නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා..
පවුරු බැදගෙන සිතක වැජබුනු
රසවතී නැ කොයි ගියා..
ආදරෙයි මම ආදරෙයි..
දම්මි තවමත් ආදරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැගුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකලා ඔබෙ නෙත් කැළුම්..
ආදරෙයි මම ආදරෙයි..
සුගත් තවමත් ආදරෙයි..
අසිමත් ලෙස වැඩුනු දේදුනු
කළුවලා පෙම් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ගොළුවුනා..
ආදරෙයි මම ආදරෙයි..
දම්මි තවමත් ආදරෙයි..
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා නැති වුනා
සාගරය වැනි වේදනාවක
අහෝ හිතවත තනිවුනා..
ආදරෙයි මම ආදරෙයි..
සුගත් තවමත් ආදරෙයි..
ආදරෙයි මම ආදරෙයි..
දම්මි තවමත් ආදරෙයි ..ආදරෙයි..