මම SE මචං.Computer science ඉගෙන ගත්තේ අර නිල් පාට ide එකයි කෝඩ් අතින් ලියන එකයි ඒ දවස් වල මට සැහෙන ගොන් වැඩක් වගේ පෙනුනත් දැන් එක එහෙම කරන්න උන එක ගැන සතුටුයි. කෝඩ් කටපාඩම් කරගන්නවට වඩා keywords ටිකයි syntax ටිකයි මතක තියාගෙන code ලියපු එකෙන් ඇවිත් තියෙනවා practice එකක්.
මේ vscode inteljidea වලින් කෝඩ් කරලා එළියට එන අයගේ ලොකු අඩුවක් තියෙනවා හිතන වීදියේ එක වෙන්නේ කොහොමද කියල නන් ලොකු අදහසක් නෑ ඒත් ඉගෙන ගන්නකොට වැඩි විච්චූරණ නැතුව ටිකක් අමාරු ඒත් basic ටික අල්ල ගත්තට පාඩුවක් නෑ.
හැමෝටම ඔහොම වෙනත් නෑ ඒත් දැන් එළියට එන බහුතරය ඔහොමයි.
Private compus වල syllabus ගැන අදහසක් තියෙනවද? ඔයා CS ද නැත්තං SE degree එකකටද උගන්නන්නේ
------ Post added on Feb 26, 2024 at 8:09 PM
රජයේ කැම්පස් වල ඩිග්රි අවුල් කියලා නෙවෙයි මම කියන්නේ. කතිකාචාර්ය වරු බහුතරයක් තාම 2000 දශකයේ වගේ තමන්ගේ ඔලුවේ තියන දැනුම ගැන අධිතක්සේරුවෙන් ඉන්න එක අවුල් කියලා. මම දන්න A/L සිලබස් එක හදපු කෙනෙක් පවා IS පාඩමේ functional and non functional requirements අර්ථකතනය කරනවා වැරදී. ඉතිං හිතපංකෝ.
හාඩ්කෝඩ් කරන එක හොදයි හැබැයි කෝඩ් කට පාඩම් කරලා නෙවෙයි. ප්රැක්ටිස් කරලා. ඉස්කෝලවලයි, ටියුෂන් ක්ලාස්වලයි මොකද කරන්නේ. ළමයින්ට කෝඩ් කටපාඩම් කරවන එක. උන්ට ලූප් එකක්වත් හරියට තේරුම් ගන්න බෑ. උගන්වන ගුරුවරු බහුතරයකට කෝඩ්වලින් හිතන්න බෑ. උනුත් කටපාඩම් කරලා තියාගන ඉන්නේ.
Bit වගේ ඩිග්රි දෙන්නෙත් වැඩකට නෙවෙයි. සහතික පෙන්වන්න විතරයි. Bit ගත්ත බහුතරයකට A/L වත් උගන්වන්න බෑ.
රජයේ සහ Private compus (SLIIT) වල syllabus ගැන මම සෑහීමකට පත්වෙනවා.
