රහතන් වහන්සේලා 80 දෙනම
මේ අසූවෙන් උඹල කැමතිම කෙනා කවුද?
මම වැඩියෙන්ම ආස ආනන්ද මහ රහතන් වහන්සේගෙ කතා අහන්ඩ
මේ අසූවෙන් උඹල කැමතිම කෙනා කවුද?
මම වැඩියෙන්ම ආස ආනන්ද මහ රහතන් වහන්සේගෙ කතා අහන්ඩ

Last edited:

1 අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ.
2 සාරිපුත්ත මහ රහතන් වහන්සේ.
3 මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ.
4 මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ.
5 අනුරුද්ධ මහ රහතන් වහන්සේ.
6 (කෝළිගෝදාවගේ පුත්) භද්දිය මහ රහතන් වහන්සේ.
7 ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ.
8 පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ.
9 මන්තානිපුත්ත මහ රහතන් වහන්සේ.
10 මහා කච්ඡායන මහ රහතන් වහන්සේ.
11 මහා පන්ථක මහ රහතන් වහන්සේ.
12 චුල්ල පන්ථක මහ රහතන් වහන්සේ.
13 සුභූති මහ රහතන් වහන්සේ.
14 ඛදිරවනයේ රේවත මහ රහතන් වහන්සේ.
15 කංඛාරේවත මහ රහතන් වහන්සේ.
16 (කෝළිවිස) සෝන මහ රහතන් වහන්සේ.
17 (කුටිකණ්න) සෝන මහ රහතන් වහන්සේ.
18 සීවලී මහ රහතන් වහන්සේ.
19 වක්කලී මහ රහතන් වහන්සේ.
20 රාහුල මහ රහතන් වහන්සේ.
21 රට්ඨපාල මහ රහතන් වහන්සේ.
22 කුණ්ඩධාන මහ රහතන් වහන්සේ.
23 වංගීස මහ රහතන් වහන්සේ.
24 වන්ගන්ත පුත්ත උපසේන මහ රහතන් වහන්සේ.
25 දබ්බ මහ රහතන් වහන්සේ.
26 පිළිංදිවච්ඡ මහ රහතන් වහන්සේ.
27 බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ.
28 කුමාර කස්සප මහ රහතන් වහන්සේ.
29 මහා කොට්ඨිත මහ රහතන් වහන්සේ.
30 අානන්ද මහ රහතන් වහන්සේ.
31 උරුවෙල කස්සප මහ රහතන් වහන්සේ.
32 කාළුදායි මහ රහතන් වහන්සේ.
33 බක්කුල මහ රහතන් වහන්සේ.
34 සෝභිත මහ රහතන් වහන්සේ.
35 උපාලි මහ රහතන් වහන්සේ.
36 ධම්ම කථික නන්දක මහ රහතන් වහන්සේ.
37 නන්ද මහ රහතන් වහන්සේ.
38 මහා කප්පිත මහ රහතන් වහන්සේ.
39 සාගත මහ රහතන් වහන්සේ.
40 රාධ මහ රහතන් වහන්සේ.
41 මෝඝරාජ මහ රහතන් වහන්සේ.
42 නාලක මහ රහතන් වහන්සේ.
43 භද්දිය මහ රහතන් වහන්සේ.
44 වප්ප මහ රහතන් වහන්සේ.
45 මහානාම මහ රහතන් වහන්සේ.
46 අස්සජී මහ රහතන් වහන්සේ.
47 කිම්බිල මහ රහතන් වහන්සේ.
48 භගු මහ රහතන් වහන්සේ.
49 චුන්ද මහ රහතන් වහන්සේ.
50 සේලුදායි(සේල) මහ රහතන් වහන්සේ.
51 නාගිත මහ රහතන් වහන්සේ.
52 තෝදෙය්‍ය මහ රහතන් වහන්සේ.
53 කප්ප මහ රහතන් වහන්සේ.
54 ජතුකණ්ණි මහ රහතන් වහන්සේ.
55 පෝසාල මහ රහතන් වහන්සේ.
56 පුණ්ණක මහ රහතන් වහන්සේ.
57 ධෝතක මහ රහතන් වහන්සේ.
58 නන්දක(දුතිය නන්ද) මහ රහතන් වහන්සේ.
59 අජිත මහ රහතන් වහන්සේ.
60 තිස්ස මෙත්තෙය්‍ය මහ රහතන් වහන්සේ.
61 මෙත්තගු මහ රහතන් වහන්සේ.
62 උපසීව මහ රහතන් වහන්සේ.
63 හේමක මහ රහතන් වහන්සේ.
64 භද්‍රාවුධ මහ රහතන් වහන්සේ.
65 උදය මහ රහතන් වහන්සේ.
66 පිළුගිය මහ රහතන් වහන්සේ.
67 මේඝිය මහ රහතන් වහන්සේ.
68 පුණ්ණ(සුනාපරන්ත) මහ රහතන් වහන්සේ.
69 උපවාන මහ රහතන් වහන්සේ.
70 යස මහ රහතන් වහන්සේ.
71 විමල මහ රහතන් වහන්සේ.
72 සුභාහු මහ රහතන් වහන්සේ.
73 පුණ්නජී මහ රහතන් වහන්සේ.
74 ගවම්පතී මහ රහතන් වහන්සේ.
75 නදී කස්සප මහ රහතන් වහන්සේ.
76 ගයා කස්සප මහ රහතන් වහන්සේ.
77 මහා උදායී මහ රහතන් වහන්සේ.
78 අංගුලිමාල මහ රහතන් වහන්සේ.
79 යසෝජ මහ රහතන් වහන්සේ.
80 සභිය මහ රහතන් වහන්සේ.
සිරි ගෝතම සම්බුද්ධ ශාසනයේ අග තනතුරු දැරූ මහ රහතන් වහන්සේලා
(වසර 160ක් ජීවත් වුණි)
- අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ - චිරරාත්රඥයන් අතරින් අග්‍ර වේ.
- සැරියුත් මහ රහතන් වහන්සේ - මහා ප්‍රාඥයන් අතරින් අග්‍ර වේ.
- මුගලන් මහ මහ රහතන් වහන්සේ - සෘද්ධිමතුන් අතරින් අග්‍ර වේ.
- මහ කස්සප මහ රහතන් වහන්සේ - ධූතාංගධාරින් අතරින් අග්‍ර වේ.
- අනුරුද්ධ මහ රහතන් වහන්සේ - දිවැස් ඇත්තවුන් අතරින් අග්‍ර වේ.
- භද්දිය මහ රහතන් වහන්සේ - උසස් කුලයේ උපන්නන් අතරින් අග්‍ර වේ.
- ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ - මධුර කටහඬ ඇත්තවුන් අතරින් අග්‍ර වේ.
- පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ - සිංහනාද කරන්නන් අතර අග්‍ර වේ.
- පුණ්න මන්තානි පුත්ත මහ රහතන් වහන්සේ - ධර්ම කථියන් අතර අග්‍ර වේ.
- මහා කච්චායන මහ රහතන් වහන්සේ - කෙටියෙන් දේශනා කළ ධර්මය විස්තරාත්මකව දේශනා කිරීමේ හැකියාව ඇති අය අතර අග්‍ර වේ.
- චුල්ල පන්ථක මහ රහතන් වහන්සේ - මනෝමය රූප නිර්මාණය කරන අය අතර අග්‍ර වේ.
- මහා පන්ථක මහ රහතන් වහන්සේ - නොකිළිටි විහරණ ඇත්තන් අතර අග්‍ර වේ.
- සුභූති මහ රහතන් වහන්සේ - අරූප ධ්‍යානයෙන් නැගිට රහත් වූවන් අතරින් අග්‍ර වේ.
- ඛදිරවනීය රේවත මහ රහතන් වහන්සේ - ආරණ්යයකවාසීන් අතරින් අග්‍ර වේ.
- කංඛා රේවත මහ රහතන් වහන්සේ - ධ්‍යානයෙහි යෙදුණු අය අතරින් අග්‍ර වේ.
- සෝන කෝළිවිස මහ රහතන් වහන්සේ - වීර්යයන් ඇති කර ගන්නා අය අතරින් අග්‍ර වේ.
- සෝණ කුටිකණ්ණ මහ රහතන් වහන්සේ - යහපත් වූ කතා ඇති අය අතරින් අග්‍ර වේ.
- සීවලි මහ රහතන් වහන්සේ - ධර්ම ලාභීන් අතරින් අග්‍ර වේ.
