විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Good Post bro :)

    මගේ තියනවා 7w , 9w bulb කීපයක්ම පොඩි පොඩි අව්ල් තියන. බලන්න ඕනේ හදාගන්න පුලුවන්ද කියල.
    කරුමේ කියන්නේ electronic කියන ඒවා මට තේරෙන්නෙම නැ බන්. මේ පාරනම් වැඩේට අතගහන්නම ඕනේ.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    මම ebay එකෙන් 1W/3W LED 50 order කර...මට ගෙදරටම හදාගන්න..
    හොද තත්වයේ power supply ,thermal compound ,heatsink e සෙට් එක කිඑයක් වගේ වෙනවද..එබේ එක නැද්ද බන් හොද ඒවා ගත්ත එකෙක්..???
     
    srimalSSS

    Member
    Nov 11, 2015
    91
    4
    0
    මම ebay එකෙන් 1W/3W LED 50 order කර...මට ගෙදරටම හදාගන්න..
    හොද තත්වයේ power supply ,thermal compound ,heatsink e සෙට් එක කිඑයක් වගේ වෙනවද..එබේ එක නැද්ද බන් හොද ඒවා ගත්ත එකෙක්..???

    samahara ewa ebay ekata wada mehe ganan adui ban
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩේ මාත් ඔය වැඩේ කරන්න හෙන ආසයි ඒත් පාස්සන්න ගියාම කෙලවෙනව.

    මට හරියට පාස්සන් හැටි කියල දියන්.
    ඊයම් කොච්චරවත් බව්ත් එකේ ඇලෙනෙවනේ. අපි හිතමු කම්බි 2ක් පාස්සන්න යනව කියලා. ඊයම් කම්බි වල හිටින්නෑ බව්තෙකටම ඇලෙනව. ඉතින් හත්පොලේ ගාගන්න ඕනෙ වැඩක් කරන්න ගියාම. :angry::angry:

    එහෙම වෙනවනම් flux ටිකක් ගාලා ඉන්න කම්බි වල. එහෙම නැත්නම් පාස්සන්න තියෙන කම්බි දෙක එකතු කරලා බවුත් එකත් එතනටම තියලා, ඊයම් කම්බියත් එතනටම තියන්න. මොකද ඔය ඊයම් කම්බිය හදල තියෙන්නෙ බටයක් වගේ. ඇතුලෙ flux පුරවල තියෙනවා. ඉතින් අරෙහෙම කලාම ඒ flux උණු වෙලා කම්බියට ඊයම් බදනවා හොඳට
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    මම ඉබේ එකක්න් ඕඩර් කරපු බල්බ් ටික ආවා....

    0a5ee1c7fb.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes:
    අනිත් එක සෙරමික් බිට් එකක් බව්ත් එකට ගන්න පුලුවන් නම් ඊයම් ඇලෙන ප්‍රශ්නය අඩු වෙනවා. බිට් එක නිතරම පිරිසිදුව තියාගන්න ඕනේ. ටිකක් පුරුදු උනාම ඕක නිකංම හරි යනවා.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    තම නැහැ බන් මගේ බවුත් ඔක්කම් නැහැ එක එකාට දීලා...ක්ලිපොන් එක හිටන් මිසින්..මම එබේ එකෙන් සැහෙන බදු වගයක් ඕඩර් කරා...ගැස් බවුත් එකකුත්...
    මට බල්බ් එකේ හැදෙ තියෙන ආවරණය කොහෙන්ද බන් ගන්නේ ??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ඉබේ එකක්න් ඕඩර් කරපු බල්බ් ටික ආවා....

    මතක ඇතුව හීට්සිංක් කම්පව්න්ඩ් ගාලා හොදට තදට හිටින්න පාස්සන්න. බල්බ් වල කොලිටි එක නම් හොදයි වගේ පේනවා. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තම නැහැ බන් මගේ බවුත් ඔක්කම් නැහැ එක එකාට දීලා...ක්ලිපොන් එක හිටන් මිසින්..මම එබේ එකෙන් සැහෙන බදු වගයක් ඕඩර් කරා...ගැස් බවුත් එකකුත්...
    මට බල්බ් එකේ හැදෙ තියෙන ආවරණය කොහෙන්ද බන් ගන්නේ ??

