මැයි 28 ෆුල් ටෑන්ක් ගැහුවේ. ලීටර් 13ක් වදින්න ඕන ෆුල් ටෑන්ක්. දැන් ඉතුරු වෙලා තියෙනවා මෙච්චරක්. කිලෝමීටර් 400ක් දුවලා තියෙනවා. හැබැයි කට්ට පෙන්නන්නේ අඩියේ. මෙතන තෙල් කොච්චරක් තියෙනවා ඇද්ද? තාම රිසර්ව් වැටුනේ නෑ හැබැයි. ලීටරේට 60 ගානේ නම් තව කිලෝමීටර් 400ක් දුවන්න පුළුවන් වෙන්න ඕන, ඒ කියන්නේ තෙල් කට්ටේ භාගයක් පෙන්නන්න ඕන. ඒ වුනාට අඩියෙනේ බන්, ෆුල් ගැහුවම පෙන්නනවා ෆුල් කියල. ඇයි බන් එහෙම පෙන්නන්නේ? 