රෑ කෑම හැදුවා - පින්තුර පහ හයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රෑට කන්නේ මොනවද කියලා කල්පනා කරද්දී ඉක්මනට විනාඩි විස්සෙන් වගේ හදාගන්න දෙයක් කල්පනා උනා. බලද්දී රයිගම් එකේ සුවඳැල් හාල් නුඩ්ල්ස් කලින් හදලා ඉතිරි ටිකක් ෆ්‍රිජ් එකේ තිබ්බා.

    ඒක මම දැන් කන්න හදපු හැටි තමයි ඔය. මේ නුඩ්ල්ස් එක එච්චර රස නැහැ.

    මම ගත්තේ මේවා. ලීක්ස්, කැරට්, අර්තාපල්,ලොකු ලුණු, සුදු ලුණු,බිත්තර, සෝස් වර්ග, ඉඟුරු,මාළු මිරිස් වගේ දේවල්.

    1.jpg


    ඒවා පොඩියට කපලා තෙලට දාගත්තා.

    2.jpg


    3.jpg


    ඒ අතර තුරේ තලපත් මාළු ටිකක් පොඩියට කපලා එයාර්ෆයර් දැම්මා.

    4.jpg



    අවශ්‍ය පරිදි අනෙකුත් කළමනා. සහ එළවලු සමග තම්බා ගත් නුඩ්ල්ස් මිශ්‍ර කිරීම.

    5.jpg


    ඔන්න රෑ කෑම

    6.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මෙකෙ සමහර එවුන්ගෙ ඩිනර් ලන්ච් kiyalaa පෙන්නන photo එවාට වඩා රස පාටයි දැකුම්කලුයි:yes:
    thank u bro
    bump

    dwstma tama bath kala ne. rasa patai :P :P :P :P
    ------ Post added on Dec 7, 2025 at 7:17 PM
    thank u bro
    අද රැට ඩයට් කරනවා කියලා හිටියේ ..
    උබ වැඩේ කැවා නේ ..
    බඩගිනි වැඩි උනා ..
    නුඩ්ල්ස් කන්න එහෙනම්.
    මස් ජාති වැඩිය කන්නෙ නද්ද ?
    මම හෝටල් ක්ෂේත්‍රයේ වැඩ කලා. ඒ නිසා ලෝකේ තියෙන ගොඩක් කෑම වර්ග කාලා තියෙන නිසා දැන් එහෙම විශේෂ කෑමක් කන්න කියලා ආසාවක් නැහැ.

    නියමයි බන්. රස පාටයි. පිරිසිදුව උයල තියනව.
    කෑම වලට ලොකු කැමැත්තක් නැහැ. ඔබතුමා වගේ තමයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අද රැට ඩයට් කරනවා කියලා හිටියේ ..
    උබ වැඩේ කැවා නේ ..
    බඩගිනි වැඩි උනා ..
    මමත් අද රෑට ලංකාවේ නුඩ්ල්ස් එකක් අරන් ගිහින් හදව ගන්න ඕන. මේක දැකල ආස හිතුන බන්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,311
    113
    Galaha
    පොඩි දෙයක් කියල දෙන්නම්. මුලින් තෙල් ටිකක් අරන් සුදුලූනු බික් 4ක් 5ක් බී ලූනු පොඩි ගෙඩියක් හීනියට කපල ( 1/4 dice onion shape ) හොඳට බැදගන්න. බදිනකොට ලුනු ටිකකුත් දාගන්ඩ දාල රන්වන් පාට වෙනකොට ලිප වහලා රස්නෙ පිටම මිරිස් කුඩු තේ හැඳි කාලක් විතර දාල තෙල් ටික බේරෙන්න ලූනු කෑලි ටික තච්චියෙ පැත්තකට කරල තියන්න. නූඩ්ල්ස් එක හදනකොට අන්තිමට ඒ තෙල් ටිකයි ලූනු ටිකයි දාල කලවම් කරගන්න. නියම රසයි. :rofl:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මෙක තමයි රහස
    පොඩි දෙයක් කියල දෙන්නම්. මුලින් තෙල් ටිකක් අරන් සුදුලූනු බික් 4ක් 5ක් බී ලූනු පොඩි ගෙඩියක් හීනියට කපල ( 1/4 dice onion shape ) හොඳට බැදගන්න. බදිනකොට ලුනු ටිකකුත් දාගන්ඩ දාල රන්වන් පාට වෙනකොට ලිප වහලා රස්නෙ පිටම මිරිස් කුඩු තේ හැඳි කාලක් විතර දාල තෙල් ටික බේරෙන්න ලූනු කෑලි ටික තච්චියෙ පැත්තකට කරල තියන්න. නූඩ්ල්ස් එක හදනකොට අන්තිමට ඒ තෙල් ටිකයි ලූනු ටිකයි දාල කලවම් කරගන්න. නියම රසයි. :rofl:
    ස්තුතියි සහෝදරවරුනි
     
    • Like
    • Love
    Reactions: NRTG and max_pain

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ado nice machan mamath walker black ekka chicken parak dala podi settlement ekakata set wenna me ready wena gaman elakiri awe
    mix ekata smby apple ekak tiyenawa
    ඔව්. අද දැන් ඒ ටික හම්බුනේ. ඒ ටිකෙන් රෑ කෑම හැදුවේ.
     
    • Like
    Reactions: NRTG