ලෝබ නැතිව අගය කරන්න

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    namkiyanna gihin taraha karayan eti kara ganeemata kamathi natha :no:
    ඇත්තටම මට ඔය දේ හිතට ආවේ නැතුව නෙමෙයි. මටත් මුලින් එහෙම හිතුනා... "නැති ප්‍රශ්න ඇති වෙයිද කියලා"... එත් පස්සේ හිතුනා, එහෙම හිතනවා නම් මේ Thread එක දාලා වැඩක් නැහැ කියලා. කමක් නැහැ... හිතට එකගව, තීරණ ගන්න. වරදින්නේ නැහැ:yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    specially radio team eka..:)
    අනිවාර්යයෙන්ම... ඒ ගැන නම් කථා දෙකක් නැහැ:yes:.

    තව දෙයක් මුදල මත සෑම දෙයක්ම තීරණය වන වර්තමානයේ, ඔබ විසින් මේ එළකිරි සමාජය වෙත තම වටිනා කාලය, ශ්‍රමය කැපකර නොමිලයේ ලබාදුන් ඒ Android App එක වෙනුවෙන් ඔබව ඇගයීමට මෙය අවස්තාවක් කර ගනිමි. අනෙක් සොයුරු, සොයුරියන්ද මා සමග එකග වනු ඇත:D. බොහොම ස්තුතියි... බොහොමත්ම පින් :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අගයමි

    අළුත් නැව්ම් අදහස් අරගෙන එන්න....
    වැඩි කාලයක් නැත අප හට මෙහි ඉන්න....
    ඉන්න ටිකේ ලොව හිනි පෙත්තට යන්න....
    මග සැරසූ අය හට අගයක් දෙන්න.......

    සාමය සතුට පතුරා ‍ලෝකය දින්න.....
    සතුරන් පවා මිතුරන් විලසට දුන්න....
    බුදු රජ,ජේසු උතුමනන් සිහි වන්න........
    ආගම් වලට අවැසිය අගයක් දෙන්න.....

    දිවියේ මිනි පහන ඇය‍ගේ උතුම් හද....
    ඇගෙ ආලයයි මගෙ ජීවිතයම සබද.....
    මිනිසෙක් කරන්නට මා වෙහෙසුන නිඹද...
    අම්මා අගේ නොකලොත් වැරදියි නොවෙද....

    රිසි රසි ලෙසට මා සුරතල් කරමින්නේ........
    කර දඩු වැඩී එනතුරු පසු පස ඉන්නේ........
    ලොවෙ වෙන කොහෙද රැකවල් දෙවියෙක් ඉන්නේ...
    පියතුම වදිමි ඔබෙ පා යුග අදරින්නේ........

    එක දෙක වසර වැඩි වැටි දුව පනිනකොට....
    කරුණා සෙනෙහෙ පදවැල් මතකයි මෙමට
    පොත් මිටියකුයි මල් කුඩයයි ගෙන අතට....
    මා ප්‍රිය ගුරු මවුනි සැරදේ ඔබ හෙටට....


    සනිධප මගා සරිමග සරි සා නිද පා.........
    හරියට ස්වර කිව් හැටි මතකයි ගලපා.....
    සංගීතයේ රිද්මෙට පෙන්වා අත් පා.....
    මා ගුරු තුමනි වදිනෙමි ඔබගේ සිරි පා...

    ගැරහුම් නොයෙක් අවමන් මුසු කොට එන්නේ....
    නැත කිසි දිනෙක ඔහු නම් හොද අහගන්නේ....
    එනමුත් අපේ ගමනට මුල් තැන දෙන්නේ....
    රියදුරු සමග කොන්දොස්තර අගයන්නේ......

    කචල් දවස් වලමයි මට ‍වද දෙන්නේ..........
    කී පාරක්ද ඔබ මට දඩ ලියවන්නේ...........
    පාරේ මැදයි විසිල් පිඹින ඔහු ඉන්නේ....
    පොලිස් මහතුනට අද අගයක් දෙන්නේ.....

    රජ‍යේ ‍රෝහලයි මට සිහියට එන්නේ.....
    සත සෙත පැතූ උතුමන් දහසින් ඉන්නේ....
    වෙදදුරු තුමෙනි හෙදි තුමියනි අහගන්නේ....
    ඔබ කල උතුම් සේවය මිනි මුතු වැන්නේ....

    එලකිරි පව්ලෙ මට මගෙ තනියට ඉන්න....
    ඔබ සැම දෙනා දැන් මේ දෙය අහගන්න.....
    සතුටක් දුකක් ඇති නැති හැම විට එන්න....
    මගෙ සබදයිනි තුති පුදනෙමි අගයන්න........

    සතියේ හැම දිනම අප සිත් පිනවන්න....
    රේඩියො කරන සැම දෙන මෙය අහගන්න....
    සිත් සනහන්න දුක් දොම්නස් දුරලන්න.....
    ඔබ කල පිනෙන් හැක සුරලොව දැකගන්න....

