පැනල යාම

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    යාලුවනේ පොඩි පශ්නයක් තිනවා ,
    මගේ යාලුවෙක්ගෙ නංගිට වයස 16 යි . මේ ලගදි කොල්ලෙක් එක්ක පැනලා ගියා , දැන් මචන් මේ කෙල්ලට හොර හදුරුම් පතක් හදලා බන්දන්න යන්නේ ,

    මේ කොල්ලට වයස 18 බන් ,

    මෙතන තියන නීතිමය තත්වය මට පොඩ්ඩක් දන්නා කෙනෙක් පලදිලි කරලා දෙන්නකෝ ?
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරියක් සමග පවුල් ජීවිතයක් ගත කළ 19 හැවිරිදි තරුණයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වී ප‍්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කළේ මාදම්පේ, ජයබිම ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අදාළ තරුණයා වසර කිහිපයක සිට බාල වයස්කාර දැරිය සමග අඹුසැමියන් ලෙස ජීවත් වී තිබෙනවා.
    ලැබුණු තොරතුරක් මතයි මාදම්පේ පොලීසිය විසින් තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ බාල වයස්කාර දැරියගේ මව සහ මිත්තණිය මේ සම්බන්ධයෙන් දැනුවත් බව සඳහන්. තමන් මෙම දැරිය සමග අඹුසැමියන් ලෙස ජීවත් වන්නේ මාදම්පේ ප‍්‍රදේශයේ නීතිඥවරයෙකු ඉදිරියේ ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව බව පොලීසියට සැකකරු ප‍්‍රකාශ කර තිබෙනවා. දැරියගේ වයස සම්පූර්ණ වන තුරු දරුවන් බිහි නොකිරීමත්, වයස සම්පූර්ණ වීමෙන් පසු විවාහය සිදු කිරීමටත් එම ගිවිසුමේ ඇතුළත් වී ඇති බව පොලීසියට සඳහන් කළා.
    මෙම ගිවිසුමට එම දැරියගේ පාර්ෂවයද එක`ගවී ඇති බව සඳහන්. කෙසේ වෙතත් එවැනි ගිවිසුමකට අනුබල දීම හෝ කි‍්‍රයා කිරීම නීති විරෝධී බව පොලීසිය සඳහන් කළා. ඒ හේතුවෙන් අදාළ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගැනීමටද නියමිතයි. මේ වන විට අදාළ බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. සැකකරු හලාවත දිසා අධිකරණය ඉදිරිපත් කිරීමටද නියමිතයි.
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මන් අහන්නේ බන් කොහොම හරි බැන්දට පස්සේ මේක මට්ටු උනොත් මොකද වෙන්නේ ,,

    mattu unoth ithin monawa wennada.......... pigan, koppa tikath aragena yaman 4 :no::no: weni thattuwe nawathinna...........:angry::angry:
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    විවාහය සංකීර්ණ වූ බැඳීමකි. ලංකාවේ ව්‍යවස්ථාපිත නීතියට අනුව වයස අවුරුදු 18 වැඩි වයස් විවාහයන් සඳහා නීත්‍යනුකූල අවසරය ලැබේ. අවුරුදු 18 අඩු විවාහයන් සඳහා "ළමා විවාහ" වශයෙන් අර්ථකථනය වුවත් සැබැවින්ම එහි නීතිමය බැඳීමක් නොමැත. අවුරුදු 18 අඩු විවාහයන් සඳහා නීතිමය වශයෙන් අවසරයක් නොමැති තරම්ය. නමුත් සමාජයෙන් සිදුවූ වැරැදි වසා ගැනීමට "අඩු වයස් විවාහයන්" නමින් ලේබලයක් අලවා තිබේ.
    පවුල තුළ සිදුවූ යම් යම් දේවලින් අතවරයට ලක්වන බාල වයස්කාර දැරියන්ට නීතියෙන් විවාහ වීමට අවසර නැතත් ඔවුහු එකට ජීවත් වෙති. එය සමාජයෙන් වසන් කිරීමට විවාහය යන වචනය යොදා ගනී. වයස අවුරුදු 16 අඩු ගැහැනු දරුවකු හා ලිංගික වශයෙන් එක්වීම ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය අනුව ස්ත්‍රී දූෂණයක් යටතට ගැනේ.


    බොහෝ විට අඩු වයස් සම්බන්ධතා සඳහා පාදක වනුයේ යම් යම් බල කිරීම්ය. නිශ්චිත වශයෙන්ම හේතුකාරණා සඳහන් කළ නොහැකි වුවත් අඩු වයස් සම්බන්ධතා සමාජයට හෝ එම සම්බන්ධතා පවත්වන පාර්ශ්වයට හිතකර නොවේ.


