පද පේලි .....

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
කඳුලින් ලෙයින් ලියූ බැති පෙම් ගී ඔබේ නමින්
ගොළුවී ඉඳී සදා නොගැයී මිලිනවූ පෙමින්

සිත නාඬවා නිදා නොනිදා රෑ පහන් කලා
උදයේම නොපෙනෙනා මානේ ඈ අයින් වෙලා
අද ඈ අයින් වෙලා
ඉඳුනිල් නුවන් ඔබේ සමරා ඇන්ද රූ පවා
කඳුලින් මගේ පෙඟී බොඳවී යාවි රෑ දිවා

කඳු නිම්න තැනිතලා සඳ රැල්ලේ නිරන්තරේ
යුගගෙන් යුගේ ප්‍රියේ කියවේ පෙම් කතන්දරේ
අපෙ පෙම් කතන්දරේ
සයුරින් ගුවන් තලා ගැඹුරින් රාව ඒ නැගේ
අසමානවී පරාජිතවූ ප්‍රේම ගී මගේ

කඳුලින් ලෙයින් ලියූ බැති පෙම් ගී ඔබේ නමින්
ගොළුවී ඉඳී සදා නොගැයී මිලිනවූ පෙමින්



සදාදර ජෝති
 
Jan 15, 2009
9,238
368
0
සිල්ගත් දෝතට පියුම් පිපෙනවා
පිංහිත පුරහඳ බුදුන් වඳීනවා
මිත්තනියේ නුඹ සිල්රෙදි පොරවා
පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා
පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා

බෝසත් සිරිතේ කතා කියාදී
බෝසත් ගතිගුණ පුරුදු කළා
බෝසත් දරුවන් රටකට බිහිකර
මිත්තනියේ නුඹ නිවන් දකිනවා!
මිත්තනියේ නුඹ නිවන් දකිනවා!

බාලේ සිට අප තුරුලට අරගෙන
ආල වැඩූ අම්මා වාගේ. .
පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
මිත්තනියේ නුඹ නිවන් දකිනවා!
මිත්තනියේ නුඹ නිවන් දකිනවා!


- එඩ්වඩ් ජයකොඩි

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Risin up
back on the street
did my time took my chances
went the distance now I'm back on my feet
just a man and his will to survive
so many times
it happens too fast
you trade your passion for glory
don't lose your grip on the dreams of the past
you must fight just to keep them alive

It's the eye of the tiger
its the cream of the fight
risin up to the challenge of our rivals
and the last known survivor stalks his prey in the night
and he's watching us all with the eye of the tiger
:lol: :rofl: :lol:

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ..... අද නෑ තාරකාවී
අඳුරෙන් වැසී ගියේ...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පාර දිගේ සල් පිල වල සිහින විකුනනා
විසිතුරු වචන අමුණනා
යෞවන සිහින වෙළෙන්දෝ
ලෙන්ගතුකම් මිළ අඩුකර දෙන්න හදාවී
රැවටෙන්න එපා පෙම්බර දේවි
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
කදුළුවලින් ලියැවී යනවානම්
අවිහිංසක රූපේ
දෝර ගලනතුරු කදුළු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ :oo:

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සඳ රේඛා සඳගිරි හිසින් ලැගුම් ගනියි මාගේ ලෝකේ
    රූ ඡායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිදී මාගේ
    දිනක කීවා මා දකින සිහිනේ......
    ඉඹ සඳ කීවා මනෝරම්‍ය ගීතේ......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බොල
    තේක්ක නැන්දේ තේක්ක නැන්දේ
    තේක්ක නංගී කොයි??
    අද
    බෝම වටිනා ලියුම් තිබේ ලඟ
    තේක්ක නංගීටයි :P

     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    පිරුනා සිත පිරුනා
    ඔබ මට පුදකල ආදරයෙන්
    රිදුනා සිත රිදුනා
    ඔබ සමු අරගෙන ගිය දවසේ

