මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අන්න පොයින්ට් එක.... ඒකත් හිතලා ඉවරයක් නැති වෙනවා බං....

    ඕවා බුදුන් හොයන්න එපා කිව්වේ ඒක තමයි. ඕවට උත්තර හොයලා ඉවර කරන්න බැහැ කවදාවත්. ඔය ප්‍රශ්න ඔක්කොම පටන් ගන්න source එක විතරයි නැති කරන්න පුලුවන්. (සක්කාය දිට්ටිය)
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,553
    3,297
    113
    චේතනාව කර්මය වේ කියලා තියෙන්නේ.
    මරන එක අදාලම දෙයක් නෙමෙයි, චේතොවයි අදාල වෙන්නේ.

    ඒ වගේම තමයි කර්ම විපාකයත්, ලෞකික භූමියේ දෙයක්.
    මනුස්සයෙක්ගේ කකුලක් උඩින් වාහනේක රෝදයක් ගියහම ඌ කියයි මේකනම් කලින් කරපු "පව" ක් කියලා. ඒත් රහතන් වහන්සේ කෙනෙක්ට එහෙම වුනොත්. දැනීම දැනීම් මාත්‍රයක් විතරයි.. කතා කරන්න පවක්වත්, පිනක්වත්, කර්ම-ඵලය වින්දනය කිරීමක් වත් වින්දනය කරන කෙනෙක්වත් නැහැ.

    ඔය ලෞකික ලෝකොත්තර වෙනස මෙහෙම කියලා පෙන්නන්න බැහැ, නිවන් දැකලම තමයි අවබෝධ කර ගන්න ඕනේ.
    උබ ට මාර තින්කින් එකක් තියෙන්නේ බං....

    me mulu lokema tiyenne ube oluwe athule. eka uba create karagena tiyenne panchaskandaya thulin ena input walin.. Me reply eka type karana mma inneth ube oluwe athule.
    තවත් ට්‍රක පනිනවා බං...
    ------ Post added on Jul 2, 2025 at 8:17 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,478
    67,821
    113
    44300964.jpg
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,553
    3,297
    113
    පිටසක්වල ජීවියො කතාවක් එන්නෙ නෑ බං අපේ ආගමේ
    දෙවියන් වහන්සේ කියන්නෙ ආරම්භය. දෙවියන් වහන්සේ කවදත් හිටිය. සහ සදාතනිකයි
    දෙවියන් වහන්සේට අවසානයක් නෑ. සියල්ලටම ඉහලින් ඉන්න සර්ව බලධාරි දෙවි කෙනෙක්

    අපේ ආගමේ තුන්දෙනාවහන්සේලා කියල තුන්දෙනෙක් ඉන්නව
    දෙවියන් වහන්සේ, ජේසු, ශුද්ධාත්මයාණන් වහන්සේ

    මේ තුන්දෙනාම එක්කෙනෙක් කියනව
    විටක තුන්දෙනෙක්, විටක එකම කෙනෙක්


    මැවුම් වාදය සීමා වෙන්නෙ පෘතුවියට විතරයි
    අනිත් දේවල් අපේ ආගමේ නෑ

    පිටසක්වල ජීවියො මැව්ව කියල කියන්න එපා දැං, මල පයිනව 😅
    එහෙම හිතුවම නිකන් අපිව හිතන එකෙන් මැද්දෙන් බ්ලොක් කරලා වගේ නේ බං....නිකන් හැමදේම දෙවියන් වහන්සේගෙන් පටන් අරන්...ඒත් එතනින් එහා දෙයක් ගැන කතා වෙන් නැද්ද බං... බුද්ධ ආගමේ වගේ... බුද්ධ ධර්මයේ නම් තියනවා බං... ආ බස්වර බ්‍රහ්ම ලෝකෙන් ආවා කට්ටියක් මෙහෙ ඇවිත් මිනිස්සු ඇති උනා කියල....
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම හිතුවම නිකන් අපිව හිතන එකෙන් මැද්දෙන් බ්ලොක් කරලා වගේ නේ බං....නිකන් හැමදේම දෙවියන් වහන්සේගෙන් පටන් අරන්...ඒත් එතනින් එහා දෙයක් ගැන කතා වෙන් නැද්ද බං... බුද්ධ ආගමේ වගේ... බුද්ධ ධර්මයේ නම් තියනවා බං... ආ බස්වර බ්‍රහ්ම ලෝකෙන් ආවා කට්ටියක් මෙහෙ ඇවිත් මිනිස්සු ඇති උනා කියල....
    ඔය වැල්වටාරම් මොකුත් නෑ
    සරලයි සුගමයි
     
    • Love
    Reactions: Martian Professor

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබ ට මාර තින්කින් එකක් තියෙන්නේ බං....

