ලොව පළමු කෘති‍්‍රම හරක් මස්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලොව පළමු කෘති‍්‍රම හරක් මස්

    ලොව පළමු කෘති‍්‍රම හරක් මස් රස අත්හදා බැලේ




    ලොව පළමු වරට පර්යේෂණාගාරයක් තුළ කෘති‍්‍රමව නිපදවූ හරක් මස් බර්ගරය රස බලා ඇතැයි වාර්තා වේ. ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් විසින් 2008 සිට සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර ගවයන්ගෙන් ලබාගත් පටක කොටස් (stem cells) කෘත‍්‍රිම තත්වයන් තුළ වගාකර ඇතැයි පැවසේ.


    මාක් පෝස්ට් පවසන්නේ මෙය ගව සෛල වලින් නිෂ්පාදිත නිසා සාමාන්‍ය ගව මස් වලට කිසිදු වෙනසක් නොමැති බවයි. එක් ෙසෙල නියැදියකින් මස් ටොන් 20000ක් පමණ වගා කළ හැකි බව ඔහුගේ අදහසයි.


    මෙලෙස කෘතිම ලෙස පටක ආධාරයෙන් වගා කරන ගව මාංශ ආහාරයට ගත හැකි ආකාරයට මෝරා ඒම සඳහා මාස තුනක කාළයක් ගතවූ බව පවසන විද්‍යාඥ මාක් පෝස්ට්, ඉදිරි දශකය තුල මෙලස කෘත්‍රිම ලෙස වගාකරන මස් සුපිරි වෙළඳසැල් තුල විකිණීමට තිබීමේ හැකියාව ඉතා ඉහල බව පවසයි.




    ගූගල් ආයතනයේ සම නිර්මාතෘ හා වත්මන් ප‍්‍රධාන විධායක නිලධාරියා වන සර්ජි බි‍්‍රන් මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කර ඇති අතර අවුන්ස 5ක බර්ගරය සඳහා වැයවූ මුදල ඩොලර් 332000ක් පමණ වන බව පැවසේ.
    ෆෝබ්ස් ආයතනය පවසන ආකාරයට සර්ජි බි‍්‍රන් සතු වත්කම් ඩොලර් බිලියන 22.8ක් වන අතර ඔහු ස්වයංක‍්‍රීය මෝටර් රථ සහ පුද්ගලික අභ්‍යවකාශ යානා ආදී ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරන්නෙකු ලෙස සැලකේ.
    මෙලෙස මාංශ ආහාර නිෂ්පාදනය අනවශ්‍ය යයි සිතිය හැකි වුවත් දැනට මාංශ නිෂ්පාදනය සිදුකරන ආකාරය පරිසර හිතකාමී හෝ සත්ව හිතකාමී නොවන බව මාක් පෝස්ට් පවසා ඇත.


    සත්ව පාලනය ලෝකයේ හරිතාගාර වායු විමෝචනයෙන් 18% සඳහා වගකියන අතර අයිස් රහිත භූමි ප‍්‍රමාණයෙන් 30%ක් භාවිතා කරන බව පැවසේ. මේ අතර ඉදිරි වසර 40 තුළ ලෝක ජනගහනය බිලියන 2.5කින් වර්ධනය වනු ඇති අතර ඒ සඳහා ධාන්‍ය නිෂ්පාදනය දෙගුණ කිරීමට සිදුවනු ඇතැයි මිනෙසොටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් අනතුරු හගවා ඇත.


    එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ ඉදිරි දස වසර තුළ ආහාර මිල 10%-40%ත් අතර ප‍්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බවයි.

    හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    11.gif
    ......+6
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    දැන්වත් කිරි අම්මාව මරන එක නැවැත්තුවානම් ඕක හොයාගත්තු අය පතන බෝධියකින් රහත් වෙන් ඕනේ..
    :) :) you must spread some reputation