විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මන් නම් ෆන් එකට ඔව හදනව මච්න්,එල ත්‍රෙඩ් එක ! ! ! :yes::yes::yes::yes: 3+
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    වැදගත් ත්‍රෙඩ් එකක්.......වෙලාවක් හම්බුනාම එකක් දෙකක් හරි හදල බලන්න ඕන..ඒත් ඉතිං පාස්සන එක තමා වේදනාව......:(:frown:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වැදගත් ලිපියක්.රෙප්+.
    අපෙත් එකක් දැමිමා,කුස්සියට විතරක්..වැඩ කලේ අවුරැද්දයි..ආයි හැදුවා,ආපහු මාසකින් කැඩුනා,තාම බල්බි එක හැදුවෙි නැහැ,කුස්සියට CFL එක දැමිමා..LED වලට warranty කියද මචං?:confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැදගත් ලිපියක්.රෙප්+.
    අපෙත් එකක් දැමිමා,කුස්සියට විතරක්..වැඩ කලේ අවුරැද්දයි..ආයි හැදුවා,ආපහු මාසකින් කැඩුනා,තාම බල්බි එක හැදුවෙි නැහැ,කුස්සියට CFL එක දැමිමා..LED වලට warranty කියද මචං?:confused:

    බ්‍රෑන්ඩඩ් ඒවට නම් තියනවා. ඒ වගේම හදලා දෙන සමහරු අව්රුද්දක් හෝ දෙකක් දෙනවා. මචං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැදගත් ත්‍රෙඩ් එකක්.......වෙලාවක් හම්බුනාම එකක් දෙකක් හරි හදල බලන්න ඕන..ඒත් ඉතිං පාස්සන එක තමා වේදනාව......:(:frown:

    :cool: 1වොට් ගත්තම බල්බ් 7නේ පාස්සන්න තියන්නේ.
     
    ගොඩ දවසකින් අලුත් ත්‍රෙඩ් එකක් පල කරන්න බැරි වුන නිසත්. කඩ වල රාක්ක පුරවලා තියන සීඑෆ්එල් බල්බ් ඉවර වෙන සීග්‍රතාවය දකින නිසත් මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනා.
    තවමත් ගොඩක් ගෙවල්වල පාවිච්චි කරන්නේ සීඑෆ්එල් බල්බ්. :eek: ඒකට හේතු කීපයක්ම තියනවා. එකක් තමයි අඩු විදුලි පිරිමැස්ම ඒ වගේම වැඩි අායුකාලයක් තබිම, නියෝන් ආලෝකය ලැබිම වගේ දේවල්. ඒ වගේම පේමන්ට් එකේ බොහොම අඩුවට තියන සීඑෆ්එල් බල්බ් පාවිච්චි කරන පිරිසකුත් ඉන්නවා. ඔය බල්බ් වල කියපු වාසි වලට වඩා අවාසි වැඩි බව මේ වෙනකොටත් ඔයාලා දන්නවා ඇතිනේ. ලොකුම අවාසිය තමයි පරිසරයට සිද්ධ වෙන්නේ. සමහරුන්ට නම් පරිසරයට කෙල වෙලා ගියත් කමන්නෑනේ. ඒක් අපේ ශරිරවලට පවා සීඑෆ්එල් බල්බ් එච්චර හොද දෙයක් නම් නෙවෙයි. ඇයි සාක්කුවට. :P ඉතිං ඕකට විකල්පයක් විදිහට කරන්ට් එක අමු අමුවේ ගිලලා දාන පරණ සූත්‍රිකා බල්බ් පාවිච්චි කරනවද? :eek:

    නැත මිත්‍රවරුනි නැත.

    එහෙනම් මොකද්ද තියන විසදුම කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. විසදුම තමයි එල්ඊඩි.
    පොදුවේ එල්ඊඩි බල්බ් වල මිනිස්සු දකින අවාසි මොනවද? ඇයි ඔයාලා එල්ඊඩි බල්බ් පාවිච්චි කරන්නේ නැත්තේ කියලා ඇහුවොත් මිනිස්සු කියන්නේ ඉක්මනින් දැවීයාම, මිල අධිකබව, ආලෝකය මද බව වගේ කතන්දර.