- වක්කලී මහ රහතන් වහන්සේ - අධිකව ශ්‍රද්ධාව ඇති අය අතරින් අග්‍ර වේ.
- රාහුල මහ රහතන් වහන්සේ - ශික්ෂාකාමීන් අතරින් අග්‍ර වේ.
- කුණ්ඩධාන මහ රහතන් වහන්සේ - ප්‍රථමයෙන් සලකා ගන්නන් අතරින් අග්‍ර වේ.
- රට්ඨපාල මහ රහතන් වහන්සේ - ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන් අතරින් අග්‍ර වේ.
- වංගීස මහ රහතන් වහන්සේ - වැටහෙන්නා වූ නුවණ ඇති අය අතරින් අග්‍ර වේ.
- උපසේන මහ රහතන් වහන්සේ - සියලූ අංගයන්ගෙන් ප්‍රසාදය ඇතිකරන අය අතරින් අග්‍රවේ.
- දබ්බ මල්ල මහ රහතන් වහන්සේ - සෙනසුන් පනවන්නන් අතරින් අග්‍ර වේ.
- පිලින්දවච්ඡු මහ රහතන් වහන්සේ - දෙවියන්ට පි‍්‍රය වූවන් අතරින් අග්‍ර වේ.
- භාගිය දාරුචිරිය මහ රහතන් වහන්සේ - මහා අභිඥා ලද අය අතරින් අග්‍ර වේ.
- කුමාර කාස්සප මහ රහතන් වහන්සේ - විචිත්‍ර ධර්ම කථිකයන් අතරින් අග්‍ර වේ.
- මහ කොට්ඨිත මහ රහතන් වහන්සේ සිව් - පිලිසිඹියා පත්වුවන් අතරින් අග්‍ර වේ.
- ආනන්ද මහ රහතන් වහන්සේ - උපස්ථායකයන් අතරින්ද, ධාරණ හා ස්මෘති ශක්තිය ඇති අය අතරින්ද, බුදු හිමියන් පවසා වදාරණ ලද දේ ඒ ලෙසම දැනගන්නන් අතරින්ද, වීර්යවන්තයින් අතරින්ද අග්‍රස්ථානයට පත්ව ඇත.
- උරුවේල කස්සප මහ රහතන් වහන්සේ - විශාල වශයෙන් පිරිස් ඇත්තවුන් අතරින් අග්‍ර වේ.
- කාළුදායි මහ රහතන් වහන්සේ - කුලයන් සසුනෙහි පහදවන අය අතරින් අග්‍ර වේ.
- බක්කුල මහ රහතන් වහන්සේ - නිරෝගී අය අතරින් අග්‍ර වේ.
- සෝභිත මහ රහතන් වහන්සේ - පුබ්බේ නිවාසානුස්මෘති ඥානය ඇති අය අතරින් අග්‍ර වේ.
- උපාලි මහ රහතන් වහන්සේ - විනයධරයන් අතරින් අග්‍ර වේ.
- නන්දක මහ රහතන් වහන්සේ - මෙහෙණින් වහන්සේලාට අවවාද කරන අය අතරින් අග්‍ර වේ.
- නන්ද මහ රහතන් වහන්සේ - ඉන්ද්රිය සංවරයෙන් යුත් අය අතරින් අග්‍ර වේ.
- මහා කප්පින මහ රහතන් වහන්සේ - අවවාද ලබාදෙන අය අතරින් අග්‍ර වේ.
- සාගත මහ රහතන් වහන්සේ - තේජෝධාතු සමවතට සමවදින්නන් අතරින් අග්‍ර වේ.
- රාධ මහ රහතන් වහන්සේ - ධර්ම දේශනා වැටහීමට හේතුවන විධි ඇත්තවුන් අතරින් අග්‍ර වේ.
- මෝඝරාජ මහ රහතන් වහන්සේ - රූක්ෂ චීවර (රළු සිවුරු* දරන්නන් අතරින් අග්‍ර වේ.
- නාලක මහ රහතන් වහන්සේ - මෝනෙය්‍ය වත පුරන භික්ෂුන් අතර අග්‍ර වේ.
