මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහම&#3540

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහම&#3540

    මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහමුද.



    27509d1320310098tbrickg.jpg





    අපි ඉස්කෝලෙ යන කාලේ 1990 න් විතර පස්සේ තමා මේ වීඩියෝ ගේම් ලංකාවට ආවේ.. ලංකාවට කිව්වාට අපි අතරට ආවේ නම් 1994-5කාලේ .
    ඒකාලෙ ඉතින් ඉස්කෝලේ තාප්පෙ පේලියට හිටිය මේ briks (ගඩොල්) ගේම් ගහන අය... එක එක මාදිලියේ වීඩියෝ ගේම් ගෙනැල්ලා එක එක සද්ද.. අපිට ඉතින් තිබුන්නෑ නෙව.. ලගට යන්නත් බෑ. අපි සල්ලිකාරයො නෙවිනේ :( . කාලෙකට පස්සෙ ගණන් අඩුවෙලා ආවම අපිටත් ඒව බලන්න සෙල්ලම් කරන්න හම්බ වුනා.

    එතකොට ගේම් බෝයි කියල එකක් ඇවිල්ල.. ත්‍රිමාණ ආශ්‍රිත රූප. ශබ්ද. ගේම් කාටිරිජස්.. ඒ එකක් අපේ අයිය යාලුවෙකුගෙන් ඉල්ලගෙන ඇවිල්ල තිබ්බා. ඒකත් එකපාරක් දෙපාරක් ගහන්න අවස්ථාව හම්බ වුනා. ඒ කාලෙම ටී. වී ගේම් ලංකාවට ගොඩබැහැල තිබ්බ කාලයක්. ඒවත් අපට තිබේබේ නෑ.

    මුලින්ම හොද කියන ගේම් එකක් දැක්කේත් 1998 අයියා උපාධියේ වැඩට පරිඝනකයක් ගත්ත කාලේ... ඒක පැත්තකින් තියමුකෝ..

    මම මේ ගේම් මතක් වෙලා සර්ච් කලා.. ආපහු ඒකාලෙට යන්න. මේ ගේම් ගහන්න ඔන්ලයින් පුලුවන් තැනක් හම්බ වුනා. ඒකට 16mb එයාලගේ software එක install කරගන්න ඕනා.

    ඒකාලෙ අපිට play කරන්න බැරිවුන ඒවත් මම හොරෙං හොරෙං play කලා ඕන්.. ගෙදර අය දැක්කොත් ඒ කාලෙත් ගේම් ගැහුවට බැනුම්, ඒත් දැන් දැක්කොත් අහයි පික්සුද කියල.. හි හි..


    ඔයාලත් ගිහිං බලන්න ඒකාලෙට..මෙන්න පාර. http://www.vizzed.com/ පොඩියක් ඒ කාලෙ පිස්සුව විදගන්න.. පරිඝනකයෙන්ම පුලවන්. පොඩියක් ගොඩවැදිල බලන්න.

    මේකෙ පරණ ගේම්, ටීවි ගේම්, වීඩියෝ ගේම්, සුද්දාගේ කාලෙ පරණ කොම්පියුටර් ගේම්. බිල් මහත්තයාගේ පරණ ඩොස් ගේමුත් ගහන්න දෙනවා...


    මතකද?

     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,633
    6,363
    113
    podi kale oin 1k ganna thebuna asawak:cool:
    passe tv akata gahana game 1k gaththa mathakai:D
    contra game gahuwa.:D thanks machan;)