දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ
දවසක් දා බෝ මළුවේ
හමුවූ දාකදි අපි දෙන්නා
පහනක් දල්වා එකම හිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ
භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ
ආදරයේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුනා වන මල් තොරණේ
අප පය පාමුල සතුටු ගඟේ
තවමත් ආදර රැලි හිනැහේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කථන්දරේ
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ
සනත් නන්දසිරි / ලතා වල්පොල
බමරිඳු බමරිඳු කුමට වඩින්නේ
වනමල් කැකුලිය සොයා වඩින්නේ
වනමල් කැකුලිය කුමට සොයන්නේ
ලැබුනොත් ඇය පෙම් පවස නිවෙන්නේ
සැඟවුනු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුළු වත නාවා
බමර කුසුම් හදවත් යුග යාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා
බමරිඳු බමරිඳු ....
අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එමලින් මල් පල වේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා
බමරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ
පණ්ඩිත් අමරදේව / නන්දා මාලිනී
![]()
කුරහන් යායේ සඳ උතුරා එන
සිතට දුකක් ගලනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුඹට ඇසේවා සුදු නෑනේ.....
එදා වගේ සැදෑ අඳුර වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පඳුරේ සෙවන සදනවා
කීව කථා රහසේ යලි සිතට නැගෙනවා.....
මගේ පැලේ හිනැහීගෙන සිටිනා ලෙස නුඹේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා
ඈත සිටින නුඹෙ නාමෙන් දෑස තෙමෙනවා.....
ගේය පද: කුලරත්න ආරියවංශ
ගායනය: ටී.එම්.ජයරත්න
සංගීතය: එච්.එම්.ජයවර්ධන
බොහොම ස්තුතියි.අපි පොඩි කාලෙ අපිව නිදි කරවන්න මාමා මේ සින්දුව කියනවා. මේ පද දැක්කම මම ආයෙත් පොඩි කාලෙට ගියා මොහොතකට.බොහොම ස්තුතියි.




කව්ද දැන් වියෝ උනේ?එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ.![]()