ගිය පාර ලොක්ඩවුන් නිවාඩුව ඔහේ ගත වෙලා බන්ඩිය විතරක් ඉස්සරහට ආපු නිවාඩුවක් වෙච්ච නිසාම.
මේපාරත් ලොක්ඩවුන් එකක් එනව කියල දැනගත්ත ගමන් ගෙදරට බඩුමුට්ටු ගන්න සුපර් මාකට් වල රස්තියාදු වෙනවට අමතරව හාඩ්වෙයාර්, ලී මඩු , ස්පෙයා පාට්ස් කඩවල එහෙමත් කාලය ටිකක් ගතකරා.
ඕන්න ඒකෙ ප්රතිඵලයක් විදිහට අද දවසෙ වාහනේ ත්රොටල් බොඩි එකයි, ඉන්ජෙක්ටර් ටිකයි ක්ලීන් කරල දැම්ම.
මුලින්ම බැට්රි වයර් එහෙම ඩිස්කනෙක්ට් කරල,
ත්රොට්ල් බොඩි එක ගලවන්න බැලුවම, මේක මැනිෆෝල්ඩ් එකට හයිවෙලා තියෙන්නෙ 6mm ඇලන් බෝල්ට් 4කින්.
තියෙන ඇළන් කී එකෙන් මේක ගලවන්න බෑ. හේතුව, කී එකේ දිග පැත්තෙන් ලොකු ටෝක් එකක් ගන්න බෑ. ටෝක් එක වැඩි පැත්ත දාල කරකවන්නත් බෑ.
ඊටපස්සෙ වැඩේට හරියන විදිහට ගෙදර තිබුණ මල් නියණක් කපල, ග්රයින්ඩ් කරල ටූල් එකක් හදාගන්නවුණා. ඒක, මගෙ ලඟ තිබුණ 6mm ටී හැන්ඩ්ල් එකට දාල තමයි ත්රොටල් බොඩි එක ගලව ගත්තෙ.
මේ තියෙන්නෙ, වම් පැත්තෙ ඉඳන් ඇලන් කී එක, කපපු මල් නියණ, ටී හැන්ඩ්ල් එක, හදාගත්ත ටූල් එක
මේ තියෙන්නෙ, ත්රොටල් බොඩි එකයි, අයඩ්ල් ස්පීඩ් එයා කන්ට්රෝල් වෑල් එකයි ක්ලීන් කරන්න කලින්.
මේ මොඩ්ල් එකට එන්නෙ සයිඩ් ෆීඩ් ඉන්ජෙක්ටර්ස්. ඒ හින්ද මේක වෙනම ගලවල ක්ලීන් කරන්න හරිහමං ක්රමයක් යූ බටෙන් හොයාගන්න බැරිවුණා. තිබුණ ක්රමත් එච්චර සාර්ථකයි කියල හිතන්න බෑ.
ඉතින් මම කරේ, ඉන්ජෙක්ටර් රේලින් එක පිටින්ම ගලවල අරගෙන පිංතූරෙ තියෙන විදිහට පරණ සිලිකන් ග්ලූ නොසල් එකක් හරහා කාබ් ක්ලීනර් එක රේලින් එක ඇතුලට ප්රෙශර් කරල වෙන වෙනම 9v බැට්රියකින් ඉනිජෙක්ටර්ස් වලට සප්ලයි දීල ක්ලීන් කරපු එක. හැබැයි 9v බැට්රයෙන් සප්ලයි දෙනඑක එච්චර සාර්ථක මදි. මට පස්සෙ 12v බැට්රියෙන්ම සප්ලයි දෙන්නවුණා.
ත්රොටල් බොඩි ක්ලීනර් එක විදිහට මම ගත්තෙ වර්ත් එකේ ක්ලීනර් එක.
මේ වැඩේට පස්සෙ වාහනේ එන්ජිම සෑහෙන ස්මූත්වුනා. පෙට්රල් කිරීම කොහොමද කියල තමයි ඊලඟට බලන්න ඕනෙ.
මට කාබ් ක්ලීනර් ගැන එච්චර දැනුමක් තිබුණෙ නෑ.
@Lakshan-Seram ගෙන් අහල තමයි මේක ගැන දැනගත්තෙ. එයාටත් ස්තුති කරල. අදට නවතිනව...

dan 25 wenakal inne 