පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..

Axiata

Banned
Oct 3, 2015
147
38
0
පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..





"මාර ට්‍රැෆික් එකක් නෙ. බස් එක දැන් පැයක් විතර එකම තැන. ඒ මදිවට කට කපල මිනිස්සු පුරෝල බස් එකේ"
"ඒක තමා, ඉස්සරහ ඇක්සිඩන්ට් එකක්ද දන්නෙ නෑ"
"මෙච්චර වෙලා ? "
"පාර බ්ලොක් වෙලා තියෙන්නෙද? ඉස්සරහා උද්ඝෝෂණයක් ලු. කැම්පස් එකේ ළමයින්ගෙ"
"අප්පෝ. නොදකින්. දැන් ඉතින් දවසම ඉවරයි. හරිම අමාරුවෙන් බොසාට වැඳල වැඳල නිවාඩුවක් දාගෙන කොළඹ ආවේ. හදිසි වැඩක් කරගන්න. නොදෝකින් කාලකණ්ණි හැත්ත"
"මුංට ඉතින් හැමදාම උද්ඝෝෂණ. අම්මලා තාත්තලාගේ සල්ලි අරන් ගිහින් ඉගෙන ගන්නෙ නැතුව උද්ඝෝෂණ කර කර ඉන්නවා. අනේ මෙහෙමත් ළමයි"
"ඒ... ඒ.. කවුරු හරි අර ගෑණු ළමයට සීට් එකක් දෙන්න.. ඒ ළමයා කලන්තෙ දාන්න වගේ"
"මුංට හෙන ගහනවා මේ අපි වගේ පැත්තක ඉන්න මිනිස්සුන්ට දෙන වද වලට. ප්‍රශ්න තියෙන්නෙ මුංට විතරද? අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? මුං නිසා අපිට වෙන අසාධාරණේට කවුද කතා කරන්නෙ. කාලකණ්ණි"
"අද මේ වැඩේ කරන්න බැරි වුනොත් ආයේ මාස දෙකක් යනකම් බොසා ගෙන් නිමාඩුවක් නම් ගන්න වෙන්නෙ නෑ"
"පොඩ්ඩක් ඉන්න දැන් හරියයි. පොලිසිය පාර බ්ලොක් කරල තියෙන්නෙ. ඉක්මනට විසිරුවා හරියොත් හොඳයි. "





12196076_10203479573150197_5371678556327707520_n.jpg


----------------------------------------------------------------------------------------------
"හෙට උද්ඝෝෂණේට එනව නේද?"
"ඔව් ඉතින් එහෙමවත් කරල බලමු මොකද වෙන්නෙ කියල"
"හ්ම්ම්.. ගෙදර තත්වෙ එන්න එන්නම නරක අතට හැරෙනවා. තාත්තගෙ අසනීපෙ දැන් තිබ්බටත් වඩා දරුණුයි. හොඳ අතට හැරෙන පාටක් නෑ. එයා වැඩට යන්නෙත් නෑ දැන්. කොච්චර හීන තියාගෙනද පාඩම් කලේ. මෙච්චර කල් ඉගෙන ගත්ත දෙයින් වැඩක් නැති උනොත් වහ කන්න තමා වෙන්නෙ."
"බයවෙන්න එපා. අසේල අයියා කිව්ව හෙට උද්ඝෝෂණේට එන්න. ඇවිත් කතා වුන විදිහට වැඩේ කලාම ඔක්කොම හරි යයි කියල. සටන් නොකර අයිතීන් දිනාගන්න බෑලුනෙ"
"ඒක ඇත්ත ඉතින්. මෙහෙමවත් දෙයක් කලේ නැත්නම් කාටද අපි වගේ මිනිස්සු ඉන්නව කියලවත් මතක?"








12141757_558451634312589_5375902249334789745_n.jpg
----------------------------------------------------------------------------------------------

















"වැඩේ හරිනෙ"
" ඔක්කොම හරි. කොල්ලො ටික ලෑස්තියි හෙට උදෙන්ම වැඩේ පටන් ගන්න. බාගෙට බාගයක් කොල්ලො උන්ගෙ කෙල්ලන්වත් එක්කගෙන එන්නෙ. එතකොට කට්ටිය තවත් වැඩිවෙනවා"
"නියමයි. කොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. සාධාරණ ප්‍රශ්න. ඒවා වෙනුවෙන් උදව් කරලා තමා අපි අපේ පක්ෂෙ ගොඩදාගන්න ඕනි. අපිට පොඩි හරි පදනමක් තියෙන්නෙ ඔය කැම්පස් කොල්ලො කෙල්ලන්ගෙ අතරෙ විතරයි. ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි. "
"ඔව් ඔව්"
"අපිට කරන්න පුළුවන් දේ අලුත් ආණ්ඩුවටත් පොඩ්ඩක් මතක් කරන්න ඕනි. නැත්නම් අපි ඉන්නව කියලත් අමතක වෙනවනේ මුංට"
"හෙට වැඩේට ලොකු එටෙන්ෂන් එකක් ගන්න පුළුවන් වුනොත් ගොඩම තමා. කඳුළු ගෑස් ගහන තත්වෙට ආවොත් වැඩේ සාර්ථකයි කියන්න පුළුවන්. බැටන් ඇටෑක් එකකට ආවොත් නම් ඉතින්...."
----------------------------------------------------------------------------------------------










