පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනේ
නොළඳ සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

මා අවදිකර යහනින්
ඔබ පිපී හිනැහී කවුළුවෙන්
කියා රහසක් සැළෙන දෙතොලින්
නොහැගෙනා වදනින්
නොහැඟෙනා අරුතින්

සුනිල් එදිරිසිංහ
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
අ හා හැඩයි රූපෙ..
බෝ නික්කි වාගෙ සෝබනා...
ඔයා තමා ඹඹා කෙටු එක්කෙනා.......
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කී කිරිඳිය ඇට නූලක අමුණා
නැති බැරි කමටයි ගෙල බැන්ඳේ
බෝ විටියා දං හවුලෙ කඩා කෑ
බාල වියේ දී කල් බැන්ඳේ
මට පිටුපෑමට ඔබට දිරිය දෙන
ඇට වැල කවුරුද ගෙල බැන්ඳේ
ඉසුරු වලට යට ගියාව යට කර
ඇයි දැයි නෑනේ සිත බින්ඳේ.....

ලන්දේ දෙණීයේ කුඹුරේ හේනේ අපේ ආදරේ මෝදු වුනා

යාන්තමට හරි මතකද ඉස්සර කීව කතා රහසේ මුමුණා

නැති බැරි ලෝකේ දහක් පැතුම් මැද

ආදර මන්දිර ගොඩ නැගුනේ
සරු බර ලෝකෙට දැත වනනු දැක
ඔබ මා හැර ඒ වෙත ඇදුනේ....

~ටී. එම්. ජයරත්න~
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
එරබදුත් පිපී තුරුමත
ලස්සනයි බැලූ බැලු අත
අම්මලා උදේ ඉඳලම පාර බලනවා
අයියගේ හිනා හඬ ලඟ ලඟම ඇහෙනවා
බක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා
ගමපුරා අලුත් අවුරුදු අසිරි මැවෙනවා


ගෙන්දගම් පොළව මගහැර
මං ඉතින් කොහොම එන්නද
ගම්දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලමේ
කෙලිදෙලෙන් ගෙවූ කාලය පුංචි සන්දියේ
හීනයක් වගේ හිත පිරිමදියි නංගියේ


ගමේ ගොඩේ කිරි හිනා නංවයි
පුංචි පැංචියෝ වට වෙවී


නංගියේ හීනෙන් වගේ මට
ඇහෙනවා ඕන්චිලි කවි


එරබදුත් පිපී තුරු මත .....

ඔබ නැතොත් අවුරුද්ද දවසට
මොටද අපි කිරිබත් උයා


එවනු මැන කිරිබත් සුවඳ මට
සුළං රැල්ලක දවටලා

එරබදුත් පිපී තුරු මත .....


 
Last edited:

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
කෝමල කතාව ගමනේ ලතාව හා හා
නෙතගේ ඉනාව ආදර හිනාව මා හා
මනමාල බැල්ම හෙලා - මනමාල හිත්කලඹා
මදහාස බැල්මට මාව ..........
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කවුරුත් දන්නැති
කවුරුත් එන්නැති
මල් පෙති විසිරුණ මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා...
    ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ...
     
    • Like
    Reactions: rukshan88

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ උයන්තෙරේ මේ තුරු සෙවනේ
    ඔබේ කතා මට තවම ඇසේ.....
    මේ නදීතෙරේ මේ අඩි පාරේ
    ඔබේ සිනා මට තවම පෙනේ.....
    :love::love::love:


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුතු පබලු වළාවේ
    මට සිසිල ගෙනාඒ
    හැමදාම පතන්නේ
    ඔබෙ සෙවනයි කතරේ‍‍...

    දුර ක්ෂිතිජ ඉමව්වේ
    දේදුන්න දිහාවේ
    නිරතරුව දැනෙන්නේ
    ඔබෙ සිසිලද මෙලොවේ....

    රන් කුරුළු විමානේ
    දිය බුබුළු ජලාසේ
    නිරතුරුව දැනෙන්නේ
    ඔබෙ සිසිලද මෙලෙසේ.....
    :love::love::love:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ආන් නඟේ සල් අත්තේ පාන් කිරිත්තා
    මේං බලාපන් හනිකට අඬා පනින්නා
    හිතම අමුතු වුනා නඟේ ඌ තනි හින්දා
    නඟේ ඌ තනි හින්දා

    අයියණ්ඩී ඉගිලුනාද පාන් කිරිත්තා
    ආං එතන සල්මල උඩ බමර පොඩිත්තා
    අමුතු වුනේ හිත අහවල් දේටද මන්දා
    අහවල් දේටද මන්දා

    රෑන් ඇදී ඇල ඉවුරේ කොක්කු නැගෙන්නේ
    රටා පුරන සෙවනැලි පෙල දියේ ඇඳෙන්නේ
    හීන් නඟා හෙට මං යන පාර බලන්නා
    හිරු දෙවියෝ ඉර සේවෙට ඒවිද මන්දා

