get well soon
thankxGet well soon
ඒක දන්නේ නැහැ.Aluth variant eka neme neda?
Parana eka wage
Aluth ekath ekka sellam behe neda
Get Well Soon
Monawa unath aye bonna epa umba immunity eka adu wenawa thawath. lankawe gobbayo vaccine eka aran bonawa 2nd boot eka wath gannakan bonna honda na. gon yakkunta kiyala wedak nane. eeta passe kiyanawa vaccine aran positive kiyala. 
ubata vitarak nemei padi 10 naginna ba hatiMan wage nan marila melahata.nikan innakotath hathi wage
එහෙනම් හුස්ම හිරවෙන ගතිය වැඩි වෙන්න ඉඩ තියෙනවා.Ade matath hathiya hiyenawa podi kale idanma. Wadi unoth![]()
තැන්කුBUMPER
Get well soon mcn
ලංකාවේ මිනිස්සු හිතනවා බොනවා නං මේක අරං වැඩක් නැහැ කියලා. ඒ මතේ වැරදියි. බොන අයව තමයි මේ වැක්සින් එක ගන්න පොළඹවන්න ඕනි. මොකද එහෙම උනොත් ඒ අයට හැකියාවක් ලැබෙනවා ලෙඩේට මුහුණ දෙන්න.Thank you wisthara walataGet Well Soon
Monawa unath aye bonna epa umba immunity eka adu wenawa thawath. lankawe gobbayo vaccine eka aran bonawa 2nd boot eka wath gannakan bonna honda na. gon yakkunta kiyala wedak nane. eeta passe kiyanawa vaccine aran positive kiyala.
![]()
ubata vitarak nemei padi 10 naginna ba hati
ඔව්.මාර සීන් එක
ඔව්. දැන් මේක සැහෙන්න රටේ පැතිරිලා ඇත්තේ මට හිතෙන්නේ. මම ලිපියක දැක්කා ලංකාවේ ලක්ෂ 30 කට වත් මේ වෙනකොට මේක හැදිලා ඇත්තේ කියලා. ටෙස්ට් කරොත් අහුවෙයි. තවත් සමහරු දන්නෙම නැතුව මැරුණම පස්සේ ටෙස්ට් කරද්දී දන්නේ. ඒ වගේම ගොඩක් අයට මේ ලක්ෂණ ඇවිත් සනීප වෙනවා.ටෙස්ට නොකරට මටත් තිබ්බේ ඔය සමාන ලෙඩ ටිකක් බන්
වියලි කැස්ස චුට්ටක් විතර තිබ්බ මම කරන්නේ නැතුව හිටිය හැබැයි ලොකුවට ආවේ නෑ
මුළු ඇඟම රිදෙන්න ගත්ත උන එක දවසක් ගත්ත ඔලුව රිදුන ගහයි උගුර රිදෙන ගඳ සුවඳ නැති වෙන එක මට තිබුනේ නෑ
මැයි පළවෙනිදා වගේ පටන් ගත්තේ 8 හෝ 9 වගේ වෙද්දී ෆුල් ෆිට් උනා දැන් නම් පුරුදු විදිහටම ඉන්නවා හුස්ම ගන්න ටිකක් තද උනා රෑ ට හැබැයි බැරි නෑ
thksbump
ඔව්. ඒ නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ. අනික් අයටත් දැනගන්න.Thanks Machan. Goday ayata wadagath wei.
කෝවිඩ් ආසාධිත නං හෝ නිරෝධනය වෙනවා නං වැක්සින් එක ගන්න එපා කියලා වෛද්‍යවරු කියනවා. තව මාසයක් වත් ඉදලා තමයි ගන්න වෙන්නේ ඒ නිසා. හොදටම රිකවරි උනාම.Get well soon bro. danwath vaccine gaha ganin
umba kalin gaha nogaththe aiකෝවිඩ් ආසාධිත නං හෝ නිරෝධනය වෙනවා නං වැක්සින් එක ගන්න එපා කියලා වෛද්‍යවරු කියනවා. තව මාසයක් වත් ඉදලා තමයි ගන්න වෙන්නේ ඒ නිසා. හොදටම රිකවරි උනාම.
අනික් අයට හැදුනට මට හැදෙන එකක් නැහැ කියලා හිතුවේ. අපි සමහර වෙලාවකට මල ගෙදරක ගියාම හිතනවනි අනික් අය මැරුණට අපි දැන්ම මැරෙන එකක් නැහැ කියලා. ඒ වගේ තමයි.umba kalin gaha nogaththe ai
thank mcn post eka kin experience eka share karata.මට මේ ටිකේ එළකිරි එක පැත්තේ එන්න උනේ නැහැ. මට කෝවිඩ් පොසිටිව් උනා. මේ තියෙන්නේ මගේ අත්දැකීම.