අඤ්ඤාකොණ්ඩඤ්ඤ (චිරරාත්‍රඥ) සාරිථුත්ත (මහා ප්‍රාඥ) මොග්ගල්‍යාන (සෘද්ධිමත්) මහාකාශ්‍යප (ධූතංගධාරී) උපාලි (විනයධර) නන්ද (ශාන්තෙන්ද්රිය) බක්කුල (නීරෝගී) රාහුල ( ශික්ෂාකාමී) වැනි තෙරවරුන් වෙති. මහා ප්‍රජාපතී ගෝතමී (චිරරාත්‍රඥ) පටාචාරා ( විනයධර) කිසාගෝතමී (රළු සිව්රුදරන) සොණා (වීර්යවන්ත) ඛේමා ( මහා ප්‍රඥා) උත්පලවන්නා (සෘද්ධිමත්) ධම්මදින්නා (ධර්මකථික)වැනි භික්ෂණියෝ ද මෙම මහා ශ්‍රාවක ගණයෙහි ඇතුළත් වෙති.
http://archives.dinamina.lk/2009/06/03/_art.asp?fn=a0906034
https://pbs.twimg.com/profile_images/556776979244916737/kuiskIbw.jpeg[IMG][/QUOTE]
[SIZE="3"]මාත් කතෝලිකයෙක් මචං..
මේක අයින් කරපං.. හරි නෑනෙ[/SIZE]
අංගුත්තර නිකායෙහි (i.xiv) ශිෂ්‍ය පරම්පරාවේ නාමාවලියක් තිබෙන අතර එහි සඳහන් එක් එක් අය කුමක් හෝ විෂයක් සම්බන්ධයෙන් අග්‍ර තනතුර දැරුවෝ වූහ. ඒ අයට වඩා පස් වතාවක් ආනන්ද හිමියන්ගේ නම ඒ සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.
View attachment 76330
සතර ඉරියව්වෙන් තොරව රහත් බවට පත් එකම රහතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝය.හත් නොවූ අයකුට ධර්ම සංගායනාවට සහභාගි විය නොහැකිය. මේ නිසා වහාම ආනන්ද හිමි රහත් බවට පත් විය යුතුය. සැදැහැත්තෝ දහම් දෙසුම් සඳහා ආනන්ද හිමියන්ටම ආරාධනා කිරීමට පුරුදුව සිටියහ. උන් වහන්සේ ජනප්‍රිය ය. දිනපතා ධර්ම අවවාද ලැබීමට උන් වහන්සේ හමුවීමට සිය ගණන් පැමිණෙති. මේ නිසාම ආනන්ද හිමියන්ට විදසුන් වැඩීමට ඉඩක් නොලැබිණ. සැට වසරකට පමණ පෙර සෝවාන් පලයට පත්ව සිටි උන්වහන්සේට අනෙක් මාර්ග ඵල කරා ළංවීමට අපහසුවූයේ ජනතාවගෙන් වෙන්ව හුදෙකලා වීමට මගක් නොපෑදුණු හෙයිනි.
මෙය වජ්ජිපුත්ත රහතන් වහන්සේට පෙනින. ආනන්ද හිමියන් ඒ සඳහා යොමු කිරීම සඳහා වජ්ජිපුත්තක හිමියෝ මෙසේ වදාළහ.
‘රුක්ඛ මූල ගහනං පසක්කිය
නිබ්බානං හදයස්මිං ඔපිය
ඣාය ගෝතම මාච පාමදෝ
කිං තේ බිලි බිලිකා කරිස්සති
(රුක්මුල්වදුලට පිවිසෙන්න. නිවන ළෙහි තබා ගැනීමට උත්සාහ වඩන්න. අප්‍රමාද වන්න. ඔය බිලි බිලිකා හඩ හෙවත් ජනතාව සමග කරන කතා බහෙන් ඔබට ඵලක් නැත)
මේ බසට කන් දුන් ආනන්ද හිමියෝ වහා විදසුන් වඩන්නට වූහ. එයින් පළක්නැති බව පෙනී සක්මන් කරන්නට වූහ. පසුව සැතපෙමි සිතා සිය කුටියට වැඩියහ. ඇඳෙහි වැතිරෙන්නට හිස පහත් කරන විටම ආනන්ද හිමියෝ රහත් ඵලයට පත් වූහ. ඒ ඉරියව්ව සතර ඉරියව්වෙන් එකකටවත් අයත් නොවීය.
සතර ඉරියව්වෙන් තොරව රහත් බවට පත් එකම රහතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝය.