    අද මම කියන්න යන්නේ ඔන්න ඔය ගැටලු මග ඇරගෙන කවදාවත් විසි කරන්නේ නැතුව හැමදාම එකම බල්බ් එකක් පාවිච්චි කරන විදිහ. මේක කරුණු කිපයක් යටතේ විස්තර කරන්නම්කෝ. එතකොට තෙරනේ විස්තරේ හොදට පැහැදිලි වෙයි. :D

    1) බ්‍රෑන්ඩඩ් බල්බ් ගන්න එපා. ඒවා තමයි අස්ප ගනං. $$$$
    දැන් උඹලා හිතනවා ඇතිනේ, එහෙනම් පේමන්ට් එකෙන් බල්බ් එකක් ගන්නද ටොමා මේ කියන්නේ කියලා. නෑත මිත්‍ර වරුනි. ඒකට තියන හොදම විසදුම තමයි බල්බ් එක ඇසෙම්බල් කර ගන්න එක.
    265bf9eb0af90ce9f00d19c668212611.jpg

    දැන් උඹලා කියයි ඉතිං අපිට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑනේ කියලා. මේ වැඩේට එහෙම දැනුමක් ඕනි නෑ. බල්බ් වල +, - බලලා පාස්ස ගන්න පුලුවන් මුලු බල්බ් එකම හාදාගන්න ඕනි නම් ඊයං ඩොට් 20 ක් තියන්න වෙයි.
    discs.jpg

    ඔය රූප වල පේනවා නේද ලස්සනට +,- ගහලා තියන්නේ. බල්බ් එකේ එක පැත්තක පාදයේ මුල ඍණ අග්‍රය ලකුණු කරලා තියන නිසා අදුන ගන්න ලේසී. සමහර ඒවගේ නම් +,- දෙකම ලකුණු කරලා තියනවා.
    HTB1VBq4FVXXXXbpXpXXq6xXFXXXv.jpg

    බල්බ් ටික පාස්සලා අමු අමුවේ ලැබෙන සර්කිට් එක පාස්ස ගන්න විතරයි තියන්නේ. :D ඔය සර්කිට් එකෙත් +, - අදුන ගන්න රතු හා කළු පාට වයර් තියනවා. ඒවා අර රව්මේ මැද තියන +,- මාක් කරපු තැන් වලට පාස්ස ගන්න විතරයි තියන්නේ.
    top-selling-inside-18-24-1w-led-power-drivers.jpg


    2) ඉක්මනින් දැවී යනවද?
    ඔන්න ඊලග ප්‍රශ්නේ. ගොඩක් අය කියනවා එල්ඊඩි බල්බ් ඉක්මනට පිච්චිලා යනවා කියලා. ඒකට හේතු තමයි මේවා.
    සාමාන්‍ය එල්ඊඩී සිය ගානක් දාලා හදන බල්බ් වල එක බල්බ් එකක් පිච්චුනත් බල්බ් එකම හෝ ඒකේ පැත්තක් වැඩ නැතුව යනවා. ඒ නිසා මේ රූපේ තියනව වගේ බල්බ් ගන්න හෝ හදන්න මහන්සි වෙන්න එපා.
    ultra-bright-led-bulb-7w-e27-e14-110v-240v.jpg

    එස්එම්ඩී තියන බල්බ් ඉක්මනින් පිච්චිලා යනවා. ඒ වගේම වෙන වෙනම බල්බ් රීප්ලේස් කරන්නත් අමාරුයි ඒ නිසා එස්එම්ඩි ගන්නත් එපා. මේ පහල තියන්නේ ඒවා තමයි. මේවා මිල නම් අඩුයි. නමුත් ගන්න එපා.
    Dimmable-no-need-Driver-SMD2835-led-bulb-PCB-module-9W-12w-15w-led-chip.jpg


    එහෙනම් මොනවද ගන්නේ කියලා ප්‍රශ්නයක් හිතට එනවා නේද? ගන්න ඕනේ 1w led දාලා හදපු මෙන්න මේ වගේ බල්බ්.
    10pcs-3-4-5-6-7-9-12-15W-LED-PCB-with-1W-30-30mil-beads.jpg


