දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දූ
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා....... ඇල්මෙන් රඳනා
තණ්හාවකින්... ලං ලං වෙමු
රන් දෙවුලේ නෙත් රැඳේවී පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී... කාමී අඳුරේ...
කැන්දා ගනී.... මෝහනය වී
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දූ
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා....... ඇල්මෙන් රඳනා
තණ්හාවකින්... ලං ලං වෙමු
රන් දෙවුලේ නෙත් රැඳේවී පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී... කාමී අඳුරේ...
කැන්දා ගනී.... මෝහනය වී

ඒ වගේම මට තවත් දෙයක් මතක් උනා.ඒකත් මෙතන සඳහන් කරන්නම්. මීට අවුරුදු බර ගානකට ඉහත, ඒ කියන්නේ මම සමාන්‍යය පෙළ කරන අවධියේ.... මම විද්‍යාවට අමතර පංති ගියේ මහරගම දයානන්ද ගුරු මහතා ලඟට.කොහොම හරි වර්ෂ අවසානයේ පැවති සමුගැනීමේ සාදයේදි කොළඹ විශාඛා විද්‍යාලයේ එකතරා ගෑණු ළමයෙක් මොහුගේම ජනප්‍රිය ගීතයක් වන "පිපුණ මලක හැඩ දෑස සලා....." ගීතය ගායනා කලා.(voice only)එදා මුළු පංතියම මීයට පිම්බා වගේ ඒ ගීතය අහන් හිටියා.ඒ තරම් ගෑණු ළමයා හරි රසවත්ව ගායනා කලා. ඒ වගේම එදා ඒ ගීතය මගේ හදවතටත් ගොඩක් දැනුනා...... දැනුත් මම ඇස් දෙක වහගෙන ඒ මොහොත විඳිනවා...
