පද පේලි .....

Status
Not open for further replies.

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ රට මගේ රට
    මා ඉපදුනු රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මගේ දේශය
    මගේ ජාතිය
    මගේ ආගම
    මට ලබා දුන් ප්‍රනයයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මුනි සිරිපා සිඹිමින්නේ
    සමනොළ ගිරි පෙදෙසින්නේ
    මඳ සුළඟයි මේ එන්නේ
    මගේ පුතා නිඳියන්නේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Girl I wanna just, look in your eyes and watch the sunrise
    no more lies, no more tears to cry
    no more reasons for leavin, do i believe in?
    love you till the day i stop breathin...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    දැස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ
    ඇඟිලි තුඩින් අතගගා ඉගෙන ගන්නෙ මා..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    First off I cant keep a promise
    I'm no one to count on at all
    Add on that I'm a coward
    To scared to return your calls

    But you don't care
    You keep sticking around
    While I'm locked in a cloud
    You're bigger
    Lalala
    Cuz you're still here
    Your feet stuck to the ground
    Despite how silly it sounds
    You'rebigger
    Than me
    Lalala
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සුසුදු සුදු හංස විලේ
    කොකුම් සුවඳ දියේ
    පිහින පිහිනා සුව විඳිමී
    මා මන්දෝදලියේ

    උකුල් තල යහනතේ සුසුම් සඳ එළියේ
    කොඳුර කොඳුරා තනි රකිමී
    මා මන්දෝදලියේ

    උකුල් තල මිටියාවතේ පිපෙන පියුම් මඬලේ
    සිතුසේ සැනහී වැතිර ගමී
    මා මන්දෝදලියේ

    සුසුදු සුදු හංස විලේ
    කොකුම් සුවඳ දියේ
    පිහින පිහිනා සුව විඳිමී
    මා මන්දෝදලියේ
    ල ල් ලා.. ල ල ලා


    අමල් පෙරේරා

    :love::love::love:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සූරියකාන්තා

    ඇසිපිය නොහෙලා මා දිහා
    බලාගත්වනම බලා ඉන්නවා නම්
    ආදරෙන්
    මමත් ඔබ දිහා බලාගෙනම ඉන්නම්
    මා පතාම ඔබ සදහට ඉන්නව නම්
    සූරියකාන්තා

    හිස සිඹ දෙතොළගින්
    ඔබ වැළඳගෙනම ඉන්නම්
    සිරුරේ තෙරපී පපුවට තදවන සේ
    ඔය දිගු ඇසිපිය හෙලමින්
    කිතිකවන්න හිත ආදරෙන්
    රහස් සුසුමකින් ඒ සුව විඳගන්නම්
    සූරියකාන්තා

    නොසතුටු බැල්මකින් හිස ඔසවා කියන හැඟුම්
    රස්නෙ දැනෙන්න පපුවට තව සිරවී
    ඔය ඇසිපිය යලි හෙලමින්
    කිතිකවන්න හිත ආදරෙන්
    තුනී හුස්මකින් ඒ සුව ඉවසන්නම්
    සූරියකාන්තා

    ඇසිපිය නොහෙලා මා දිහා
    බලාගත්වනම බලා ඉන්නවා නම්
    ආදරෙන්
    මමත් ඔබ දිහා බලාගෙනම ඉන්නම්
    මා පතාම ඔබ සදහට ඉන්නව නම්

    සූරියකාන්තා ///



    අමල් පෙරේරා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
    එදා සඳ නොව මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ.....

    එදා මට ඔබ සරා සඳ විය

    කවි ඇසින් දුටු සොඳුරු පියකරු
    අඳුරු හද ගැබ දෙකළු කරමින්
    උදා විය ගිරි ශිඛර සිරසේ....

    මෙදා මට ඔබ සැබෑ සඳමය

    දිගු ඇසින් දුටු ලොවය විසකුරු
    ප්‍රාණයෙන් තොර වියලි සඳ සේ
    ඔබද අද මා අසල ගැවසේ

    ~නන්දා මාලනී~
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාළේ
    තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
    අ අ ආ ආ..
    දොං තරිකිට කැත්ත දොදොන්
    පිළිවට කර කැත්ත දොදොන්
    දමා තැල්ල ඩිඟිසි ඩිගොයි
    දමා තැල්ල තක තෙයියත්තා


    කැවුම් කොකිස් තෙලේ බැදෙයි
    කැවිලි සුවඳ සිතට දැනෙයි
    බා.. බා.. බා... රන් කිකිළි
    ඊයේ උදේ ගිය කිකිළි
    බා.. බා.. බා...
    ගතිරිඤ්ඤ රිඤ්ඤං ගති ගතගෝ
    ගති ගත ගෝ
    ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වන්නා
    මැංගිරි ඩිනිකෝ අවුරුදු ආවෝ
    දොං තරිකිට කැත්ත දොදොන්
    පිළිවට කර කැත්ත දොදොන්
    දමා තැල්ල ඩිඟිසි ඩිගොයි
    දමා තැල්ල තකතෙයියන් තා
    ගමේ රබන් දොරට වඩී
    සිනා මුහුණු අවට පෙනේ
    බා... බා.. බා... රන් කිකිළි
    ඊයෙ උදේ ගිය කිකිළි
    තාම ආවෙ නැ කිකිළි
    බා.. බා.. බා...
    ගතිරිඤ්ඤං රිඤ්ඤං
    ගති ගතගෝ ගති ගත ගෝ
    සිංහල අවුරුද්දේ මල් කැකුලක් සේ දිලිසේ
    මැංගිරි ඩිනිකෝ
    අවුරුදු ආවෝ





