මම licence එක ගත්තේ මේ අවුරුද්දේ ජුනි 29. ඒ කියන්නේ 29/06/2011. මමනම් normal ඇදුමකින් තමයි exam එකටයි trial එකටයි ගියේ. සුදු ඇදුමක් නෙමෙයි ඇන්දේ.ප්‍රශ්නයක් උනේ නෑ. එතන auntyලා එහෙම ඇවිල්ලා හිටියේ සාරි ඇදගෙන. uncleලා අයියලා එක එක T-shirts, shirts ඇදගෙන ඇවිත් හිටියා.exam එකේදී එකිනෙකට වෙනස් papers 3ක් වගේ කට්ටිය අතරේ කලවමේ බෙදල තිබුනා. ඒ කියන්නේ මගේ ලග ඉන්න අයට තියෙන්නේ මට ලැබුනා වගේ paper එකක් නෙමයි. මම එක දැනගත්තේ මගේ ලග හිටිය aunty මගෙන් ප්‍රශ්නේ පෙන්නලා උත්තරේ ඇහුවා. එතකොටයි දැක්කේ paper එක වෙනස් කියල. තව දෙයක්! ඒ papers හදිස්සියකට කටු ගෙට යවන්නත් පුළුවන්. ඒ තරම් පරණයි.පස්සේ තමයි දැනගත්තේ එකම papers set ඒක තමයි හැමෝටම දෙන්නේ කියලා. අපි ලියුවට පස්සේ ඒ ප්‍රශ්න පත්තර ටික එකතු කරගෙන ඊලගට එන applicant ලට දෙනවා. ඉතින් තේරෙනවනේ. එකම ප්‍රශ්න පත්තර 3ක් තමයි පරම්පරා ගානක් තිස්සේ තියෙන්නේ.

exam එකනම් හරිම ලේසියි. විනාඩි 10න් ලියලා ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ මාස 3කින් තමයි trial තිබ්බේ.එදා වාහන ගොඩාක් ඇවිල්ල තිබ්බා කච්චේරියට. එක එක ලර්නර්ස් වලින් කට්ටිය ඇවිත් හිටිය. ටික වෙලාවකින් examiner ඇවිත් එක වහනෙකට නැග්ගා. දැන් හැමෝම ඒ වාහනේ පිටිපස්සෙන් පෝලිමට යනවා මහා පාරේ. පෙරහැරක් වගේ

. ටික දුරක් ගිහින් ඉස්සරහ වාහනෙන් බැහැල examiner ඊලග වාහනේට නගිනවා. එකේ ඉන්න කට්ටියගේ driving test කරලා ඊලග වාහනේට නගිනවා. ඔහොම ඔහොම මම හිටපු van එකටත් අවා. අපේ van එක drive කරපු ලර්නර්ස් එකේ uncle driving seat එකෙන් බැහැල " එන්න " කියලා පිටිපස්ස් බලලා කිව්වා. අපේ van එකේ හිටපු එඩිතර uncle කෙනෙක් මුලින්ම test එකට ගියා. මම හිතුවේ ඉස්කෝලේ test වල වගේ පොඩ්ඩ් වැරදුනොත් බනීවි කියලා. ඒ උනාට ඒ uncleට වැරදුනාට examiner බන්නේ නෑ.ඉතින් මම ඊළගට driving seat එකට බය නැතුව ගියා. ටික දුරක් ගියාම examiner පාර අයිනේ නවත්තලා තිබුන ලොරි 2ක් අතර ඉඩ පෙන්නලා එතන නවත්තන්න කිව්වා. එතන නවත්තල මම බැස්ස ගමන්ම මගේ අතට කොලයක් දුන්නා ටිකක් දිග කොලයක් ඒ temporary licence ඒක. ඉතින් trial එක ගිහින් පෙන්නලා බැස්ස ගමන් temporary licence එක දුන්න.
හැබැයි තාම මගේ permanent licence ඒක, එහෙමත් නැත්තම් licence card ඒක තාම ආවේ නෑ
තවත් විස්තරයක් කිව්වොත්, මම licence ඒක අරන් මාසයක් යන්න කලින් double line කපලා Rs 500/= ක දඩේකුත් කෑවා
