මං පොඩි දෙයක් කියන්නම්. මැරෙනකම්ම එකම කෙල්ල එක්ක ඉන්නවා කියන එක අතැරලා දාන්න. මැරෙනකම්ම එකම ගෑනිව බැඳලා ඉන්නේ මම කියලා හිතාගෙන ඉන්න එකෙනුත් අයින් වෙන්න.
අද කාලේ මිනිස්සු ගොඩක් සවුත්තු ගති තියෙන්නේ. ගුණ ධර්ම පිරිහිලා ඉවරයි.
ඒකම තමයි හේතුව විවාහක දෙන්නෙක්ට, යාළුවන්ට, නෑදෑයන්ට, අසල්වාසීන්ට තරහ නොවී ඉන්න බැරි කම.
අනිවාර්යෙන්ම ඔය කාණ්ඩ ඕනෑම එකක මිනිස්සු අවුරුදු කීපයක් යද්දී තරහ වෙනවා. හිතවත්කම් නැති වෙනවා.
හේතුව මිනිස්සුන්ගේ එකිනෙකාගේ ගති එකට ගැලපෙන්නේ නැතිකම.
ඒ නිසා බඳින්න ඕන ගෑනි හම්බුනාම බඳින්න. අවුරුද්දක් ද, දෙකක් ද, 5ක් ද 20ක් ද හොඳින් ඉන්න පුළුවන්, ඒ කාලේ ඉන්න. ඊ ලඟට ඩිවෝස් වෙලා වෙන කෙනෙක් ගන්න.
ඔයාට ඕක කැමති නං කරන පුළුවන්.
නැත්තන් ජිවිත කාලෙම රණ්ඩු වේවි, කුණුහරප කියාගෙන, ආදරේ 0 ටම බැහැලා එකිනෙකා පේන්න බැරුව ඔහේ ඉන්නන් වාලේ ඉන්න පුළුවන්.