පොඩි ට්‍රික් එකක් අහු උනා කලුවෝ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    Tozed ZLT P25 S10 රවුටර් දෙකෙන්ම මම මේක චැක් කරල බැලුවා. ගෙදර පැත්තකට දාපු මේ මොඩ්ල් රවුටරයක් තියෙනවනම් (වෙන ඒවත් වැඩ ඇති මම බැලුවෙ මේ දෙක විතරයි ) උඹලා පාවිච්චි කරන රවුටරේ වයිෆයි රේන්ජ් එක ගෙදරට මදි නම් උක්ත රවුටර් පාවිච්චි කරලා ඒක වැඩි කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ රවුටරේට ලොග් වෙලා advanced settings යටතේ තියෙන DHCP ඩිසේබල් කරලා උඹලගෙ මේන් රවුටරේ DHCP IP රේන්ජ් එකෙන් පිට IP එකක් ඒකට දාන එක විතරයි. SSID සහ පාස්වර්ඩ් මේන් රවුටරේ විදියටම දැම්මොත් ඩිවයිස් එක මාරු වෙනවා වයිෆයි නෙට්වර්ක් දෙක අතර දැනෙන්නෙවත් නෑ. හැබැයි එකම නම පාස්වර්ඩ් දැම්මොත් frequency රේන්ජ් දෙකක රවුටර් දෙක තියන්න වෙනවා. Ethernet කේබලෙන් රවුටර් දෙක කනෙක්ට් කලාම අර දෙවනි රවුටරේ ඇක්සස් පොයින්ට් එකක් විදියට වැඩ කරනවා. දෙකෙන් කෝකට කනෙක්ට් උනත් එකම නෙට්වර්ක් එකේ.

    aaaa.PNG


    bbbbb.PNG

    මේ මගෙ මේන් රවුටරේ.


    ccccc.PNG






    දිග Ethernet කේබල් එකක් හදලා ගෙයි අනික් කොනට පොඩි රවුටරේ දැම්මනම් ගෙදරටම වයිෆයි. නෙට්වර්ක් ස්විච් එකක් තියෙනවනම් එක එක IPs දාලා රවුටර් කීපයක් උනත් මෙහෙම කනෙක්ට් කරල ලොකු වයිෆයි කවරේජ් එකක් ගන්න පුළුවන්.

    සමහරවිට මේක අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති. මම නම් අලුතින් හොයා ගත්තේ :)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,157
    113
    සුපිරි වටිනව. මොකක් ගැනද කියන්න හදන්නේ කියලා තේරෙනවා screenshot වලින්. දැන් මේ වෙලාවේ කියවන්න හරිම අමාරුයි පොඩි එකෙක්ගේ රචනාවක් කියෙව්වත් හරිම complicated theory එකක් තේරුම් ගන්න උත්සාහ කරනව වගේ. පාරපැත්තෙ ගිහින් ඇවිත් කියවන්නම්