    පිටකොටුවේ පළවෙනි හරස්වීදියේ තියනවා මචං.
    අඩේ ගෑස් බව්ත් එක ආවම විස්තර ටිකක් දාපං ඈ..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    පිටකොටුවේ පළවෙනි හරස්වීදියේ තියනවා මචං.
    අඩේ ගෑස් බව්ත් එක ආවම විස්තර ටිකක් දාපං ඈ..
    එල මම දාන්නම්...
    කොටුවේ මචන් ඒ ප්ලාස්ටික් කවරේ ගානට ඇතුලේ පැක් කරන්න පුලුවන්ද සර්කිට් එකටයි pcb එකයි බල්බ් ටික පාස්සපු..උබ assemble karapu එකක පොටෝ දාපන්කෝ පුළුවන් නම් අවුල් නැත්තම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මම දාන්නම්...
    කොටුවේ මචන් ඒ ප්ලාස්ටික් කවරේ ගානට ඇතුලේ පැක් කරන්න පුලුවන්ද සර්කිට් එකටයි pcb එකයි බල්බ් ටික පාස්සපු..උබ assemble karapu එකක පොටෝ දාපන්කෝ පුළුවන් නම් අවුල් නැත්තම්

    මචං ඕකට එන්නේ ප්ලාස්ටික් කවරේ නෙවෙයි. ඇලුමිනියම් හිට් සිංක් එකත් එක්ක එන එක. ප්ලාස්ටික් කවරේ දැම්මොත් ඔය බල්බ් එකේ රස්නේ උරාගන්න විදිහක් නෑනේ.
    මෙන්න මෙහෙම සෙට් එකක් තියන්නේ
    diy-e27-7w-led-lamp-shell-kit-7-1w-led-lighting.jpg

    1.0x0.jpg

    ඔය පහල තියන සුදු පාට රව්මේ +, - ගහලා තියනවා. ඒවට බල්බ් ටික පැත්ත මාරු නොකර පාස්සලා ගන්න
    1-set-1W-3W-5W-7W-9W-12W-15W-18W-21W-24W-30W-36W-font-b.jpg

    ඩ්‍රයිවර් සර්කිට් එකේ (රතු) +, (සුදු) - බලලා කනෙක්ෂන් එක දෙන්න විතරයි තියන්නේ මචං. බල්බ් පාවිච්චි කරද්දි බල්බ් එකයි, ඔය තහඩුවයි හොදට ඇලිලා හිටින්න වගේ තියෙන්න තමයි හීට්සිංක් කම්පව්න් දාන්නේ.
    New-220V-240V-5-15-1W-Dimmable-LED-Driver-5W-7W-9W-10W-12W-15W-lamp.jpg

    ඩ්‍රයිවර් සර්කිට් එකේ සුදු වයර් දෙකට තමයි හෝල්ඩර් එක හරහා කරන්ට් එක දෙන්නේ. ඒ නිසා සුදු පාට වයර් දෙක හෝල්ඩර් එක හයිවෙන කොටසට සම්බන්ධ කර ගන්න ඕනේ.
    අනිත් පැත්තේ +, - වයර් දෙක අර රව්මේ මැද තියන +, - කියන තැන් දෙකට පාස්සන්න ඕනේ.

    ඩ්‍රයිවර් සර්කිට් එක ගනිද්දි ඔයා ඇසෙම්බල් කරන බල්බ් එකේ තියන වොට් ගාන අනුව ගන්න.
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ටොමා වෙලාවක දාපං පුලූවන් නම් වයර් පෑස්සුම් ටෙක්නික් කොහොමද පිලිවෙලකට පෑස්සුම් කරන්නේ කියලා බවුත් එකක් තොරා ගැනිමේදි බලන්න ඕනා දේවල්

    උඹගේ වයරින් ත්‍රේඩ් 2 බලන්නත් බැරිවුනා පස්සේ වේලාවක බලලා කොමන්ටුවක් දාන්නම්

    :):):)