    දැන් සමහරු හිතනවා ඇති අපේ ගෙදර මෙයින් එකකුත් පිච්චුනානේ කියලා. ඒකට හේතුව තමයි අවිධිමත්ව බල්බ් එක ඇසෙම්බල් කර තිබීම හෝ පරිපථයේ දෝශ. ඔය අවිධිමත් ඇසෙම්බල් කිරීම කිව්වේ බල්බ් පාස්න කාරනයක්. අපි එල්ඊඩී බල්බ් පාස්සනකොට හීට් සිංක් කම්පව්න් කියන මෙන්න මේ ක්‍රීම් එකෙන් ඉතාම සුලු ප්‍රමාණයක් බල්බ් එකේ යට පැත්තේ තියලා පාස්සන්න ඕනේ.
    42261112.jpg

    ඕවා හීට් සිංක් එකයි, බල්බ් ඕක්කොම හයි කරන ප්ලේට් එකයි අතරත් ගාන්න ඕනේ.

    ඒවගේම බල්බ් එකයි මතුපිටයි අතර හොදින් ස්පර්ශ වෙන විදිහට බල්බ් එක තද කරලා පාස්සන්න ඕනේ. එතකොට හීට් සිංක් එකට හොදට තාපය උරාගන්න නිසා බල්බ් එක රත් වෙලා පිච්චෙන්නෙ නෑ.

    3) එලිය මදි කම.
    මේ ගැටලුව ඇති වෙන්නේ ගොඩක් වෙලාවට එස්එම්ඩී වල. ඒ නිසා උඩ විස්තර කරා වගේ 1w led පාවිච්චි කරන්න. ඒ විතරක් නෙවෙයි ලාබෙට තියන ලුමිනස් (දීප්තිය) එක අඩු 1w led ගන්නෙ නැතුව ලුමිනස් එක වැඩි හොද බල්බ් එකක් තෝරලා ගන්න.
    දැන් ඔය ඔක්කොම හරි කියමුකෝ. දැන් තියන ප්‍රශ්නේ තමයි කොහොමද එක බල්බ් එකක් අව්රුදු බර ගානක් පාවිච්චි කරන්නේ කියන එක. :D :cool: හරි විදිහට පාස්සපු බල්බ් එකක ආයුකාලය සීඑෆ්එල් එකකට සාපේක්ෂව ඉතාමත් වැඩී. ඒ නිසා ගේක පාවිච්චියේදී අව්රුදු 10 ක් වත් බල්බ් ටික ඔරොත්තු දෙයි. ඊට පස්සේ බල්බ් ටිකට කෙල වෙලා ගියත් මොකද. අලුත් බල්බ් ටිකක් අරං පාස්සනවා. ඒකට ඕනි නම් රුපියල් 100 ක් 150 ක් විතර යයි. (7w සදහා)

    ඊලග ගැටලුව තමයි සර්කිට් එකේ එන්න පුලුවන් දෝශ. ගොඩක් වෙලාවට සර්කිට් එකේ කෙල වෙන්නේ කැපැසිටර් තමයි. එහෙම වුනොත් ඒ වෙනුවට අලුත් කැපැසිටර් එකක් හරියට +,- බලලා පාස්ස ගන්න විතරයි තියන්නේ. ඒකට ඕනි නම් රුපියල් 15 ක් යයි. :)

    එල්ඊඩීබල්බ් අනිත් බල්බ් එක්ක සන්සන්දනාත්මකව බලද්දි මෙන්න මේ වගේ වාසි දකින්න පුලුවන්. :)
    LED_CFL_Halogen_Comparison.jpg



    එළ මචන්..සිරාවටම වැදගත් පෝස්ට් එකක්.. රෙප් +
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    මචන් මම 1W/3W LED ebay එකෙන් ඔර්ඩර් කරා...circuit boeard & power supply හොද තත්වේ ඒවා ගන්නේ කොහෙන්ද ඒවත් දාපන්කෝ.!!!!