යාළුවනේ , අපේ අක්කගේ පොඩි එකා දැන් මාස 03ක් තිස්සේ ඉදලා බත් ඇටයක් කන්නේ නෑ. ඒ තියා පලතුරක් , චිස් කැල්ලක් වත් කන්නේ නෑ. මුට මාර ගේමක් දෙනවා මොනවා හරි කවා ගන්න. දන්න කියන ඔක්කොම හොද ඩොක්ටස්ලට පෙන්නුවා. ඒත් උන් ගනන් ගන්නේ නෑ. හැබැයි මුට රැට පිටි බොතලයක් දෙන්න ඔනි බොන්න. මු ඒක බිලා දවසෙම ඉන්නවා. සෙල්ලම් හිට කරනවා. තාම අවුරුදු දෙකයි මාස 04යි. ගෙදර හැමෝම අප්සට් එකෙන් ඉන්නේ මු කන්නේ නැති එකට. හැබැයි පිටි එක නවත්තලා බැලුවා, ඒත් මු මොනවත්ම කන්නේ නෑ. ඒ පාර අයෙත් පිටි එක දෙන්න ගත්තා. බත් දකිනකොට මු දුවනවා. පලතුරු....ඊට හපන්.... මේකට මොනවා හරි අදහසක් කියන්න. ඔය ගොල්ලන්ටත් මේහෙම අත්දැකිම් තියෙනවද ?