    ආන් නඟේ සල් අත්තේ පාන් කිරිත්තා
    පාන් කිරිත්තා

    මිදුල පුරා ඔළිඳ වැලේ ඇට ඉහිරෙනවා
    කඳු බිංදු වෙනුවට මං ඔළිඳ ගනිනවා
    කොළොම් පුරේ හැන්දෑවට ඉර රට යනවා
    නුඹ සිහිවී හිත එතකොට ගම රට යනවා

    ආන් නඟේ සල් අත්තේ පාන් කිරිත්තා
    මේං බලාපන් හනිකට අඬා පනින්නා
    හිතම අමුතු වුනා නඟේ ඌ තනි හින්දා
    නඟේ ඌ තනි හින්දා

    අයියණ්ඩී ඉගිලුනාද පාන් කිරිත්තා
    ආං එතන සල්මල උඩ බමර පොඩිත්තා
    අමුතු වුනේ හිත අහවල් දේටද මන්දා
    අහවල් දේටද මන්දා


    ගුණදාස කපුගේ / මාලිනී බුලත්සිංහල

     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා

    සරාගිකවූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ //
    නිමාවූ සිහිවටන පමණකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
    කඳුල නුඹ පිපුනා
    දැවී ගිනිගත් පෙම් සුසානේ කඳුළු මල් පිපුනා

    බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා

    ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මංසලේ //
    දිනෙක ඇය මා අමුත්තන් සේ යලිත් හමුවේවී
    කඳුල නුඹ නාඩන් දුරස් වන්නේ නැතේ නුඹ මා
    කඳුල නුඹ නාඩන්

    බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා


    ගුණදාස කපුගේ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිඳිවි කොතැනක හෝ
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ
    ඒ එනතුරා හිත හදාගෙන හිඳින්...

    ගඟකට සයුරක් මුණ ගැසේවි

    රළකට වෙරලක් මග හිඳීවි
    නියඟෙට වැස්සක් ඇද හැලේවී
    නුඹටත් කෙනෙක් හිඳිවි
    දවසක සොයාන ඒවි...

    අකුලක පිපෙන නැවුම් මලක් සේ

    නදියක නැගෙන තරංඟයක් සේ
    නලලත සිඹින පවන් රොදක් සේ
    නොසිතුව විටෙක ලඟා වී
    නුඹ විඳි අඳුර නිවාවි.....

    ~සුනිල් එදිරිසිංහ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලෝනා මුණිරාජගේ
    ලෝනා මුණිරාජගේ ශ්‍රී දළදා පෙන්වමී
    ලෝනා මුණිරාජගේ ශ්‍රී දළදා පෙන්වමී
    මාගේ හිසෙහී ගර්භයෙහී සඟවා ගෙන ආ සාදරෙන්
    මාගේ හිසෙහී ගර්භයෙහී සඟවා ගෙන ආ සාදරෙන්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වීදි කොනේ මාවත අද්දර
    හඬනා කිරි දරුවෝ
    කවදා හෝ නුඹ වියපත් වූදා
    පියා කොහේදැයි මවගෙන් අසනු එපා....

    මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙක්ගේ

    මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
    බලා හිඳිමි මම නුඹ නලවන්නට
    පොඩි හිස අත ගා සුරතල් පුතේ කියා...

    පියෙක් හිඳී පුත නුඹටත් කොතැනක හෝ

    පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
    සිනාසියන් පුත කිරි දත් පෙන්නා
    මා අමතන විට සුරතල් පුතේ කියා...

    ~මිල්ටන් මල්ලවාරච්චි~
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    නෑනො
    කට තිබුනට මුහුන පුරා (නෑනෝ
    කියවන්නට එන්න එපා (නෑනෝ
    පද මාලා ගොතපු කෙනා (නෑනෝ
    ගම දාලා යන්න ගියා (නෑනෝ
    අපි දෙන්නගෙ ප්‍රේම කතා (නෑනෝ
    ලියවෙන්නට කාලෙ හොඳා (නෑනෝ
    කර මාල සෙල ගොතා (නෑනෝ
    කරකාරෙක යන්න සුදා

    මම දන්නෑති දහසක් දේ
    ගම්මු ලියනකොට ලිඳ ඈන්දේ
    පතිවෘත්ත රකින්න යන්නෙ
    කෑන්දන් යන්නෙ මමමයි ලන්දේ


    :D:D:P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විධ ගන්න ඒ සිසිල ම සිත්සේ
    මට ධෙන්න ඒ වරම කවධාධ
    ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    වැහි පබළු සැලී ඉගි කරන හැටි
    ධෙව්දුව ඇසි පිය ගසති
    මග ධෙපස රැදී
    ඔබ ධෙසට හැරි මම නෙතු නොපියා සිටිමි
    මම නෙතු නොපියා සිටිමි
     
    Status
    Not open for further replies.