    ඕක thinking එකක් වෙලා, මේක මෙහෙම වෙනවා කියලා ධර්මය අවබෝධ කර ගන්න බැහැ. එතෙන්දි වෙන්නේ දෘස්ටිය වෙනස් වෙන එක විතරයි.. thinking එක වැදගත් වෙන්නේ ලෞකික දේවල් කරද්දි. ලෞකික ජීවිතයේදි.

    අරමුනක් අනුව හිතලා චේතනා පහල කරන එක තමයි උපාදානය.
    අරමුන නිත්ය *දෙයක්* සහ අරමුන *දැනෙන/ හිතෙන.." කෙනෙක් ඉන්න එක තමයි අවිද්‍යාව. අරමුන නිත්ය දැනුමක්/ දැනගැනීමක් වෙන්නේ ඒ නිසා. (සක්කාය-දිට්ටිය) ඒ අනුව තමයි දෘස්ටි සකස් කර ගන්නේ. (මිත්‍යා-දෘස්ටිය)

    මිත්‍යා-දෘස්ටියේ ඉන්න නිසා තමයි සතිපට්ටානය වැඩෙන්නැත්තේ. නිවන් දකින්න බැරි වෙන්නේ.
     
    • Love
    Reactions: Martian Professor

    AnuradhaRa

    Well-known member
  • ඒකත් හොඳයි... මගේ ළග කාලෙක ඉඳන් මේක තියේ බං... කියවල බලන්න ඕනි...
    https://ibb.co/23FfbkrJ
    බයිබලේ පළවෙනි පිටුවෙම තියෙනව කතාව
    එක පිටුවක් බලන්න දැං
     
    • Love
    Reactions: Martian Professor

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    චේතනාව කර්මය වේ කියලා තියෙන්නේ.
    මරන එක අදාලම දෙයක් නෙමෙයි, චේතොවයි අදාල වෙන්නේ.

    ඒ වගේම තමයි කර්ම විපාකයත්, ලෞකික භූමියේ දෙයක්.
    මනුස්සයෙක්ගේ කකුලක් උඩින් වාහනේක රෝදයක් ගියහම ඌ කියයි මේකනම් කලින් කරපු "පව" ක් කියලා. ඒත් රහතන් වහන්සේ කෙනෙක්ට එහෙම වුනොත්. දැනීම දැනීම් මාත්‍රයක් විතරයි.. කතා කරන්න පවක්වත්, පිනක්වත්, කර්ම-ඵලය වින්දනය කිරීමක් වත් වින්දනය කරන කෙනෙක්වත් නැහැ.

    මේ කර්ම විපාකය කියන්නේ *ඇත්ත* දෙයක් නෙමෙයි. වින්දනය *සැප* *දුක* *මැදිහත්* ලෙස වින්දනය කරන නිසා පවතින දෙයක්. අවිද්‍යාව නිසා පවතින දෙයක්.

    ඔය ලෞකික ලෝකොත්තර වෙනස මෙහෙම කියලා පෙන්නන්න බැහැ, නිවන් දැකලම තමයි අවබෝධ කර ගන්න ඕනේ.

    මම කිව්වේ මදුරුවා මරන්නෙත් මිනිසා මරන්නෙත් චේතනාත්මකව. මිනිහෙක් මැරුවහමද මදුරුවෙක් මරුවහමද පව් වැඩියෙන් සිද්ද වෙන්නේ කියන දේ තමයි මම ඇහුවේ.

    උබේ උත්තරය තුල උපකල්පන පවතිනවා.

    (1) නිවන කියා දෙයක් පවතී
    (2) නිවන දැකීමෙන් පමණයි සමහර දේවල් අවබෝද කරගන්න පුළුවන්
     
    • Love
    Reactions: Martian Professor

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    කාලය / වේගය කියන කන්සෙප්ට් එක ගැනත් කල්පනා කරල බලපං... බිග් බැං එක වෙලා අවුරුදු බිලියන 13.8 ගියත් එදා නිකුත් උන ෆෝටෝනයකට (ආලෝක අංශුවකට) සාපේක්ෂව තත්පරයක්වත් ගත වෙලා නෑ ෆෝටෝන ආලෝකයේ වේගයෙන් ගමන් කරනකොට ඒකට සාපේක්ෂව කාලය ගතවෙන එක නතර වෙන නිසා

    අපේ ඉර වගේ බිලියන ගානක ස්කන්ධයක් තියෙන බ්ලැක් හෝල් එකක උනත් සයිස් එක තිතක්, ඝනත්වය අනන්තයි
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,315
    7,824
    113
    thawa deyak.. uba wiswaya, awakashaya ekka interact karaddi.. ewa balapanna puluwan elon musk rocket eka udata yawana ekatath.. lagadi una indian plane eka accident ekatath... hema siddiyakma inter-connect wela tiyenne.

    hithapan indian plane mechnic lankawata awith ube kaden kewata passe leda wela.. pora indiyawe giyata health condition eka nisa uta hariyta maintenance eka karaganna beri wenawa.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම කිව්වේ මදුරුවා මරන්නෙත් මිනිසා මරන්නෙත් චේතනාත්මකව. මිනිහෙක් මැරුවහමද මදුරුවෙක් මරුවහමද පව් වැඩියෙන් සිද්ද වෙන්නේ කියන දේ තමයි මම ඇහුවේ.

    උබේ උත්තරය තුල උපකල්පන පවතිනවා.

    (1) නිවන කියා දෙයක් පවතී
    (2) නිවන දැකීමෙන් පමණයි සමහර දේවල් අවබෝද කරගන්න පුළුවන්

    පව්, පින් බෙදන්නේ විපාකය වින්දනය *සැප*, *දුක්* වීමෙන් සහ, ඕක බුදුන් තියපු විදිහට අත්තූපනායක ධර්ම පර්යායෙන් ගත්තොත්.. තමන්ටත්/ අනුන්ටත් හිරිහැර වෙන සහ නොවෙන දේවල් විදිහට බෙදන්න පුලුවන්.
    ඒ වගේම තමයි මේක කිව්වේ පෘථක්ජන මිනිස්සුන්ට. පෘථක්ජන මිනිස්සු කියන්නේ සම්මා-දිට්ටිය නැති අය. ලෞකික මට්ටමෙන් ඕක දේශනා කරේ බහුජන හිතසුව පිනිස. නැතුව මේක නිවන් දකින්න අදාල දෙයක් නෙමෙයි.
    කර්ම යාන්ත්‍රනය අපිට තේරුන් ගන්න බැහැ. ඒක කරන්න යන්න එපා කියලා තියෙන්නෙත් ඒ නිසා..

    ඉතින් ලෞකිකව, ඔය දෙකෙන් මොකක්ද වැඩියෙන් පව් තියලා කියන්නවත්.. ඕක කරපු නිසා කර්ම විපාකය x විදිහට කියන්නවත් අපිට බැහැ. ඒ මරන වෙලාව ඇති විත්ත, චයිතිසික ස්වභාවය තමයි බලපාන්නේ. ඔය චිත්ත-චයිතිසික කතා අපිට ගෝචර වෙන එකක් නෙමෙයි. ඒ නිසා ඒක කතා කරලා වැඩක් නැහැ. නිකන් කතන්දර පොතක කතාවක් කියනව වගේ..

    ඒ නැතත් "ඕක මෙහෙම වෙනවා" කියන්නේ නිකන් දෘස්ටියක් විතරයි. සක්කාය දිට්ටිය නිසා පවතින.. (සක්කාය දිට්ටිය කියන්නේ, යට කියලා තියෙන මිරිගුව, මිරිගුවක් කියලා දැකපු නැති වීම තුල ඇති වෙන දෙයක් කියලා හිතන්න..)
    සත්කාය දිට්ටිය නිසා තමයි පින්/ පව්/ කර්මඵල/ සැප/ දුක.. ගැන කතා කරන්න වෙන්නේ..
    ඕක x විදිහට වේ කිව්වත්, y විදිහට වේ කිව්වත් දෘස්ටියක් විතරයි.

    හැබැයි බීජ පැල කරහම ගහක් හැදිලා ඵල හැදෙනවා..
    බීජය පැල කරන වෙලාවේ කියන්න බැරි වුනාට, මේ අත්ත මෙන්න මෙතන, මේ වගේ ඵලයක් එයි කියලා, ඵල හැදෙනවා. හැබැයි මේ වෙන වැඩේ වෙන්නේ සහ වෙනවා කියලා පේන්නේ මිරිගුවක් ඇතුලේ.. මිරිගුව ඇතුලේ වෙන එක තමයි දකින්නේ, දැනෙන්නේ, අහන්නේ, වින්දනය කරන්නේ.
    ඉතින් මේ එකක්වග් *ඇත්ත* නෙමෙයි තමයි.. ඒත් අරු දන්නැහැ ඒක මිරිගුවක් කියලා. ඉතින් උට ඒක ඇත්ත. උට පේන/ ඇහෙන/ දැනෙන දේවල් තියෙනවා. පේන/ ඇහෙන/ දැනෙන/ වින්දනය කරන කෙනෙක් (ඌ) ඉන්නවා.

