විසිතුරු පහන් - Decorative Lights

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
විසිතුරු පහන් - Decorative Lights

s1kbpk.jpg
 
මේකෙ දෙපැත්තක් ගැන කියවෙනවා වගේ.අනවශ්‍ය විදිහට නාස්තිකලත් අපට ලැබෙන්නේ පුංචි වාසියක්.
අනිත් අතට ගැහැනියක් යාන වාහන-විලාසිතා- සැරසිළි- විච්වූරණ කෙතරම් වුවත් ඇයගේ අතෘප්තිමත් ආත්මය කොයි අයුරකින් සෑහීමකට පත් වේද යන සාංකාව ගැන විමසනවා වගෙයි මට හැ‍ඟෙන්නේ.මම වැරදි වුවත් ව්‍යංගාර්ථයෙන් ලියූ අනඟි පදවැලක්. ඔබට ජය!
+++
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බාහිරව ලස්සනට සුවඳින් සැරසුනු අයගේ අභ්‍යන්තරයෙන් එම ලස්සන සුවඳ කෙතරම් දුරට වහනය වෙනවාද යන්න විචාරයට ලක් කල් මොහොතක්..

සරල කෙටි පද වැලකින් මහා සාගරයක් බඳු පුර්වාදර්ශයක් ජනතා සිත් තුලට ඔබ කිඳා බැස්සීමට ගත් ප්‍රයත්නය සාර්ථකයි..

ඔබට ජය....
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට මේක කියවපුවම හුගක් දේවල් හිතුනා. ඒ කියන්නෙ මට මේකේ නියම අදහස වැටහුනේ නැහැ. පුහු ආටෝපය ගැන කතා කරනවා කියලා හිතෙනවා. ඒත් sure නැහැ.

    පොඩි උදව්වක් කරන්නකෝ අයියේ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපූරු නිර්මාණයක් ...... විව්ධ කෝණ වලින් බලලා විවිධ අරුත් සපයන්න පුළුවන් නිර්මානයක්

    සාර්ථකයි

    + රෙප්
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මෙය බොහෝ අර්ථ නිරූපනය කරන සරල ඒත් ගැඹුරු පද පෙලක්.
    සෑහෙන වියදමක් දරාගෙන දාන විසිතුරු පහනක එළියකට කොයි තරම් පුංචි ප්‍රදේශයක්ද එළිය කරන්න පුළුවන්. එහි තියෙන විසිතුරු බවට රැවටුණාට එහි එළිය එයටවත් සෑහෙන්නෙ නෑ. ඕක තමයි අද සමාජයේ මිනිසුන්ටත් වෙලා තියෙන්නේ. ඔවුන් ගොඩාක් මහන්සි වෙලා, වියදම් කරලා විසිතුරු වෙනවා. ඒත් ඔවුන් තමන්ගේ ජීවිතයවත් ආලෝකවත් කරගන්නෙ නෑ.

    කවදත් වගේ නියමයි!
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ගැඹුරු තේරුමක් තියෙන නිර්මාණයක් සහෝ....අපි පුහු ආටෝපයන්ට රැවටුනා කියලා දැනෙන්නේ කාලයක් ගියාට පස්සෙනෙ....

     

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    is completely different from others
    it has deep meaning in as i feel it
    Powerful Worn Deep Meanings
    Very true indeed
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    තමන්ගෙ ශරීරය. තරා තිරම පුහු ආටොපයෙන් සරස ගන්න මිනිසුන් වෙර දරනවා.

    ඒත් ඔවුන්ගේ ආත්මයෙන් හමන දුගද දැනුනද ඒ ගැන කතා කරන්නද ඔවුන් කැමති නැත

    අපූරැ නිර්මාණයක් සහො
     

    nwnbs

    Member
    එක එක පැති වලින් බලන්න පුළුවන් නිසා වටිනාකම වැඩියි... පුහු ආටෝපය ගැන තමයි මං හිතන්නෙ මූලිකවම කියවෙන්නෙ... කොයිතරම් වියදම් කරත් කරත් වැඩක් නෑනෙ දෙන එළිය අඩු නම්...
    අර්ථවත් නිර්මාණයක් මිත්‍රයා... :)