    සරසවි බිම ඇති පාළු මකන්නට
    ඔබ ළඟ ඉන්නට කීවා නම්
    තනිකම ඇති විට කථා කරන්නට
    ඔබ ළඟ ඉන්නට කීවා නම්
    මෙතරම් මා සිත නොරිදේවී //

    පිරුනා සිත පිරුනා
    ඔබ මට පුදකල ආදරයෙන්
    රිදුනා සිත රිදුනා
    ඔබ සමු අරගෙන ගිය දවසේ

    බොරුවට ආදර බස් තෙපලන්නට
    හැකි බව දැනගෙන උන්නා නම්
    මම නම් මේ දුර නෑවිත් ඉන්නෙමි
    ඔබෙ හිත දැනගෙන උන්නා නම්
    එහෙනම් මා සිත නොබිඳේවී //

    පිරුනා සිත පිරුනා
    ඔබ මට පුදකල ආදරයෙන්
    රිදුනා සිත රිදුනා
    ඔබ සමු අරගෙන ගිය දවසේ


    නෙරංජලා සරෝජිනී

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    හිරුමල් දෑතේ සඟවා වළා රොදක නැඟිලා
    සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවෙන් රැදී ඉන්න සසරේ
    මුදු මල් යහන මගේ වේද හැමදාක සොදුරේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ
    සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දූ
    සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ
    කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගඟක් සේ ඔබ ගලා ඒනම්
    මුවදොරක් වී ඔබව හමුවන්නම්
    මලක් සේ ඔබ පෙති සලයිනම්
    පවන් රලවී ඔබව සිපගන්නම්....

    සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්
    ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්...

    දෑස රවටන මිරිගු දියතලයේ
    වැටෙන උණු කඳුලේ
    අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
    මිරිඟු දිය මැද කෙම්බිමක් වෙන්නම්.....

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෑස රවටන මිරිගු දියතලයේ
    වැටෙන උණු කඳුලේ
    අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
    මිරිඟු දිය මැද කෙම්බිමක් වෙන්නම්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Imagine me and you, I do
    I think about you day and night, it's only right
    To think about the girl you love and hold her tight
    So happy together

    If I should call you up, invest a dime
    And you say you belong to me and ease my mind
    Imagine how the world could be, so very fine
    So happy together

    I can't see me lovin' nobody but you
    For all my life
    When you're with me, baby the skies'll be blue
    For all my life

    Me and you and you and me
    No matter how they toss the dice, it has to be
    The only one for me is you, and you for me
    So happy together
    :rofl: :lol: :rofl:

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇරඹුමම කඳුළක් වෙලා
    මා බලා ඉත්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අහස සේ නුබ අනන්තයි
    පොලව සෙ නුබ අනන්තයි
    මේ විශ්වයෙ මා දකින්නේ ඔබමැ පමනයි.
    ඔබ අනන්තයි.:love:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සඳට අහස ආදරේදෝ.. හම් හම්
    මලට බමරු ආදරේදෝ.. හම් හම්
    දෙනෙතට වත ආදරේදෝ.. හම් හම්
    සොඳුරියෙ මට ආදරේදෝ.. නෑ නෑ

    සිය හිස මල් තුරුලිය සුරකින්නේ ආදරෙන් නේදෝ.. හම් හම්
    දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ ආදරෙන් නේදෝ.. හම් හම්
    ඔබ මගෙ හදවත් කුටියට එන්නේ ආදරෙන් නේදෝ.. නෑ නෑ

    සයුරෙහි දිය කඳුලක් තරමින්වත් ආදරෙයි නේදෝ.. නෑ නෑ
    එහෙනම් මා මුමුණන ගී පද පෙරළා යලි කියනවදෝ.. හම් හම්

    පඳ සහනයි... සඳ පහනයි
    පඳ මවනයි... මඳ පවනයි
    වසර සසන තුරු... සසර වසන තුරු
    අම මාදරෙයි... මම ආදරෙයි
    මම ආදරෙයි.. හම් හම් හම්
    මම ආදරෙයි.. මම ආදරෙයි


    වික්ටර් රත්නායක / සුජාතා අත්තනායක
     
    • Like
    Reactions: Aarya
    Status
    Not open for further replies.