පද පේලි .....

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
පියාණෙනී මා නැවත උපන්නොත් අපාරවූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා //

ශිල්ප සතර දී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා //
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබවන් පියවරු හමුවන්නේ

පියාණෙනී මා නැවත උපන්නොත් අපාරවූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා //

හිත මිතුරන් මා හැර ගිය දවසේ ලොවම එරෙහිවී තනිවුනු මොහොතේ //
ඔබේ පැලේ නැත දොරගුළු ලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ

පියාණෙනී මා නැවත උපන්නොත් අපාරවූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා //



අබේවර්ධන බාලසූරිය

මේ අපාරවූ සංසාරේ ඔබ නැවත උපන්නොත්, අප අතරේම ඉපදේවා !
 
Jan 15, 2009
9,238
368
0
කවියක්වී තොල්පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳසාවී ඔබ හද කුටියට එන්න

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳූනාම
සංසාරෙම සුවඳ දේවි බැඳූනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම

කඳූලු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුණුදාක මට තරවටු නොමවේද
රිදුම් එපා පෙම්කල සිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක

කවියක්වී තොල්පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්වී නිදිබර නෙත් ඇහැරන්න
සඳසාවී ඔබ හද කුටියට එන්න
...
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කියන්න කියන්න...
    හද රෑන්දි දේ... මා සමගේ...
    කියන්න, කියන්න...
    ඇති සෑම දේ..., රිසි සේ...

    හද පුරා... ආදරේ..., ඔබටයි ඉඩ හදවතේ...
    දිස්වේ මුතුවන් සිනා..., දෙනුවන් යුග ලග මගේ...
    මන්මත් සිත පුරා..., කෑලබේ වඩනා හෑගුම්...
    නොදනී ඒ ඈසිල්ලේ... කියවේ ඔබ නම හොරෙන්...

    කියන්න කියන්න...
    හද රෑන්දි දේ... මා සමගේ...

    නිදි වරා ජීවිතේ..., මා ගෙතු ගීතයේ...
    දෑවටේ ඔබ කී වදන්..., දෙසවන් යුග ලග මගේ...
    සුදුවන් පිටු පුරා..., බිහිවේ ගී ඔබේ නමින්...
    නොසිතා ඒ පිටු කොනේ..., ලියවේ ඔබ නම හොරෙන්...

    කියන්න කියන්න...
    හද රෑන්දි දේ... මා සමගේ...
    කියන්න, කියන්න...
    ඇති සෑම දේ..., රිසි සේ...

    කියන්න කියන්න...
    හද රෑන්දි දේ... මා සමගේ...
    කියන්න, කියන්න...
    ඇති සෑම දේ..., රිසි සේ...


    නදීක ජයවර්දන

     
    • Like
    Reactions: sandun thilaka

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සමුගෙන යන්නෙමි
    මම ඔබ තනිකොට
    අපෙ මතු දිවුන සොයා
    සිතකින් නොව මා
    නැවු නැග යන්නේ
    සිත ඔබෙ තුරුළෙ තියා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ජීවිතේ
    වස්සානයේ හමුවුනේ ඔබ
    මලක් සේමය වසන්තේ
    ජීවිතේ
    ගිම්හානයේ බැස ගියේ ඔබ
    සඳක් සේමය අනන්තේ
    ජීවිතේ

    රොහාන් ශාන්ත බුලේගොඩ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හිනහවෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
    කඳුළැලි දහදිය ගැළුවට මහ කළු ගල් දියවෙනවාද
    එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
    සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

    ඉවාන් ෆවුලූෂා
    ඇයි හොරැහින් මදෙස බලන්නේ
    නැටුමට ඇවිදින් නැතිදෝ ම බඳ වෙලන්නේ

    දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සඳ තරු නිහඬයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා....

    පියා නුවන් යුග නිවා හැඟුම් සිත

    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාලුව තනිකම කුටියට අවුදින්
    හදවත අවදි කලා....

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල්සර

    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
    හදවත අවදි කලා...

    ~පණ්ඩිත් අමරදේව~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔය ඇස් රතුවෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ :(
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනේ නෑ :(
    මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ :(
    ඔය මොනවා වුනත් ඔබ දුන් හැමදේ යළි දෙන්නේ නෑ :(
     
    • Like
    Reactions: sudunone

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අමතක කරන්න පුළුවන් වෙයි ඔයාට මාව
    අමතක කරන්න බැරිවෙයි අපෙ සොඳුරු මතකය
    අප ආගිය තැනි සිහිවන විට කඳුළක් නෙතට
    ගලා ඒවි නිරතුරුව ම ඔය ඇස්දෙකට


    ගායනය :- සම්පත් අනුරුද්ධ
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔය ඇස් රතුවෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ :P
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනේ නෑ :no:
    මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ :angry:
    ඔය මොනවා වුනත් ඔබ දුන් හැමදේ යළි දෙන්නේ නෑ :rofl:

    :rolleyes: එළ සිංදුව
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අතිනත ගෙන පෙර නොකී කතා අසා
    අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා හෝරාවේ
    කිසිවෙකු නොදකින නිහඬ රැයේ
    තනිවෙමු මොහොතක් අපේ ලොවේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හද සැලෙනා නා දල්ලයි
    ඔබ සීතල සුළඟයි
    හද ගලනා දිය ඇල්ලයි
    ඔබ සාගර යහනයි...
    ඔබමය සතුටද ඔබමය කඳුලද
    ඔබමය ලොවම මගේ....
     
    • Like
    Reactions: EPCO

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
    මෙත්මල් පිපීලා මුදිතා ජලාශේ
    නංවා ප්‍රභා ලෝතුරා රශ්මි මාලා
    හෙළදෙරණ ජන ජයතු ජය මංගලානී
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පිනි බිඳුවක් වෙන්නට ආසයි
    මිහිමත සිසිලස රැඳුනු
    දිය රැල්ලක් වෙන්නට ආසයි
    දොල මත දියරැල් නැගුණු
    සිසිලස දෙන්නම් මා සැමදා
    පවනක් වී එන හමා
    සුරකින්නම් සෙනෙහස සැමදා
    ඔබෙ මතකය සිත් පුරා....:love:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0


    හො හො හෝ හා හා හා
    මධුර යාමේ සුවදේ සාමේ //
    සිනහ වීලා එන්න රෑමේ
    ප්‍රේම නදියේ පින පීනා එන්න රෑමේ හෝ...

    තරු සිනාසෙයි දෙනෙත පොපියයි //
    මසිත පිබිදී සතුට රජවෙයි
    ප්‍රේම නදියේ පින පීනා එන්න රෑමේ හෝ
    හො හො හෝ හා හා හා //

    සුසුදු හංසයො විලෙහි සරති
    රසය ඇති තැන් කොහෙද සොයති
    දෑත විහිදා එන්න අඳුරේ
    ඔන්න අල්ලා ගන්න මිහිරේ

    අතට අතදී හිතට හිතදී //
    රැල්ල විලසේ එන්න බැබලී
    ප්‍රේම නදියේ පින පීනා එන්න රෑමේ හෝ
    හො හො හෝ හා හා හා //


    ආර්. මිත්තුසාමි / සුජාතා අත්තනායක

     
    • Like
    Reactions: EPCO
    Status
    Not open for further replies.