ගණිකාවක් කරන්නේ මුදලට තමන්ගේ ශරීරය විකුනනවා. නළුවෙක් කරන්නේ මුදලට තමන්ගේ රංගනය විකුනනවා. නිචෙදකයෙක් කරන්නේ මුදලට තමන්ගේ කටහඬ විකුනනවා.
දැන් අපි බලමු ගණිකාවක් නඩත්තු වෙන්නේ ඇගේ මුදල් වලින් නම් , මුදල් ලබාදෙන පුරුෂයා වෙනත් ස්ත්‍රියක් සමග සුවිශේෂී(exclusive) සම්බන්ධයක් පවත්වන්නේ නැති නම් , ලිංගික ක්‍රියාව දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවෙනවා නම් බුදුදහමට අනුව පාපයක් සිදු වෙන්න බැහැ. (සදාචාරාත්මක පැත්ත ගැන නෙමෙයි මම කතා කරන්නේ )
තමන්ගේ පෙම්වතිය සමග box එකකට ගිහිල්ල අහිංසක වින්දනයක් ලබා ගන්නවා නම් , දෙපාර්ශවය කිසිඳු අකමැත්තක් නැතිව සිදුවෙනවා නම් එතන කිසිම ප්‍රශ්නයක් තියෙන්නේ විදිහක් නැහැ
බුදු දහමේ කර්මය ගැන කියල තියන මුල්ම දේ තමයි චේතනාව කර්මය වේ. අපේ චේතනාව තමයි කර්මය . අපේ චේතනාව යහපත් නම් එතනින් කර්මයක් සිදු වෙන්නේ නැහැ. (ඔය දෙමව්පියන් රකින අයත් එක්ක sex කරන්න එපා කියල තියෙන්නේ ළමයෙක් හම්බුනොත් අනාත නිසා. එ කියන්නේ සදාචාරාත්මක ප්‍රශ්න නිසා. )
එ වගේම සමාජයේ සදාචාරාත්මක ප්‍රශ්න නිසාත්ඕක වෙනස් වෙන්න පුළුවන් මොකද ලංකාව වගේ රටවල කන්‍යාභාවය ප්‍රශ්නයක්. එතකොට කෙල්ලෙක් එක්ක බඳින්න කලින් sex කරනවා නම් අර කොල්ල 100% බඳින්න බලාගෙන කරන්න ඕනේ , එත් අනිත් රටවල සංස්කෘතිය එක්ක කන්‍යා භාවය එතරම් ගැටලුවක් නෙමෙයි