කන්‍යාභාවය අහිමිකරගන්න කොට තියෙන ආතල් එක ඒක හදාගන්න කොට නැහැ. ඕක සාමාන්‍ය දෙයක් දැන්. කෑගහලා වැඩක් නැහැ කියලා මට හිතෙන්නේ. ඕක ආරක්ෂා කරගන්න අය ආරක්ෂා කරගන්නවා. අවශ්‍ය නැති අය ඒක නැති කරගන්නවා. මීට අවුරුදු 20කට විතර ඉස්සර තමයි ඕක හදාගන්න එක අතිශය දුෂ්කර කටයුත්තක් වුණේ. දැන් ඕක සාමාන්‍ය ඔපරේෂන් එකක්. පුද්ගලික රෝහල්වල ගොඩක් වී.ඕ.ජී.ලා ඕක කරනවා. කොල්ලෙක්ට ආදරය කරනකොට කන්‍යාභාවය නැති කරගත්තා කියලා වේසියෙක් වෙන්නෙත් නැහැ. ඕක තියාගෙන හිටියා කියලා පතිවෘත්තාව ආරක්ෂා කරගෙන ඉන්න දේවතාවියක් වෙන්නෙත් නැහැ. හැසිරීම උඩ තමයි සියල්ල තීරණය වෙන්නේ.