    ආසියාතික සංස්කෘතිය අනුව විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතා ප්‍රතික්‍ෂේප කරයි. නමුත් අඩු වයසින්ම ලිංගිකව එක්වුවහොත් එහි වරදකාරීත්වය පැවරෙනුයේ එම ගැහැනු ළමයාට පමණි. පුරුෂයාට වීරත්වයක් ආරෝපණය වෙයි. අඩු වයස් සම්බන්ධතා තුළත් එම පාර්ශ්වයන්ගේ අධ්‍යාපනය, පෝෂණය, ආර්ථිකය යන අංශ කෙරෙහි වැඩි වශයෙන්ම බලපෑම් ඇති කරයි. සාමාන්‍ය විවාහයකදී වුවද සම්බන්ධතා මෙහෙයවීමේ බලය අඩුවෙන්ම ලැබෙන්නේ කාන්තාවටයි. නමුත් අඩු වයස් විවාහයකදී සම්බන්ධතා මෙහෙයවීමේ කිසිදු බලයක් කාන්තාවට හිමිවන්නේ නැත. එම සම්බන්ධතා මෙහෙයවීමට කිසිදු දැනුමක් පවා කාන්තාවට නැත. එය තුළ කාන්තාවට ලැබෙන පිළිගැනීම පවා ඉතා අල්පය. නිසි වයස සම්පූර්ණ නොවුණු නිසා නීතිමය වශයෙන් පවා කිසිම ආරක්‍ෂාවක් නොමැත.


    අඩු වයස් සම්බන්ධතා සඳහා බොහෝ විට පෙලඹෙන අවදානම් වයස් කාණ්ඩය වනුයේ වයස අවුරුදු 13 ත් 15 ත් අතර වයස් කාණ්ඩයන්ය. යම් යම් දේ මත බලකිරීමෙන් බොහෝ විට කුඩා දැරියන් මේ සඳහා පොලඹවා ගනී. ඔවුනට සම්බන්ධතාවක පදනම පිළිබඳ පවා හරි හැටි වැටහීමක් නොමැත. හුදු කායික ස්පර්ශයකට පමණක් නතුව අඩු වයස් සම්බන්ධතා සඳහා යොමුවන දැරියන් දැන හෝ නොදැන තම ජීවිතය පිළිබඳ තීරණ ගනියි. නීතිමය බැඳීමකට යට නොවී නමුත් නීතියේ මුවාවෙන් ඔවුහු සමාජයේ අඹු සැමියෝ ලෙස දිවි ගෙවති.
    බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක්කළ පිරිමි පාර්ශ්වයට එහි එතරම් ලොකු බලපෑමක් සිදුනොවේ. ස්ත්‍රී දූෂණයකට වරදකරු වී වසර කිහිපයක් සිරගත වී පුරුෂයාට නැවත නිදහස ලැබිය හැකියි. නමුත් සමාජයෙන් ගැරහුම් අපවාදවලට ලක්වී අනාගතය අඳුරු වන්නේ අඩු වයස් දැරියගේය. දැරියක් අතවරයට ලක් වූ පමණින් එම දැරියගේ ජීවිතය විනාශ වන්නේ නැත. එම අමිහිරි ඛේදවාචකය අමතක කර දමා නැවත ඇයට නැඟී සිටීමට ශක්තිය සැපයිය යුතුය.
    බාල වයස්කාර දැරියක විරුද්ධ ලිංගිකයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගත් කල්හි නිවැසියන් දක්වන්නේ බොහෝ සෘණාත්මක ප්‍රතිචාරයකි. බොහෝ විට එය එම දැරියට තර්ජන ගර්ජන කිරීමක් විය හැකියි. එයින් අසරණ වන දැරිය තම පෙම්වතා වෙතට යෑමට ඉඩ තිබේ. එයින් අසරණ වන්නේ හෝ අනාරක්‍ෂිත වන්නේ එම දැරියමය.