    සසල හ‍දක් නිසලව යන සිකුරාදා....
    අසල නින්ද නැති මරු දවසක්ය එදා...
    කසල නොමැති සුභාවිතය ගනිමි බදා....
    ඒ දින මගේ මතකයෙ රැදවේය සදා....

    කතිරය ලබා ගන්නට නිවසට එන්න....
    අපටත් වඩා අපි ගැන හොද හැටි දන්න....
    ඔය කොයි එකත් එක වාගෙයි දැනගන්න...
    ඡන්දය ලබා දී පස්සෙන් එලවන්න.....

    අගයක් හිමිව නැති අයෙකුට එය පුදලා...
    නඩයක් තරම් තුති ස්තුති ගෙන පුදලා......
    කඩයක් දමා පත්තර වල එය ගහලා......
    වදයක් වෙන්න හොද නෑ අගයක් කරලා...

    නිව්න සිතින් අතීත මග පෙරලන්න.......
    තැව්න අතීතය මදකට දුරලන්න....
    අත්වැල් මගක් ඇත ඒ මග දුර යන්න..
    සුදුසු කෙනා දැක එහි ගුණ අගයන්න....

     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ "සැලළිහිණි සන්දේශය" සිහියට නැගුණි. "මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති – බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති...” බිත්තියෙහි ඇඳි රූ කිසිදා පිටුපස නොහරවන්නාක් මෙන් උසස් මිත්‍රයා දුකේදීත් සැපේදීත් එක් ව වාසය කරයි.


    මිත්‍රත්වය ලොව ඇති උතුම් මිනිස් දහමකි. මිත්‍රත්වය හුදෙක් මිනිසත් බවේ පමණක් නොව තිරිසන් බවේ ද පවතින ධර්මතාවක් බව අප අමා මෑණී සම්මා සම්බුදු තතාගතයානන් වහන්සේ දේශනා කර ඇත. යහපත් මිත්‍රයකුගේ අගය වචනයෙන් කියා නිම කළ නොහැකි අතර එවන් මිතුරන් සෙවීම ද පහසු නොවේ.ඔබ ඉතා වාසනාවන්තයෙකි. බොහෝම ස්තුතියි.:D
    :yes::yes::yes:
    ඔබ පැවසූ දේ සත්‍යයකි. ඔබටත් බොහොම ස්තුතියි.
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Nice post bro :yes: අගය කරන්න අය නම් ගොඩක් ඉන්නවා මගේ ජීවිතේ...... :yes:

    ඒ අතරින්, ප්‍රධානම කෙනා තමා, මගේ තාත්තා...... :yes: :love: :( ඒත්, මට එයාව අගය කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ...... :no: ඒ අවස්ථාව එන්න කලින්, එයා අපිව දාලා ගියා...... :( :( එක්තරා මෝඩ, සල්ලි වලට ජීවිත නියම කරන, කාළකන්ණියෙක් වරදවා කරපු ඔපරේෂන් එකක් නිසා...... :angry:


    :angry::angry::angry::angry::angry::angry::(:(:(:(:(:(
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    එළකිරියේ මම අගය කරන කෙනා..............
    කොස්&පොල් සහෝදරයා.........
    වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි....තමන් ගේ බිරිදට, දරුවන්ට තියන ආදරය නිසා..........

    mama thama bendala ne ban. :P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එළකිරියේ මම අගය කරන කෙනා..............
    කොස්&පොල් සහෝදරයා.........
    වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි....තමන් ගේ බිරිදට, දරුවන්ට තියන ආදරය නිසා..........

    කොස්තාපල්;14628670 said:
    mama thama bendala ne ban. :P

    :angry::angry::angry: දැන් කවුද ඇත්ත කියන්නේ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස්තාපල්;14628670 said:
    mama thama bendala ne ban. :P

    :angry::angry::angry: දැන් කවුද ඇත්ත කියන්නේ?
    අම්මපා තොපි දෙන්නට ම මෝල් දැ???

    මම කිව්වේ කොස්&පොල් සහෝදරයා ගැන...........
    මේ කොස්තාපලයා ගැන නෙවෙයි................
    :angry::angry::angry::dull:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අම්මපා තොපි දෙන්නට ම මෝල් දැ???

    මම කිව්වේ කොස්&පොල් සහෝදරයා ගැන...........
    මේ කොස්තාපලයා ගැන නෙවෙයි................
    :angry::angry::angry::dull:
    PupFaint.gif
    PupFaint.gif
    PupFaint.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    Nice post bro :yes: අගය කරන්න අය නම් ගොඩක් ඉන්නවා මගේ ජීවිතේ...... :yes:

    ඒ අතරින්, ප්‍රධානම කෙනා තමා, මගේ තාත්තා...... :yes: :love: :( ඒත්, මට එයාව අගය කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ...... :no: ඒ අවස්ථාව එන්න කලින්, එයා අපිව දාලා ගියා...... :( :( එක්තරා මෝඩ, සල්ලි වලට ජීවිත නියම කරන, කාළකන්ණියෙක් වරදවා කරපු ඔපරේෂන් එකක් නිසා...... :angry:

    :(