    පද රචනය – ජයතිස්ස බොරලුගොඩ

    සංගීතය – ලයනල් රන්වල
    ගායනය – රන්වල සංගීත කණ්ඩායම
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
    මී වදවලැ පැණි පුරවන්නී
    කුරුලු සරන් කන් පිනවන්නී
    මුළු ලෝ උයනක් කරවන්නී


    ජම්බු ගහට රත පොරවන්නී
    බක් මී ගහ කහ අන්දන්නී
    අඹ දළු ළා රත තවරන්නී
    ලෝ කත විසිතුරු කැරලන්නී


    එරබදු පැහැයෙන් දුලවන්නී
    නා ගස් සුවඳින් බැඳලන්නී
    විලේ නෙලුම් මල් පොබයන්නී
    නෙත ගිය ගිය පණවන්නී


    ගමේ මෑ පුහුලම් ඉදවන්නී
    සොරුන් බවට වවුලන් ලන්නී
    නෙ තැනැ වවුලු පළවල් දෙන්නී
    ගම් දරුවන් හට වැඩ දෙන්නී


    මල් සර හට ගී සපයන්නී
    යොවුනන් සිත් ඉන් බැඳලන්නී
    දෙක දෙක එක් කැර ඈඳන්නී
    නොමිලේ කපු කම් කරවන්නී


    වෙන් වූවන් සිත කලඹන්නී
    පරණ තරහ හැම යට ලන්නී
    ආයෙත් එකමුතු කරවන්නී
    පවුල් අවුල් විසඳාලන්නී


    කොල්ලන් කෙල්ලන් බැඳලන්නී
    මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
    ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
    අවුරුදු කිරි බත උයවන්නී


    දස දෙස සුවඳින් බැඳලන්නී
    ගතට සිතට නව පණ දෙන්නී
    කුඹුරට ආසිරි සලසන්නී
    රට වටැ සොම්නස ගෙනැ යන්නී

    සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව
    ගී පද රචනය - අරිසෙන් අහුබුදු ශූරීන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළ මට උරුමයි
    සතුට ඔබ ගාවයි
    තනිවු මගෙ මේ ජීවිතේ
    දෑස මගෙ අන්ධයි
    කඳුළ මට උරුමයි

    දිව රෑ සෙව්වෙමි ආදරේ
    කතරෙ මා තනිවී
    සැනසුනෙමි ඔබෙ හමුවීමෙන්
    එයද මට අහිමී
    කඳුළ මට උරුමයි

    පාලු වූ මගෙ විමානයේ
    ඔබගෙ රුව ඇඳුණේ
    සිහිනයකි මට අහිමි ඔබ දැන්
    මතු භවයකදි හිමී

    කඳුළ මට උරුමයි..........


    ගායනය :- සුමිත් හශේන්ද්‍ර
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අමල් පෙරේරා අළුතින් සී ඩී එකක් ගහලද අක්කේ?


    මේ ගීත තියෙන්නේ අමල්ගේ මල් පිට මල් සීඩී එකේ. මමත් අරගත්තේ EK එකෙන් තමයි. හරිම ලස්සනයි. මෙන්න අහලම බලන්න.

    Thanks to tremigues who uploaded the CD.


    http://www.elakiri.com/forum/showthread.php?p=7267205#post7267205
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තරු එළියෙන් නොව සඳ එළියෙන් නොව
    පෙම් කිරණින් මග එකලු නිසා
    කප් ඉමතෙක් ඔබ පසුපස එන්නම්
    සසර පුරුද්දට පාර සොයා

    සීතල හිමයේ සත් කුළු පව්වේ
    චන්දන අර‍ණෙක පුබුදු වෙලා
    ඔබ එනතුරු මග බලමින් ඉන්නම්
    සෙනෙහෙ දනව්වේ ඉමක වෙලා.....
    :love::love:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ ගීත තියෙන්නේ අමල්ගේ මල් පිට මල් සීඩී එකේ. මමත් අරගත්තේ EK එකෙන් තමයි. හරිම ලස්සනයි. මෙන්න අහලම බලන්න.

    Thanks to tremigues who uploaded the CD.


    http://www.elakiri.com/forum/showthread.php?p=7267205#post7267205
    මං දැන් දැක්කේ..බොහොම ස්තූතියි අක්කේ..මට සඳුන් ලින්ක් එක එවලා තිවුනා :D
     
    Status
    Not open for further replies.