12011202_558451747645911_2216713725325374325_n.jpg










"සර්. කොල්ලො ටික එන්න එන්නම ඉස්සරහට එනවා. එහා පාරෙ මාර ට්‍රැෆික් එකක්. මොකද කරන්නෙ?"
"පොඩ්ඩක් ඉන්නවකො අයිසෙ."
"සර් ඕඩර් එක ආව ගමන් කියන්නකො. දෙන්නම් පොරි හැලෙන්න"
"යකෝ ගහන එක එහෙම ලේසි නෑ. කොහොම හරි මේක ගොඩින් බේරලා විසුරුවන්න බලමු. මීඩියා එකෙනුත් ඔක්කොම ඇවිත් ඉන්නෙ. ගැහැව්වොත් විසුමක් වෙන්නෙ නෑ දන්නවනෙ. අපිමයි කරදරේ වැටෙන්නෙ. කොහොම හරි කඳුළු ගෑස් වලින් නවත්ත ගන්නයි ඕඩර් එක ඇවිත් තියෙන්නෙ"
"ඕකේ සර්. මගෙ නම් ඇඟ නලියනවා මුංට දෙකක් අනින්න. බලන්නෙපෑ මේ පර බැල්ලියන්ගෙ සැර. මුං කොල්ලන්ට හපං"
"උඹල පිස්සු කෙළින්න එපා. නැති ලෙඩ දාගන්න එපා මේ කාළකණ්ණින්ට ගහලා. කරන්නම දෙයක් නැති වුනොත් ඕඩර් එක එයි. එතකොට ඉතින් ගහනව ඇර කරන්න දෙයක් නෑ."
"සර්.. කඳුළු ගෑසුත් ගැහැව්වා.. හරියන්නේ නෑ සර්. මුන් බැරියර් කඩාගෙන ඉස්සරහට එන්න යන්නෙ.. මොකද කරන්නෙ?
"කරන්න දෙයක් නෑ. මම නම් කැමති නෑ මුංට ගහල නැති ලෙඩ දාගන්න. ඒත් මොනව කරන්නද? බලමු. ලොක්ක කියන දේනෙ බං අපි කරන්නෙ"
විනාඩි 40කට පමණ පසු..
"හරි ඕඩරේ ආවා. කරන්න දෙයක් නෑ. බැටන් ඇටෑක් එකකට යන්න වෙනවා"
"ඒ කියන්නෙ හරිද?"
"ඔව් වෙන කරන්න දෙයක් නෑ"
"ඕඩරේ ආවා. ගනින් බැටන් පොළු. අද දෙන්නේ කැ* බල්ලන්ට අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න.!@#$%^&*()(&^%$#@""


12190787_558451457645940_7567452061962120415_n.jpg





12190046_558451517645934_1605751889528793465_n.jpg







හොයාගෙන ආවේ එෆ් බී එකෙන්.







 
Last edited:

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    aitheen dina ganda mun genaral 1 laga block kaloth harida! hama magulatama lipton/kotuwa station 1i. yako hadisiyakata yanda ba para wahala! aitheen dina ganda udgoshana karanda wena thanak hoyal dunnoth hodai! galleface/ diyawannawa/ diyatha uyana/ victoria park 1 wageth awlAk na! block wena thanma block karanawa!
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Ane yako block wenne nati tanaka un oka karoth kawadawath unge prashneta wisadumak nam hambenne naa:no:... Denenda karoth witarayi lankawe palakayo wisadumak denne...Yaka ge hatiyata tama Vimane:baffled::baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගොඩක් පැතිවලින් බලලා තියෙන හොද ලිපියක්

    ටැග්වලින් පේන්නේ නම් උඹත් එක්ක කවුරු හරි අවුලෙන් ඉන්නවා කියලා
     

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    ගොඩක් පැතිවලින් බලලා තියෙන හොද ලිපියක්

