දැන් අහුවෙන්නේ නෑ පොරවල් වලට....
මේ ලගදි ආවා වයස 50ක විතර පොරක්. කඩ්ඩෙන් පටන් ගත්තේ, කාර් එකේ පෙට්‍රල් ඉවරයි, පන්සල ගාව කාර් එක, 200ක් ඉල්ලගෙන පෙට්‍රල් ගහන්න. මම ඇස්සිස්ටන්ට් ට කිව්වා ක්ලිනික් එක පිටිපස්සේ තියනවා කෑන් එකක් ගෙන්න කියල. මම පොරට කිව්වා යමු මම එන්නම්, මගේ කාර් එකේ යමු පෙට්‍රල් අරන් වාහනේ ගාවට කියල. පොර මට kadda වනනවා මම හොරෙක් නෙවෙයි, බ්ලා, බ්ලා, බ්ලා .........මම කිව්වා එහෙනම් අවුලක් නෑ නේ යමු මම එන්නම් නැත්තන් පෙට්‍රල් අරන් පයින් යන්න ඕනෙනේ කියලා. පොර හුචු හුචු ගාල යන්න ගිය. යනකොට මම කිව්වා Mister, tell your fairy tales to Chinese with a pig tail කියලා.....
මේ ලගදි තව පොරක් ආවා, බේබද්දෙක් කියල හොදට පේනවා. ඒ ලෙවල් කරන ළමයට ක්ලාස් යන්න සල්ලි ඉල්ලගෙන. 1000ක් දෙන්නලු. මම කිව්වා ළමයට එන්න කියන්න, මම ඒ ලෙවල් ඉවර වෙනකන් ක්ලාස් ස්පොන්සර් කරන්නම් කියල. තාම නෑ හැබැයි.............