For SriLanka
මේ යන්නෙ රාජපක්ෂලව බේරාගැනීමේ ඉමෝෂනල් කැම්පේන් එක

දැන් ගැලවීමක් නැතිවෙන්න හිර වෙලා ඉන්නෙ රාජපක්ෂ නඩේ.
1. එක්කො තමන් විනාස කරපු රට හදන්න ජනප්‍රිය නොවෙන තීරණ ගන්න වෙනවා.
2. එක්කො මේ වෙලාවෙ පුළුවන් උපරිම හොරා කාල කොහේ හරි රටකට පැනගන්න වෙනවා.
ඔය මොන එක කරත් ප්ලෑන් කරන් ඉන්න රාජපක්ෂ දේශපාලන අනාගතේට කෙළවෙනවා.
දෙවෙනි එක කරොත් ජාත්‍යන්තරෙන් බේරිල්ලකුත් නැති වෙනවා. ඇමරිකාවේ ගියොත් හිරේ තමයි.
ඉතිං මේ වෙලාවෙ රාජපක්ෂලට කරන්න තියෙන හොඳම ගේම (වෙනත් පුරවැසියන්ට කරන්න තියෙන නරකම දෙයක්) තමයි රට ඉන්න අයගෙන් සල්ලි පුලුවන් තරං බැංකු වලට ගෙන්න ගන්න එක.
මෙච්චර කල් තර්ජන කරලා, ලංකාවේ සල්ලි freeze කරනව කියලා බය කරලා ගෙන්න ගන්න හැදුවා. කොවිඩ් කාලෙ රටට ආපු කම්කරුවගෙන් පවා අසාධාරණ ගණන් හොටෙල් වලට අයකරලා හූරා කෑවා. බය කරලා කරගන්න බැරි තැන දැන් ඉමෝෂනල් ගේම් දෙනවා.


ඒක තමයි ඔය යන්නෙ. අහුවෙන්න එපා රටට ආදරයක් තියෙනවනං. ඔය යන්නෙ රාජපක්ෂ බේරාගැනීමේ සටන මිසක් රට බේරාගන්න කැම්පේන් එක නෙවෙයි.
මතක තියාගන්න කිසිම සාධනීය ඉදිරි පියවරක් ගන්නෙ නැතුව සුපුරුදු දූෂණ වංචාම කරන ගමන් තමයි සල්ලි එවන්න කියන්නෙ. කිසිම හොඳක් වෙන්නෙ නෑ සල්ලි යැව්වෙ. රාජපක්ෂ කුණු දේශපාලනේ ශක්තිමත් වෙන එක විතරයි වෙන්නෙ. දේශපාලනයත් බේරන් පරණ පුරුදු හොරකමම කරන් සැපගන්න වෙන විදියක් නෑ මෙහෙම නොකරොත්. IMF සල්ලි වලින් ඒක කරන්න බෑ. ඒ නිසා ඒකට කැම්පේන් එක තමයි රටේ සල්ලි වලින්ම යොහානිලට ගෙවලා කරන්නෙ.
සල්ලි දැම්මට පස්සෙ දාපු උන්ට සලකන විදියත් අමතක නං මේක බලලා මතක් කරගන්න.


#GoHomeGota2022
#Gohomerajapaksas