බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

Evolution X

Well-known member
  • May 16, 2014
    1,150
    405
    83
    උඩරට
    වත්ත තාප්පෙකින් වටකරලා නම් නිදහසේ හදපන්.
    පොඩි කාලේ ඉදන් නිදහසේ හදනකොට දකින දකින එකාව හපාගෙන කන්න පනින්නේ නෑ.
    ජර්මන් ශෙපර්ඩ් හොද එකෙක් 30000.00 ගන්න පුලුවන්.
    ඩැල්මේශන් හොද එකෙක් 25000.00 වගේ ගන්න පුලුවන්.

    Ikman eke german shepherd un 16-18 ta innawane bn. Dalmation unut 15-18 wage... doberman nam wediya ne. Et maha ganak dala ne... un aulda
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ikman eke german shepherd un 16-18 ta innawane bn. Dalmation unut 15-18 wage... doberman nam wediya ne. Et maha ganak dala ne... un aulda

    ගිහින් බලන්නේ නැතුව කියන්න බෑ මචන්.
    ගිහින් සතාගේ අම්මා , තාත්තා එහෙම හොදට ඉන්නවානම් , පැටියා හොදයි නම් , හිතට අල්ලනවානම් ගනින්.

     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    9n30Tts.jpg


    10WKVq0.jpg


    f7Lf9DF.jpg



    ON65kb7.jpg


    Rocky meyage nama. :love::love::love::love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: ijay

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කට්ටියම පික්ස් දාන නිසා එහෙනම් ඔන්න මාත් පික්ස් ටිකක් දාන්නම්කෝ මම ගත්තුවා , හෙන සෙට් එකක් තියනවා බ්‍රීඩ්ස් ගොඩක් එක්ක ගත්තු , ඒවගෙන් ටිකක් දාන්නම්.

    මේ ඉන්නේ එලකිරි එකෙන් සෙට් වෙච්ච මගේ යාලුවෙක්ගේ බල්ලෙක්.
    මෙයා ලැබ්‍රඩෝ රිට්‍රිවර් එකෙක්.
    මෙයාගේ නම රෙක්ස්.
    මෙයා මැරුනා ෆිට් එක හැදිලා , බ්‍රේන් ඩැමේජ් වෙලා.
    ගොඩ ගන්න මාර මහන්සියක් , මාර වියදමක් කරා ඒත් මෙයා ගෙනාව ආයුශ ඉවර උනා.

    pt46xIy.jpg


    මේ ඉන්නේ උඩ යාලුවා අලුතෙන් දැන් මාස ගානකට කලින් ගත්තු අලුත් ලැබ්‍රඩෝ රිට්‍රිවර් පැටියා.
    මෙයාට නම තිබ්බෙත් රෙක්ස් කියලා.
    හෙන ගේමක් දීලා , ගොඩාක් හොයලා මෙයාව ගත්තේ.

    I1a7NCr.jpg


    4b6BoPM.jpg


    මෙයාව පාරේ අනාත වෙලා ඉද්දි මම ගෙදර ගෙනල්ලා හැදුවේ.
    මෙයාගේ කකුල කැඩිලා , ඇග පුරාම රෑශ් එකක් දාලා තිබ්බේ.
    මම බෙහෙත් කර කර හිටියා ඒත් මෙයා මැරුණා ගෙනාව ආයුශ ඉවර නිසා.
    මෙයාගේ නම නෙලි.
    කොමන් බ්‍රීඩ් එකෙක්.

    XYpWMCd.jpg


    මේ ඉන්නේ සයිබේරියන් හස්කි එකෙක්.
    මගේ යාලුවෙක්ගේ බල්ලෙක්.
    මෙයාගේ නම ශැඩෝ.
    මේකා හෙන සැරයි ඔහොම හිටියට.

    v9qHXeo.jpg


    මේ ඉන්නේ මගේ යාලුවෙක්ගේ බල්ලෙක්.
    ඇමරිකන් ස්ටැෆඩ්ශයර් ටෙරියර් එකෙක් මෙයා . ( අපේ අය පිට්බුල් කියන්නේ මෙන්න මෙයාට )
    මෙයාගේ නම මතක නෑ මට.
    මේකා දුවනකොට පොඩි මී පැටියෙක් දුවනවා වගේ පැන පැන දුවන්නේ.
    ආසයි බලන් ඉන්න.

