මම බොහෝ සේ පෙම් කළා
හිත කියවන ඇස් දෙකට
මගෙ අත්තටු සඟලේ උණුසුම
තප්පරනේ ඔබෙ පෙමට
සිත ගාවින් ඔබ රැඳිලා එවමි මගේ දිවිය
රත්තරනේ ඔබද මගේ පිංවන්තම පෙම්වතිය
සුසුමේ උණුසුම දැනෙනා තරමට
සිටින්න මට ළංවී
ඔබෙ සිත පොපියන සිතුවිලි හැම දේ
මට පවසනු මැනවී
කිරි සුවඳින් පැළ දෝවන් හැඩකරමු ද දිවිය
පින් මදිවෙද රත්තරනේ ඔබ වෙන්න මගේ බිරිය
මම බොහෝ සේ ...........
අප වෙන්වී ගියොතින් මතු දිනයක
හිත වාවනු බැරි වී
උමතු ලෙසින් ජීවිතය ගෙවනු බෑ
මරණය මට සැපකී
ප්‍රේමය නම් ජීවිතයට කෙතරම් සුන්දර ද
මුළු හදින්ම මටම ද ආදරෙ
සංසාරෙ ම සුදු කෙල්ල
මම බොහෝ සේ ...........
ගායනය :- ලක්ෂමන් හිල්මි