    ටැග්වලින් පේන්නේ නම් උඹත් එක්ක කවුරු හරි අවුලෙන් ඉන්නවා කියලා


    එළකිරියේ ඇත්ත කියන්න ගියාම අවුල් තමයි බං.
    :):):):)
    හැබැයි ගණන් ගන්නේ නෑ.එෆ්.බී එකට වැඩිය මෙතන ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා එනවා.
    කියන්න තියෙන දේ කියනවා.:yes::yes:
    ඒකට රිදෙන ඇත්තොන්ට රිදෙනවා.:lol::lol::lol:
    උන් ටැග් දානවා රෙප් කපනවා.
    මගේ නම් මයිලකටවත් දැනෙන්නේ නෑ.:lol:
    :lol::lol:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    bada ridunath yahapalane kiyanna epa ban poddak balahan mee wagee case ekak unoth mokada wenne kiyala anik minissunta NHSL ekata kochchara neuro cae enawada ban dawasakata anika oyawagee ekakin minihek marunoth,mun ewwa danne nane ban mun karanne balamandalee inna un kiyana widihata,agree eken 50 one social eken 100k enawa management eken mechcharak enna one edata mechchara enna one repa araka meeka kiyala kiyala kattiya ekka yanawa.okata enne godak welawata okakata eka parak wath apu nathi un samahara wita aluthma un. paw ban degolloma
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Ane yako block wenne nati tanaka un oka karoth kawadawath unge prashneta wisadumak nam hambenne naa:no:... Denenda karoth witarayi lankawe palakayo wisadumak denne...Yaka ge hatiyata tama Vimane:baffled::baffled:

    :yes::yes::yes:

    දෙන්ඩ ටෝක්ස් නැත
    ඔක්කොම දී ඇත
    පිනට කළා ගුටි කාපු උන්ට රෙදෙයි

    උඹ මේක හරියට කියවලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ
     

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    bada ridunath yahapalane kiyanna epa ban poddak balahan mee wagee case ekak unoth mokada wenne kiyala anik minissunta NHSL ekata kochchara neuro cae enawada ban dawasakata anika oyawagee ekakin minihek marunoth,mun ewwa danne nane ban mun karanne balamandalee inna un kiyana widihata,agree eken 50 one social eken 100k enawa management eken mechcharak enna one edata mechchara enna one repa araka meeka kiyala kiyala kattiya ekka yanawa.okata enne godak welawata okakata eka parak wath apu nathi un samahara wita aluthma un. paw ban degolloma


    එකඟයි මචා..
    අපිත් කැම්පස් ගියා.යූ.ජී,සී. බ්ලොක් කලා..මතකයි..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එළකිරියේ ඇත්ත කියන්න ගියාම අවුල් තමයි බං.
    :):):):)
    හැබැයි ගණන් ගන්නේ නෑ.එෆ්.බී එකට වැඩිය මෙතන ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා එනවා.
    කියන්න තියෙන දේ කියනවා.:yes::yes:
    ඒකට රිදෙන ඇත්තොන්ට රිදෙනවා.:lol::lol::lol:
    උන් ටැග් දානවා රෙප් කපනවා.
    මගේ නම් මයිලකටවත් දැනෙන්නේ නෑ.:lol:
    :lol::lol:

    :):):):)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gethara velila ,velila,velila idhala. try ekak deela , enne igena ganna. Mun igena ganna avilla, pissu kelinava, hodha nathnam, Getharata vela inna thibunane, podi kadayak da gena, samajayata karadarayak novi.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :yes::yes::yes:



    උඹ මේක හරියට කියවලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ

    :dull: :dull: :dull:
    දෙපැත්තටම තියෙනවා. නමුත් ඔය පාරට බැස්ස උන් පිළිගන්නේ නෑ උන් වැරදි කියලා.
    FB නම් ඉන්න උන් කියන්නෙම උන් 100% ක් හරි කියලා.

    අනික බන් කෝ ඔය ලංකාවේ ඉන්න දොස්තරලා/ ඉන්ජෝ. උන් ඉගෙන ගත්තේ ලංකාවේ campus වලින් නෙමෙයිද ? ඒ කාලේ උනුත් පෙළ පාලි යන්න ඇතිනේ. එහෙනම් මේ ප්‍රශ්නෙට උන් එන්න එපැයි කෑකුමක් තියෙනවනම්.
    නෑ නෑ. ඔය ඔක්කොමට මුන්ට කැම්පස් ඉන්න කාලේ ෂෝ එක දාන්න. ඔතනට ආපු උන් සමහර උන් දන්නෙවත් නැතුව ඇති උද්ගෝෂණය කරන්න හේතුව වත්