    yAFQkHc.jpg


    5YmsnVA.jpg


    මේ ඉන්නේ අල්ලපු ගෙදර බල්ලා.
    මෙයා ඩැල්මේශන් , ග්‍රේට් ඩේන් මික්ස් එකෙක්.
    මාර විසේ තියෙන්නේ.
    මෙයාගේ නම බඩි.
    පොඩි කාලේ මම රෑට ගුඩ් නයිට් කියනකම් මෙයා නිදාගන්නේ නැතුව අපේ ගෙවල් පැත්ත බලන් උඩු බුරනවා.
    මම ඉතින් රෑ කීයට ගෙදර ආවත් මෙයාව අතගාලා , ගුඩ් නයිට් කිස් එක දීලා තමා ගෙදර යන්නේ.

    tAjpbCR.jpg


    මෙයා ලැබ්‍රඩෝ රිට්‍රිවර් කෙනෙක්.
    මගේ යාලුවෙක්ගේ බල්ලෙක්.
    නම මතක නෑ මට.

    ztThQNN.jpg


    මේ ඉන්නේ මගේ ගාව ඉන්න කොමන් බ්‍රීඩ් බල්ලෙක්.
    මෙයාගේ නම සුදු කෙල්ල.
    හරියට නැටිල්ල මෙයාට.
    මට පිට බල්ලො ලන් වෙනවානම් මෙයා ඌව හපනවා.
    ආස නෑ මට වෙන බල්ලෝ ලන් වෙනවට.
    එච්චර ආදරෙයි මට.
    මගේ නැට්ට වගේ පස්සෙන්මයි ගෙදර කොහෙ හිටියත්.
    මෙයා නිදාගන්නේ රෑට මගේ ඇද උඩ.

    V33kTSg.jpg


    oHvJ742.jpg


    මේ ඉන්නේ මගේ ජර්මන් ශෙපර්ඩ් කොල්ලා.
    මෙයාගේ නම ට්‍රේරි.
    මාර ඩිසිප්ලින් තියන , හොදට මොලේ තියන බල්ලෙක්.
    ඕන තැනක , බය නැතුව , චේන් එකක්වත් නොදා පාරේ එක්කන් යන්න පුලුවන් , තැනකට ගියාම හැසිරෙන්න හොදට දන්න බල්ලෙක්.
    දවසක් හෝ මම ගෙදර හිටියේ නැත්තම් උඩු බුරනවා මගේ කාමරේට වෙලා නොකා නොබි මම එනකම්.
    මෙයා නිසා ට්‍රිප් එකක්වත් යන්නේ නෑ මම.
    ඒ නිසා කොහේ ගියත් රෑ වෙද්දි අනිවා ගෙදර එනවා මෙයා මම එනකම් බලන් ඉන්න නිසා.
    මගේ කෙල්ල කොච්චර වලි දාන්න ඇත්ද මෙයා නිසා කොහෙවත් යන්න නෑ කියලා.
    මගේ පණ වගේ ආදරෙයි මම මෙයාට.
    මම ගෙදර ඉන්නවානම් ගෙදර වෙන කාලගටවත් යන්නේ නෑ කවුරු කතා කරත්.
    මම කඩේට ගියත් , ගෙදරට එලවලු , මාලු , අරවා මේවා ගේන්න කොහේ ගියත් මාත් එක්ක එනවා.
    පට්ට ආදරෙයි මට.
    මෙයාත් රෑට මගේ ඇදේ නිදාගන්නේ.
    සුදු කෙල්ලයි , මෙයායි , මමයි රෑට තුරුල් වෙලා නිදි .
    මම නැගිටින්නේ කීයටද , එතකන් මාත් එක්කම බුදි මැරිලා වගේ.

