යුරෝපය වේලෙනවා . ඇමරිකාව වේලෙනවා ...
යුරෝපය මේ වගේ නියගයක් අවුරුදු 500කින් දැකල නෑ ..
අප්‍රිකාවට අවුරුදු හතරකින් හරියට වැහැල නෑ ...
මෙසිකොවට මාස 5 කින් වතුර බිදක් වැටිලා නෑ ...
ගංගාවල වතුර මට්ටම් පහල ගිහිල්ල නිසා යුරෝපයේ අභ්‍යන්තර සැපයුම් බිද වැටිලා
ආහාර ප්‍රවාහන ගාස්තු 30% -40% දැනටම වැඩිවෙලා ..
ඒ අස්සේ රුසියාවයි උක්රෙනයි යුද්දෙක ..
ලෝකේ හතරවෙනියට ලොකුම පොහොර නිෂ්පාදකය, ලෝකෙ ලොකුම තිරිගු පිටි නිෂ්පාදනය
බිදවැටිල .. ලෝකේ පස්වෙනියට ලොකුම ඉරිගු නිෂ්පාදකයාගේ ඉරිගු ටික වාරයේ හිරවෙලා ..
එක්සත් ජාතීන්ගේ සංවිදානේ සබාපති Antonio Gutteres කියනවා .. රුසියාවේ පොහොර ටික නැත්තම්
2023නේ ලෝක ආහාර අර්බුදය නවත්තන්න බැරි වෙයි කියල ...
ඇමරිකාව ඩොලර් බිලියන 48, ජර්මනිය ඩොලර් බිලියන 38, නෙදර්ලන්තය ඩොලර් බිලියන 24, ජපානේ ඩොලර් බිලියන 17 එළවලු පලතුරු ආනයනය කරනවා..
මේ හැම තැනම මේ පුංචි ලංකාවට ඩොලර් බිලියන 5ක අවස්ථාවක් නැද්ද ?
තාමත් ලංකාවට වැස්ස ලැබෙනවා .. හොද පසක් , කාලගුණයක් තියනවා ... එහෙම වෙලාවක තමයි අපි ගෙනාපු පොහොර ටික නැවත්තල, අපිට කන්නවත් හාල් නැතිකලේ ..
දැන් මාසයක් තිස්සේ බංගලාදේශේ තේ වතුවල කම්කරුවෝ වැඩ වර්ජනේ කරලා, ලෝකේ 10 වෙනියට ලොකුම තේ නිෂ්පාදකයා , ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න අපිට පොහොර ටික නෑ .. අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් නෑ ...
අද යුරෝපයේ ගෑස් මිල 140% වැඩිවෙලා .. ඒ කියන්නේ මේපාර winter එකට යුරෝපයේ මිනිස්සුන්ට
ගෙවල් උණුසුම් කරන්න යන වියදමින් බාගෙකට ලංකාවේ සංචාරය කරන්න පුළුවන් ..
එකට සංචාරක ප්‍රවර්දන වැඩ සටහනක් නෑ
මේ ඔක්කොම පැත්තක තියල .. අපි අරගලේ කරපු , රුපවාහිනියට පැනපු, ජනාධිපතියේ පුටුවේ ඉදාගත්තු එවුන් හොයා හොයා, සර්වපාර්ෂික ආන්ඩු හදන්න බල බල ඉන්නවා ... අපි තව පාරක් රනිල් රට හදනකල් බලන් ඉන්න්නවා...