රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියැවෙනවා
 
Jan 15, 2009
9,238
368
0
සිත දුරක ගියා ආදරේ සොයා
මුතු කඳූළු බිංදුවක් ගලාගියා
සමුගැන්ම වේදනාවකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක්ය ජීවිතේ
. . .
 
Jan 15, 2009
9,238
368
0
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟුසේමා
නිති ගෙඋයන වැද රඟදුන් පැණි සමණළ සේනා
සපැමිණ ඔබ වෙණ වැයූ ...මා අභියස ගී ගැයූ
සපැමිණ ඔබ වෙණ වැයූ ...මා අභියස ගී ගැයූ

සව්සිරි සැප මා අතහැර අද වෙනතක ඇදිලා
පින්මද තනිකම තනියට මගෙ පැල තුල රැඳීලා
බිතුසිතුවම් රූ වැනී ... ඔබ කොතැනද මිතුරනී
බිතුසිතුවම් රූ වැනී ... ඔබ කොතැනද මිතුරනී
. . .

- සෝමතිලක ජයමහ
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,783
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ...
    තාරුකා කියන්නකෝ නිදන්නේ ඈ කොහේ
    අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුලින් තෙමී තනිවේද මා අනේ...?
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සත් සමුදුර තරණය කොට ආවයි
    සත්කුළුපව් මෙන් මහ මෙර දැරුවයි
    සත් පියුමන් මෙන් විකසිත වූවයි
    සත් සර මෙන් අප සැම එක් වූවයි

    හිරු සඳු ලෙස ඉන්නේ තත් සර හඬ වැයෙන තුරා....

    සයුරේ රළ සේ
    අහසේ තරු සේ
    මිතුදම් පවතී ලොව සැමදා‍...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳුනී
    සඳුනී
    ඇයි සුදු කොපුල් තෙමන්නේ
    ඇසුණා
    දැනුණා
    රෑ තනි යහනේ ඉකි බිඳිනා විලාසේ
    සසැළී මැළවී නාඩන්න මා
    සඳුනී
    සඳුනී
    සඳුනී
    සෙනෙහස නෑ බිදුනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    සියල්ල බොදවී යන සෙයක් හැගේ
    සියල්ල මුලාවක්මය
    සැවොමහිස් බවක් දැනේ
    ඔබ ගැන ඇති වූ සිතිවිල්ලෙන්
    සියල්ල අවුල් වී ඇත
    මට හුස්මක්වත් ගත නොහැක
    මගේ ලෝකය ඔබ වටා කරකැවේ

    Everything's so blurry
    And everyone's so fake
    And everybody's empty
    And everything is so messed up
    Pre-occupied without you
    I cannot live at all
    My whole world surrounds you

     
    Status
    Not open for further replies.