පහල පඩිය

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පහල පඩිය

    කවියක් ලියන්න කලකින් බැරි උන හින්දා
    පදයක් හදන්න හිතුනා අද වැඩ නැති හින්දා
    සමන්තට උණු පොඩි කැත සිද්දියක් බන්දා
    ලියනවා කවි ටිකක් මුට මල පනීවිද මන්දා

    සිද්දිය උනේ අවුරුදු විසි එකකින් එපිට
    යන්නට ගිහින් විනෝද ගමනක් එකට
    යන්නේ අපි සිරි නරඹන්න කන්ද උඩරට
    පලවෙනි නයිට් එක ඉන්නේ බදුල්ලේ රෑට

    සුමගට තමයි අපි ටියුෂන් ගන්න ගියේ
    සුමගින් තමයි චාරිකාව යන්න ගියේ
    සා පෙළ ඉවර වීමයි ගමනට නිමිත්ත වුයේ
    ගුරුතුමා හින්දයි යන්නට වර හිමි වුයේ

    පලවෙනි දවසේ කෙලින්ම යන්නේ බදුලු
    නවතින තැන, රෑ කෑම නුලට රෙඩි ලු
    කතරගම පහුකරන් කෙලින්ම යන්නේ නැතිලු
    කතරගමට පඬුරක් දාගෙනම උඩහට යනවාලු

    අඩුම කුඩුම කෑම බීම එකතු උනා
    පැදුරු කොට්ට ඇඳුම් කැඩුම් එකතු උනා
    සන්ග්ලාස් කැප් තොප්පි එක එක එකතු උනා
    හිමිදිරි උදේ අපි ගමනට පිටත් උනා

    අපි යන්නේ බදුලු යන්න හරි වේගෙන්
    සින්දු කියනවා අපේ උන් හරි සන්තෝසෙන්
    කතරගම තමයි පලවෙනි නැවතුම ගමනෙන්
    පඬුරක් දාල උඩරට බැලුමට වේගෙන්

    කතරගමට අපි විගහින් ලඟා උනා
    දෙවියන් වඳින්නට කට්ටිය යන්න උනා
    මැණික් ගඟෙන් නාන්නට වෙලාව මදි උනා
    මුහුණ අත පය හෝදන් යන්නට එකඟ උනා

    ඇති තරමින් උඩහට මහ වැහි වැහලා
    ගඟේ වතුර යනවා වේගෙන් දෙගොඩ තලා
    ඉවුරේ උඩ පඩිය ගාවටම වතුරින් පිරිලා
    වැස්ස නිසා ගඟ හොඳ හැටි බොරවීලා

    උඩ පඩියේ ඉඳන් හැම දෙන පිරිසිදු වුවා
    දෙවියන් වඳින්නට අත් පා සේදෙව්වා
    උඩ පඩියේ සැප සමන්තට මදි වුවා
    පහල පඩියට බැහැල සෝදන්නද ඇහුවා

    එපා කියද්දී කට කැඩෙනකම් අපේ ගුරුතුමා
    බැස්සා පහල පඩියට අපේ ගොන් බුරු සමා
    ජබාස් ගාල සද්දෙට ජල කඳ දෙබෑ උනා
    පහල පඩිය හොයන් සමනත වතුරේ කිමිදුනා

    මැණික් ගඟේ ඉවුරේ ඇත්තේ එක පඩියයි
    ඒක දන්නේ ඒ පැත්තේ ඉන්නා උදවියයි
    සමා වතුරේ ගිලුනේ පණ්ඩිත කම හින්දමයි
    හේතුව ලද දෙයින් සතුටට පත් නොවීම තමයි

    මැණික් ගඟේ බොර වතුරෙන් වැඩි කොටසක්
    අනිවා පෙවුනා සමාට නැහැ කාටත් කතා දෙකක්
    හදිසියකට කිමිදුනු විලසින් සමගින් සයිඩ් පොකට්
    ගං පතුලෙන් මතු උනා සමා පුරවන් වතුර කටක්

    උඩ පඩියේ උන්න නඩයම විමසිල්ලෙන්
    බලා උන්නේ සමා උඩ එනකම් සැලකිල්ලෙන්
    අත පය හතර දිග අපේ තඩි සියලුම කොල්ලන්
    උසල ගත්ත සමාව ඩෙඩ් බොඩියක් විලසින්

    හිනා වෙන්නේ කට්ටිය බඩවල් අල්ලන්
    ගහෙන් වැටුනාට ගොනා අනිනා විලසින්
    සමා ඉන්නේ මල පැනලා ලජ්ජාවෙන්
    වතුර බීල බඩ පිරිලා හරි වේගෙන්

    සමා කියන්නේ දැන් අමුලික බොරුවක්ය
    චිරා ඌව ගඟට තල්ලු කරා කියලාය
    වටේ උන්නු හැම දෙන සත්‍ය දන්නවය
    ලැජ්ජාව වහගන්න ගේම චිරා ට එරෙහිවමය

    කතරගමින් පිටවී බදුල්ලට යන්නට කලින්
    බෙලි මිරිකගෙන සමා චිරා දිව ඇදෙමින්
    ගහගත්තේ වෙන වරදක් මතු කරමින්
    හේතුව ඉතින් මැණික් ගඟ දන්නවා යහමින්

    පහල පඩියට බැස්ස සමා වසර විස්සකට කලින්
    ගිලුනේ උගේම වරදින් අපි හැමදෙන ඉන්න තැනින්
    අදත් කියන්නේ ගඟට තල්ලු කරාම කියලා කියමින්
    තවමත් නැහැ චිරා එක්ක ඇයි හොඳයියක් යහමින්

    මෙව්වා ආතල් කතා ගත්තේ අතීතයෙන්
    ලිව්වේ එදා සිද්දිය අමතක වෙන්න කලින්
    දුවන් ඇවිත් මගේ බෙල්ල මිරිකන්නට කලින්
    සමා සමාවෙයන් මම උඹේ අඹ යාළුවා ඉතින්



    කලින් ලියපුවා
    තඩියාගේ නුවරඑලිය සංචාරය...
    http://www.elakiri.com/forum/showthread.php?t=1623074

    ගිය නොගිය ට්‍රිප් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1587654

    පාසල් සමයේ රස කතා
    http://www.elakiri.com/forum/showthread.php?t=1548483