    EhjHQPH.jpg


    ocmrr7E.jpg


    HF17hSo.jpg

     
    • Like
    Reactions: laMir and ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ ඉන්නේ මගේ ජර්මන් ශෙපර්ඩ් කොල්ලා.
    මෙයාගේ නම ට්‍රේරි.
    මාර ඩිසිප්ලින් තියන , හොදට මොලේ තියන බල්ලෙක්.
    ඕන තැනක , බය නැතුව , චේන් එකක්වත් නොදා පාරේ එක්කන් යන්න පුලුවන් , තැනකට ගියාම හැසිරෙන්න හොදට දන්න බල්ලෙක්.
    දවසක් හෝ මම ගෙදර හිටියේ නැත්තම් උඩු බුරනවා මගේ කාමරේට වෙලා නොකා නොබි මම එනකම්.
    මෙයා නිසා ට්‍රිප් එකක්වත් යන්නේ නෑ මම.
    ඒ නිසා කොහේ ගියත් රෑ වෙද්දි අනිවා ගෙදර එනවා මෙයා මම එනකම් බලන් ඉන්න නිසා.
    මගේ කෙල්ල කොච්චර වලි දාන්න ඇත්ද මෙයා නිසා කොහෙවත් යන්න නෑ කියලා.
    මගේ පණ වගේ ආදරෙයි මම මෙයාට.
    මම ගෙදර ඉන්නවානම් ගෙදර වෙන කාලගටවත් යන්නේ නෑ කවුරු කතා කරත්.
    මම කඩේට ගියත් , ගෙදරට එලවලු , මාලු , අරවා මේවා ගේන්න කොහේ ගියත් මාත් එක්ක එනවා.
    පට්ට ආදරෙයි මට.
    මෙයාත් රෑට මගේ ඇදේ නිදාගන්නේ.
    සුදු කෙල්ලයි , මෙයායි , මමයි රෑට තුරුල් වෙලා නිදි .
    මම නැගිටින්නේ කීයටද , එතකන් මාත් එක්කම බුදි මැරිලා වගේ.

    EhjHQPH.jpg


    ocmrr7E.jpg



    පට්ට බව්වො සෙට් එක මචෝ :love:
    බල්ලොත් එක්ක නිදාගෙන මැක්කොත් එක්ක නැගිටිනව නේද උබ හැමදාම :shocked:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ට බව්වො සෙට් එක මචෝ :love:
    බල්ලොත් එක්ක නිදාගෙන මැක්කොත් එක්ක නැගිටිනව නේද උබ හැමදාම :shocked:

    අපෝ නෑ.
    ආසාවට මැක්කෙක් නෑ බලාගන්න අපේ ගෙදර උන්ගේ.
    ඒවා ගානට , වෙලාවට බෙහෙත් දාන නිසා කිසිම අව්ලක් නෑ.

     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ දවස්වල බල්ලන්ටයි පුසන්ටයි පස්ස පන නැති වෙන ලෙඩේ ලංකාවේ හුගක් තැන් වල තියෙනවා !
    මේ වයිරස් එක හුලගින් පවා පැතිරෙන්න පුළුවන් ලු !
    අපේ බල්ලට ඕක හදුනා ,මුල දීම බෙහෙත් දීපු නිසා දැන් නම් හොදයි වගේ !
    ඔයාලගේ බල්ලන්ටයි පුසන්ටයි vaccination දීල තියාගන්න !
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මම බල්ලෙක් හදන්න ආසයි. නමුත් උන් ලෙඩ උනාම මැරුනාම හිතට හෙන දුකයිනේ. ඒ හින්දා හදන්නෙ නෑ. මේ ලගකදි ජර්මන් ශෙපඩ් පැටියෙක් ගේන්නම ගියා. ඒත් වයිෆ් ඒකට ඉඩ දුන්නේ නෑ කවදහරි ඌ නැති උනාම මම ඕනවට වඩා අව්ල් ගහයි කියලා. :( මොකද පොඩි කාලෙත් මම ඇතිකරපු කොමන් බ්‍රීඩ් බල්ලෙක් නැති උනාට පස්සේ මම හෙනට අප්සට් ගැහුවා. තාම ඌව මතක් වෙනවා. :(