    (1) , (2) නිවනක් ගැන කතා කරන්න වෙන්නෙත්, ධර්මාවබෝධය ගැන කතා කරන්න වෙන්නෙත් ලෞකිකව. මේ ලෞකිකව කතා කරන එකක්වත් තියෙනවා හෝ නැහැ නෙමෙයි.. තියෙන දෙයක්/ නැති දෙයක් ගැන කතා කරන්න වෙන්නේ සක්කාය-දිට්ටිය නිසා. තියෙනවා හෝ නැහැ කියන්නේ දෘස්ටි. ධර්මය අවබෝධ නොකර මේ කියන්නේ මොකක්ද කියලා ග්‍රහනය කර ගන්න බැහැ කිව්වේ ඒකයි.

    නිවනය, ලෝකොත්තරයි. එතන මේ ලෞකිකව කතා කරන *නිවනක්* වත්, *ධර්මයක්* වත් මම හෝ කෙනෙක් වත් දෙයක් වත් හම්බෙන්නැති තැනක්..
    පන්චඋපාදානස්කන්ධ නිරෝධය. ඒත් එතෙන්ට යන මාර්ගය පෙන්නන්න වෙන්නෙත් ලෞකික දේවල් වලින්මයි (මිරිගුව ඇතුලේ තියෙන දේවල් වලින්ම තමයි මිරිගුව, මිරිගුවක් කියලා පෙන්නන්න වෙන්නේ). මේ ඒක පෙන්නන්නයි බහුජන හිත සුව පිනිසයි හදපු සංකල්ප ඔක්කොම, නැතුව *ඇත්ත* දේවල් නෙමෙයි. ඒ වගේම ධර්මාවබෝධය නැති කෙනෙක් මේ කියන දේවල් ග්‍රහනය කර ගන්නෙත් වැරදි තැනින්මයි (සක්කෙය දිට්ටිය නිසා). මෙතන නිවන හෝ ධර්මය සාක්ෂි සමග ඔප්පු කිරීම්වත්, ෆැක්ටුවලයිස් කිරීමක්වත් කරන්න බැහැ.. තර්කයට ගෝචර වෙන්නැහැ. තර්කයෙන්, logic වලින්.. නිවන් අවබෝධ කරන්න බැහැ මොකද සක්කාය දිට්ටිය සහ විචිකිච්චාව නිසා. විචිකිච්චාව, සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස දුරු වෙද්දි තමයි ප්‍රථම මගඵලය ලබන්නේ.

    ඉතින් කර්ම-ඵල, නැත්තම් අර කලින් කියපු මිරිගුව ඇතුලේ වෙනවා කියලා පේන දෙයක්, පේන්නේ මිරිගුවක් කියලා දැක්ක එකෙක්ට, දැන් කර්ම-ඵලයක් ගැන කතා කරන්න පුලුවන්ද?
     
    Last edited:

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,553
    3,297
    113
    කාලය / වේගය කියන කන්සෙප්ට් එක ගැනත් කල්පනා කරල බලපං... බිග් බැං එක වෙලා අවුරුදු බිලියන 13.8 ගියත් එදා නිකුත් උන ෆෝටෝනයකට (ආලෝක අංශුවකට) සාපේක්ෂව තත්පරයක්වත් ගත වෙලා නෑ ෆෝටෝන ආලෝකයේ වේගයෙන් ගමන් කරනකොට ඒකට සාපේක්ෂව කාලය ගතවෙන එක නතර වෙන නිසා
    ඔව් නේද බං....එහෙම වෙන්න එපැයි....
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,553
    3,297
    113
    දැනට හොයාගෙන තියෙන ෆිසික්ස් අනුව එහෙම වෙන්න ඕනෙ, ඉස්සරහට මොනව හොයා ගනීද දන්නෙ නෑ
    එතකොට බං big bang එකෙන් පස්සේ විශ්වය ප්‍රසාරණය වෙනවනේ... එතකොට ඒ වේගේ කාලයේ වේගයට වඩා වැඩි වෙන්න එපැයි බං....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    එතකොට බං big bang එකෙන් පස්සේ විශ්වය ප්‍රසාරණය වෙනවනේ... එතකොට ඒ වේගේ කාලයේ වේගයට වඩා වැඩි වෙන්න එපැයි බං....
    ඔව්, හැබැයි අවකාශයේ වස්තුවකට ගමන් කරන්න පුලුවන් උපරිම වේගය ආලෝකයේ වේගය කියල දැනට හොයාගෙන තියෙන්නෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඕනෑම වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවන්න බැහැ කියල තමයි දැනට හොයාගෙන තියෙන්නේ.

    එත් පොඩි වෙනසක් තියෙනවා. ඒ space-time එකට එහෙම සීමාවක් නැහැ. ඒ නිසා තමයි විශ්වයේ ඇත තියෙන වස්තු ආලෝකයේ වේගයට වැඩියෙන් යනවා පෙන්නේ.
    ඕක හරියට නිකන් බැලුම් බෝලයක් පිම්බෙනකොට බැලුමේ ලක්ෂ දෙකක් අතර දුර ඉබේම වැඩි වෙනවා වගේ.