ඉස්සෙල්ලම මට ඔලුවේ කැක්කුමක් හැදුනා. මේක දවස් දෙකක් වගේ තිබ්බා. මම හිතුවේ කලින් දවසේ ටිකක් වැඩිපුර ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒ නිසා වෙන්න ඇති කියලා. ඉවසන්න බැරි පාර පැරසිටිමෝල් දෙකක් බිව්වා. ඒත් අඩු උනේ නැහැ.
මම මගේ රෝග ලක්ෂණ පහත විදියට දාන්නම් කට්ටියට පැහැදිලි වෙන්න.
දවස 1 - හතියක් වගේ ආවා. ඔලුවේ කැක්කුමක් ආවා. එච්චර ගණන් ගත්තේ නැහැ.
දවස 2 - හතිය තියෙනවා. ඔලුවේ කැක්කුමක්, පැරසිටිමෝල් වලට අඩු උනේ නැහැ.
දවස 3 - හතිය තියෙනවා. ඔලුවේ කැක්කුම අඩු උනා. අතපය රිදෙන්න ගත්තා.
දවස 4 - හතිය තියෙනවා. ඔලුවේ කැක්කුමක් නැහැ. අතපය රිදෙනවා. උගුරේ අමුත්තක් දැනෙන්න ගත්තා.
දවස 5 - උගුරේ සෙම ගතියක් දැනෙන්න ගත්තා. නිදන් ඉන්නකොට හුස්ම හිර උනා.
දවස 6 - පපුවේ සෙම ගතියක් දැනෙන්න ගත්තා. වියලි සෙම ගතියක්. කැස්ස ආවා. පපුවෙන් එන කැස්සක්.
දවස 7 - වියලි සෙම ගතිය සමග , කැස්ස. නිදන් ඉන්නකොට හුස්ම හිර උනා.
දවස 8 - වියලි කැස්ස අඩු උනා. පපුවේ සෙම ගතිය අඩු උනා.
දවස 9 - හෙම්බිරිස්සාව හැදුනා. රස,සුවඳ දැනෙන එක අඩු උනා.
දවස 10 - හෙම්බිරිස්සාව වැඩි උනා. කැස්ස හදුනා. කලින් දවස් වල තිබ්බ පපුවෙන් එන වියලි, කැස්ස නෙමෙයි.
දවස 11 - මේ දවසේ රෑ හොදටම කැස්ස, හෙම්බිරිස්සාව හැදුනා.
දවස 12 - කැස්ස අඩු උනා. හෙම්බිරිස්සාව අඩු උනා. හොදටම අඩු උනා.
අද දවස 13 - දැන් ලෙඩ අඩුයි. තාම කෑම රස දැනෙන්නේ නැහැ.
ඔන්න ඔහොම තමයි මගේ ලක්ෂණ. ඇගට විශේෂ මහන්සියක් නං දැනෙන්නේ නැහැ. හුස්ම ගන්න අමාරු ගතියක් තමයි දැනුනේ. මම ගෙදරම හිටියේ. ඉංග්‍රීසි බෙහෙත් විදියට මුලින්ම ගත්තු පැරසිටිමෝල් දෙක විතරයි. ඊට පස්සේ හැමදාම දවසට හය හත් සැරයක් කසාය , පස් පංගුව බීවා. වෙනිවැල් ගැට, ඉගුරු, පාවට්ටා එහෙම දාලා. වෙනදා වගේ කෑම කෑවා. උණු වතුර බීවා. හුමාලය නං ඇල්ලුවේ නැහැ. මගේ ලග හුමාලය අල්ලන මැෂින් එකක් නැහැ.
කැස්ස නවත්ත ගත්තේ ඉගුරු ඉස්ම, දෙහි ඇඹුල්, ගම්මිරිස් කුඩු,මී පැණි එක්ක මිශ්‍ර කරලා දවසට පස් හය සැරයක් කාපු එකෙන්. මේ බෙහෙතෙන් වියලි කැස්ස ඉක්මනට අඩු වෙනවා. මට දවස් දෙකෙන් හරි ගියා.
ඊට අමතරව යාලුවෙක් දුන්නා කෝවිඩ් වලට දවස් තුනක් බොන්න කියලා බෙහෙත් බෝතලයක්. එක බීවා දවස් 5,6,7 තුනේ. එකේ නමක් නං මතක නැහැ. වතුර වගේ එකක්.
මම ගෙදර අනික් අය හම්බෙන්නේ නැතුව වෙනම හිටියේ මේ දවස් ටිකේ. ගෙදර අයට කොවිඩ් හැදුනේ නැහැ. එයාලා වැක්සින් දෙකම අරං හිටියේ. මම අරං තිබ්බේ නැහැ.
ඔන්න ඕකයි මගේ විස්තරේ.