    බලහත්කාරයෙන්, ආදරය කරන මුවාවෙන් සම්බන්ධතා ගොඩනැඟේ. තවත් බාල වයස්වල පසුවන්නන් විවිධ අත්හදා බැලීම් උදෙසාද සම්බන්ධතා ගොඩනඟා ගනී.
    නූතන අධ්‍යාපනික ක්‍රමය තුළ මෙන්ම පවුල් සංස්ථාව තුළත් ලිංගිකත්වය පිළිබඳ විවෘත කතාබහක් නොමැතිකමින් බොහෝ අඩු වයස්වල දරුවන් වැරදි ක්‍රියාවන් සඳහා පෙලඹේ. ලිංගික අධ්‍යාපනය අද සමාජයට කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. සදාචාරය පිළිබඳ කතාකරමින් මෙය කිසිසේත් කළ නොහැකි අතර තරුණ හැඟීම් තේරුම්ගත් ලිංගික අධ්‍යාපනයක් අවශ්‍යය.
    අඩු වයස් දරුවකුට යම් ලිංගික අතවරයක් හෝ අඩන්තේට්ටම් කිරීමක් පිළිබඳ ඔබට දැන ගැනීමට ලැබුණේ නම් 1929 අමතා ඒ බව ජාතික ළමා රක්‍ෂක අධිකාරිය වෙත දැනුම් දෙන්න.
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    wenna puluwan narakama de thama balawayaskariyak apayojanaya kara kiyala kollawa hireta dala kellawa pariwaseta dana eka. Hora ID case mattu unoth kuuta lekhana sakas kireema kiyala nadu danna puluwan....wadiya wana kara ganne nathuwa thawa awurudu dekak hitiyoth kisima case ekak nowennath puluwan.....monawa unath wayasa hari yanakam lamai hadanna epa kiyapan...nathnam hospital ekedi okkoma mattu wenawa....
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    hodama wade wayasa hariyanak idapan........ kollawa poddak meeter karagena idapan....panala giyoth ahema... lamaiye hadannath epa kiyapan.........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොර හැඳුනුම්පත්, හොර උප්පැන්න, මොනයම් හෝ ලිපි ලේඛන හොරට හැදුවොත් ඒකට සම්බන්ධ හැම කෙනාවම හිරේ දානවා..:yes: ඔය වැඩ සාර්ථක නැහැ..:no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් අහන්නේ බන් කොහොම හරි බැන්දට පස්සේ මේක මට්ටු උනොත් මොකද වෙන්නේ ,,
    යකෝ.. මෙහෙමයි.. ඕක කොහොමත් මාට්ටු වෙනවා.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැහැ.. මාට්ටු වෙච්ච ගමන් නඩු යනවා.. නඩුවෙදි කියන්න වෙනවා ඔය හොර හැඳුනුම්පත් හැදුවෙ කවුද..? කොහොමද හැදුවෙ හැම මගුලක්ම.. ඊට පස්සෙ ඕකට සම්බන්ධ හැම කෙනාටම හිරේ ලගින්න වෙන්නෙ..

    මේක තමා බරපතලම කාරණාව.. හොරට ලිපි ලේඛණ හදලා කසාඳ බන්ඳන්න හදන්නෙ එයාට අවුරුදු 18 සම්පූර්ණ නැති නිසානේ.. බැරි වෙලාවත් ඒ දෙන්නා ලිංගිකව එකතු වෙලා තිබුනොත් ඒක ස්ත්‍රී දූෂණයක් විදියටයි ගණන් ගැනෙන්නෙ.. එහෙම වුණොත් කොල්ලා හිරේ යනවා..:yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba ekka neda panala giye...ane yako..mona wunath panala yana 1 wedding 1k gannawata wadanam labai kiyala vitharaknam dannawa....
    උඹගෙ කතාව නම් ඇත්ත කොල්ලො.. පැනලා යන්න ඕන නැහැ.. ලොකු උත්සව නොගෙන ශේප් එකේ කසාඳ බඳින එක තමා හොඳම වැඩේ.. දෙමාපියන්ගෙ ආශිර්වාදය ඇතිව.. නැත්නම් ඒ විවාහය සාර්ථක නැහැ..:no:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    දෙයියො ඉස්සරහ දිවුරල ආවත් වැඩක් නෑ.. බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ වරදට අහවලාට බඩු පැකට් වෙනව... :rolleyes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    යකෝ.. මෙහෙමයි.. ඕක කොහොමත් මාට්ටු වෙනවා.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැහැ..

    අඩෝ.. උඹ ඔය හෝදන කතාව කොහෙන්ද අල්ලගත්තෙ? :P ඇත්ත කියහන්.. පොතකින් නේද? ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙයියො ඉස්සරහ දිවුරල ආවත් වැඩක් නෑ.. බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ වරදට අහවලාට බඩු පැකට් වෙනව... :rolleyes:
    :yes::yes:
    පවුලටම හිරේ යන්න වෙන්නෙ.. දෙමාපියො හිරේ යයි රජයේ ලිපි ලේඛන හොරට හැදුවට..:yes:

    අඩෝ.. උඹ ඔය හෝදන කතාව කොහෙන්ද අල්ලගත්තෙ? :P ඇත්ත කියහන්.. පොතකින් නේද? ;)
    ඉස්කෝලෙ යන කාලෙ හිටන් ආපු ටෝක් එකක් බං මේක.. සෑහෙන්න පරණයි.. දැන් වැඩි පාවිච්චියක් නෑ.. යෞවන සමින්ද්‍ර ඉස්සර අපිට උගන්නපුවා..:D