රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.
රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7 කට පමණ පසුව වීම විශේෂත්වයක්.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද මෙහිදී බඳවා ගැනීම් සිදු කරන බවයි.
මීට අමතරව කළමණාකාර සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනෙනු ඇති බවද වාර්තා වෙනවා.
අමාත්‍යවරයා පවසා ඇත්තේ, සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවයි