මෙහෙමයි හැමදාම සති දෙක තුනක් යනකන්ම පලයන් කෙල්ල හම්බුවෙන්න. පවුලේ විස්තර, A/L මොනාද කලේ වගේ ටෝකක් දාපන්. ඉස්සෙල්ලම දැන් කොල්ලෙක් ඉන්නවනම් පොන්න වැඩ කරන්න එපා. ඒක දැනගන්න හොඳම විදිහ තමයි හෙට හම්බු උනාම ගුඩ් මෝනින්ග් පාරක් හීනියට දාලා "වැලන්ටයින් ජයද" වගේ එකක් අහපන්. කොල්ලෙක් ඉන්නවනම් හීනා වේවි නැත්නම් ඔව් හරි මොකක් හරි කියාවි. නැත්නම් හෝ උඹේ දත ගලවන්න මාන බලන දත් දොස්තර කෙනෙක් නම් නෑ වගේ උත්තරයක් දේවි. පස්සේ ඉතින් ඇප්රෝච් එක ගනින්. පොඩ්ඩක් සති දෙකක් උඹ පැනලා කෙල්ලට කලින් ගුඩ් මෝනින් පාර දාපන් පස්සේ ඊ ගාව සතියේ පොඩ්ඩක් පරක්කු වෙලා කියපන් උඹට කලියෙන් කෙල්ල කිව්වේ නැත්නම් විතරක්. විස්තර අහලා, වැඩ කරන තැන වගේ ඒවා අහපන්. ශේප් එකේ කෙල්ල අඳින ඇඳුම් වල පාට එහෙම නෝටිස් කරලා උඹත් ඒ වගේ පාටට ඇඳුම් ඇඳගෙන පලයන්. පස්සේ එක පාර සතියක් විතර හම්බුවෙන්න නොයා හිටපන්. පුලුවන් නම් හැංගිලා හොරෙන් බලන් හිටපන්. යාලුවෝ දාගන්න එපා උදව්වට තනියම දෙන්න ඕනේ ගේම. හැංගිලා බලන්න ගිහින් මාට්ටු වෙන්න එපා එතකොට උඹ බ්ලැක් ලිස්ටඩ්. සතියක් විතර නොයා හිටපන්. බලපන් පුලුවන් නම් හැංගිලා කෙල්ල ඊගාවට එන බස් එකේ ගින්නක් නැතුව නැගලා යනවද , නැත්නම් උඹ එනකන් පොඩ්ඩක් බස් මිස් කර කර ඉන්නවද කියලා. නැගලා යනවනම් අල්ලලා දාපන්. ඉන්නවනම් ශේප් එකේ ඊලඟ සතියේ වගේ ගිහින් අසනීප උනා වගේ බොරුවක් ගහලා ආයේ කතාවට අල්ලගෙන යමන් ශේප් එකේ. ඕක උඹේ හැකියාව මත රඳා පවතින දෙයක්. මමත් ජීවිතේට දැකපු නැති කොල්ලෝ බර ගානක් පස්සේන් ආපු කෙල්ලෝ දාගෙන තියෙනවා කැම්පස් යන කාලේ බස් හෝල්ට් වල තපිද්දි බස් එනකන් ඉන්න ගමන්. හරියට නූලට සෙට් උනොත් වැඩේ ගොඩ යනවා බං.
වැදගත්ම දේ ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා තේරුනොත් හෝ ඒකි කිව්වොත් පොන්න වැඩ නොකර අයින් වෙයන්. කෙල්ල ඉන්න තැන ෆෝන් එක එලියට ඇදැන නෙට් වත් යන්න එපා. ෆෝන් එක එලියට අදින්න එපා හදිසි කෝල් එකක් ඇරෙන්න. අනික උඹ උඹම වෙයන් නැති දේවල් මවා පාලා සුරංගනා කතා කියන්න යන්න එපා. මුලින් සෙට් උනත් පස්සෙ ඒවා දාලා යනවා එතකොට.ඔය මගේ ක්රමය. මීට වඩා සාර්ථක ක්රම දන්න උනුත් ඇති මේකේ. ජය වේවා....